තාදී

තාදී උන්නේ කම්පනයෙනි. තම ජීවිතයේ අර්ධයක් බිමට කඩා වැටුණා වැනි හැඟීමක් ඇයට දැනෙමින් තිබුණි. සැනසීමකට තිබුණේ ධීර ඒ මොහොතේ ළඟ සිටීම පමණි. ධීර විසින් ගයාත්‍රීට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව එළිවන මොහොතේම ගයාත්‍රී පැමිණියාය. වසර ගණනාවක් පුරා සේවය කළ ආයතනයට වී ඇති මහා විනාශය දුටු ගයාත්‍රී ද හඬා වැටෙන්නට...
රාත්‍රී දොළහ පමණ වනතුරු තාදී ඇඳුම් නිර්මාණ කිහිපයකට අදාළ කටු සටහන් කිහිපයක් අඳිමින් කාලය ගත කළාය.ඒ සෑම මොහොතකම ධීර ඇගේ සිත පුරාම ලැගුම් ගෙන හුන් අතර ඔහුගේ පියාගේ අකටයුතුකම් නිසා පීඩාවට ලක් වී සිටින ඔහු කෙරෙහි තාදී ට දැනෙමින් තිබුණේ ශෝකයකි. මිෂෙල් ගේ පියාට වූ පොරොන්දුව හැරුණු කොට වසන්තට...
ධීර සහ තාදී බලාපොරොත්තු වූ පරිදි මිෂෙල් ගජසිංහ නිවසට ගියේ නැත. එහෙත් මිෂෙල් ආපිට නිවසට ආවේ පරාජය භාර නොගන්නා බවට තමාගේම සිතට පොරොන්දු දෙමිනි. " කොහෙද දුව ඔයා ගිහින් හිටියේ ? " මිෂෙල් ගේ මව ඉදිරියට ආවේ මිෂෙල් ගේ වාහනයේ හඬ ඇසීය. මිෂෙල් නිදන කාමරයේ නැති බව දැක ඇයට කිහිප වරක්ම...
මිෂෙල් උන්නේ ඉදිරියට පැන ධීර ගේ කම්මුලට පහරක් ගැසිය හැකි තරමේ කේන්තියකිනි. ධීර උන්නේද ඉවසීමේ සීමාවේ අගිස්සේ ය. ඔහු තරමක හෝ ඉවසීමෙන් සිටියේ මෙය තාදී ගේ ව්‍යාපාරික ස්ථානය නිසා ය. තමා මෙහි හැසිරෙන ආකාරය සෘජුවම ඇයට බලපාන නිසාය. " වසන්ත අංකල් ඊයේ රෑ අපේ ගෙදර ඇවිල්ලා කිව්වේ නම් කොහොමද ?...
මිෂෙල් උදෑසන සිටම ධීර ව සම්බන්ධ කර ගන්නට උත්සහ කරත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත. මිෂෙල් ඇඳෙන් නැගිට සූදානම් වූයේ හෝටලයට ගොස් හෝ ඔහුව මුණ ගැසීමට අධිෂ්ඨාන කර ගෙනය. " බලමුකෝ දැන් එයා නටන හැටි "  මිෂෙල් ඇත්තටම උන්නේ ධීර කෙරෙහි කෝපයකිනි. තමාට උවමනා දේ කෙසේ හෝ කර ගැනීමට ඇය කල්...
  වසන්ත ගජනායක සහ ජයමිණි ගජනායක රැගත් රිය Clothez ඉදිරිපිට නවත්වන විට උදෑසන 11 පමණ විය.ජයමිණි උන්නෙ  ගැහෙන හදිනි. වසන්ත ස්වභාවයෙන්ම ඉක්මන් කේන්ති කාරයෙකු නිසා තාදී ට අපහාස වන අයුරින් හැසිරේ යැයි ජයමිණි බියෙන් උන්නා ය. Clothez වෙත පැමිණෙන්නට වසන්ත පාර ඇසුවේ නුගේගොඩ දෙසට ආසන්නට වන්නට ඔන්න මෙන්න තිබියදී ය....
ධීර වෙනදාටත් වඩා උදෑසන සූදානම් වී Clothez වෙත ආවේ පෙර දින සිදුවූ සිදුවීම් නිසා බර වූ සිතිණි. තාදීව දුටු විට සියලු දුක් දෝමනස්සයන් පලා යන බව අත්දැකීමෙන්ම දන්නා නිසා වසන්ත අවදි වීමටත් පෙර ධීර නිවසින් පිට වූයේ ය. දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ කාලයේ මිෂෙල් ගෙන් මගහැරුණු දුරකථන ඇමතුම්...
" මමත් වසන්තට වචනයක් දුන්න නිසා තමයි සද්ද නොකර බලාගෙන හිටියේ. මොනා වුනත් අපේ කෙල්ල නං ඉන්නෙ හොඳටම හිත රිදිලා "  රූපසිංහ කතා කලේ මිෂෙල් අතින් කිසිදු වරදක් නොවී ඇති ආකාරයටය. වසන්තට වුවමනා වූයේ කෙසේ හෝ තීන්දු කරගත් විවාහය සිදුකර ගැනීමටය. ධීර කෙරෙහි උපන් කෝපය සිත යට සඟවාගෙන රූපසිංහ මුණගැසීමට...
ධීර හිතට ධෛර්ය ගත්තේ ආයාසයෙනි. කෝපයට පත් වී සිටින පියා පසු පසින් සිට ගෙන මුවත්තියක සේ බියෙන් බලා හිඳින මව ගැන ධීර ට දැනුනෙ අප්‍රමාණ අනුකම්පාවකි. වසර ගණනාවක් මුළුල්ලේ ඇය කරබාගෙන සිටියා සේ සිටියහොත් තමාට අහිමිව යන්නේ තම ජීවිතයම බව අවබෝධ කරගෙන හුන් ධීර අඩියක් ඉදිරියට තැබුවේ ය. " මං...
වසන්ත උන්නේ කෝපයෙන් රත්වී ගෙනය. මිෂෙල් පිටව යන තෙක් ඉවසීමෙන් හුන් වසන්ත ගෙතුළට ආවේ කෝපයෙන් වෙවුලමිනි. ජයමිණි උන්නේ සාලයේ කොනකට වන්නට ඇති හාන්සි පුටුවේ සිට සුපුරුදු පරිදි පොතක් කියවමිනි. " ජයමිණි "  වසන්ත ගේ උස් හඬට ගැස්සුණු ජයමිණි පොත වසා දමා නැගිට වසන්ත වෙත ආවේ කුමක් හෝ සිදුවී ඇති බව සිතමිනි....