තාදී ෂෙරීන්ව වැළඳගෙන බොහෝ වේලා හැඬුවාය.ධීර ද ඒ දෙස බලා උන්නේ කඳුළු පිරි දෑස් වලිනි. තාදී දැන් තනි නැත යන සතුටුදායක හැඟීම ධීර ගේ සිත වෙලා ගෙන තිබුණි.
ෂෙරීන් සමග කතාබහ කළ ධීර තාදීව කැටුව යාමට වාහනය වෙත ආවේ බොහෝ හැඟීම් සහිතවය. මෙවැනි වූ සතුටුදායක ආරංචියක් තාදී වෙත පවසන්නේ කෙසේද...
මිෂෙල් කාමරයට වී සිවිලිම දෙස බලාගෙන කල්පනා කරමින් උන්නාය. වසන්ත කුමන පොරොන්දුවක් දී තිබුණත් ධීර ව නම්මා ගැනීම පහසු නැත. තම පියා පැවසූ ආකාරයට අතීතයේදී තමා විසින් සිදු කළ බොහෝ දේවල් දැන ගත් පසු විවාහ වීම සඳහා තරුණයකු සොයා ගැනීම ලෙහෙසි කාරණාවක් නොවේ. එම නිසා මේ ලැබුණු අවස්ථාව අතහැර...
මිෂෙල් නිවසේ පිහිනුම් තටාකය අසලට වී ඔහේ බලා උන්නාය.තමා දින දෙකකින් පමණ නිවසින් එළියටවත් ගියේ නැත. ධීර ට කතා කළේ හෝ නැත.අඩුම තරමේ වසන්තවත් නිවසට ආවේ හෝ නැත. එහෙත් මේ ආකාරයෙන් සිටියහොත් තමා ඉබේම පරාජය වනු ඇතැයි මිෂෙල් සිතුවාය.
වෙනදාට වඩා නිහඬව සිටින දියණිය ගැන රූපසිංහට එක් අතකින් දැනුනේ කම්පාවකි....
වසන්ත ගේ අසාධාරණ වචන හමුවේ ධීර සූදානම් වූයේ ඇත්තටම නිවසින් පිටවන්නටය.ඔහු වහාම කෑම මේසයෙන් නැගී සිටියේ එහෙයිනි.
" අනේ පුතා "
ජයමිණි හඬමින් ධීර ගේ අතේ එල්ලුනාය. ධීර මොහොතකට නතර වූයේ ඒ මව් සෙනෙහස හමුවේය. නිවසේ රැඳෙන්නට එකතු හේතුවක් හෝ තිබෙනවා නම් ඒ තම මව පමණි. මේ නිවස තුළ තමාට සැබෑම...
" මිෂෙල් අච්චර විනාසයක් කරල තියෙද්දිත් තාදී ගිහින් එයාව බේර ගත්තා. ඒත් මිෂෙල්ට එයා කරපු දේ ගැන කිසිම ලැජ්ජාවක් වත් පසුතැවීමක් වත් තිබ්බෙ නෑ අම්මා. තාදී නිසා ඉවසුවා. මට වගේ ඔහොම කරානම් මං දන්නව කරන දේ "
ධීර උදෑසනම අවදි වී ජයමිණි සමග කතා කිරීමට මුළුතැන්ගෙය දෙසට ආවේ පෙරදින රාත්රියේ...
තාදී ධීර සමඟ පොලිසියට යන විට මිෂෙල් ව සිර මැදිරියට දමා තිබූ අතර ඇය උන්නේ හැඬූ කඳුලෙනි. රූපසිංහ , වසන්ත සහ රූපසිංහ ගේ නීතිඥවරයා වූ මුදුන්කොටුව මිෂෙල් ට ඇප ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි අතර එය තරමක් අසීරු වූයේ සිද්ධිය සිදුවූ මොහොතේ ඔවුන් ඔවුන් තාදීට අනතුරක් කිරීමට ද උත්සාහ...
මිෂෙල් උන්නේ තමා කළ වැරැද්ද පිළිබඳව පසුතැවීමෙන් වුවත් ධීර සහ තාදී කෙරෙහි වූ අසීමාන්තික වෛරය ඇගේ සිතෙන් පහව ගොස් තිබුණේ නැත. තම පියා වැඩි වේලාවක් තමාට සිර මැදිරියෙහි සිටින්නට ඉඩ නොතබන බව දැඩි ලෙස විශ්වාස කළ නිසාත් , මිෂෙල් පොලිස් ජීප් රථයෙන් බැස පොලිසියට ඇතුළු වෙද්දීම ඊට පිටුපසින් රූපසිංහ...
වසන්ත ජයමිණි සමඟ මිෂෙල් ගේ නිවසට ගියේ විවාහය පිළිබඳව වැඩි දුර තොරතුරු සාකච්ඡා කර ගැනීම සඳහා ය. වෙන කරන්නට දෙයක් නොමැති කමට මේ ගමනට සහභාගී වූවාට ජයමිණි සිතුවේම තාදී ට සිදු වී ඇති කරදරය පිළිබඳවය.මේ මොහොතේ වචනයකින් හෝ තාදීට ශක්තියක් වන්නට තිබුනා නම් යැයි ජයමිණි අනේක වාරයක් සිතුවාය. වචනයෙන්...
" නාලක කියලා පොරක් එක්ක තව පොරක්ව arrest කරලා මචං. උඹට දැන් එන්න පුළුවන්ද? අපිට පොලිසියට යන්න වෙයි "
ආයුශ් දුන් ආරංචිය අනුව ධීර තවත් මොහොතක් හෝ ප්රමාද වූයේ නැත. ඔහු එසැණින් නැවතත් වාහනයට නැග පිටත් වූයේ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තන් ගේ සැබෑ අරමුණ සහ ඔවුන් මෙය කාගේ...
" ඇයි ? "
වසන්ත කෑම සාලයේ සිට ඉදිරියට ආවේ ධිර ගේ හඬ ඇසීය. ඔහුගේ මුහුණේ වූ වෙහෙසකර බවත් එය පරදා නැගෙමින් තිබෙන කෝපයත් හඳුනා ගන්නට වසන්තට අපහසු වූයේ නැත. කුමක් හෝ සිදුවී ඇති බව ඉවෙන් මෙන් හඳුනා ගත්තත් වසන්ත බලා සිටියේ ධීර යමක් කියන තුරුය
" මං හිතුවේ නෑ තාත්තා...