විහඟ පියාපත්

අකලංක සවස නවාතැනට පැමිණියේ දැඩි වෙහෙසකිනි. බන්ධනාගේ ඇසුර නිසා වූ මානසික වෙහෙස උපරිම විය. අකලංක එහෙමම යහනට වැටුණේය. අනතුරුව යමක් සිහිවූවාක් මෙන් කුඩා පරිඝනකය පාන ගන්වා එහි මුහුණු පොතට එබුණේය. සිතුවා සේම, ඇය; ශයිනි අන් ගිණුමකින් අමයුරු වෙත පණිවිඩයක් එවා තිබුණි. "අනේ මිස්ටර් අමයුරු , මට ඔයාට රීච් වෙන්න බැහැනේ......
ශයිනි හෝටලයේ නොමැති වගට තහවුරුවක් ගැනීමට අකලංක ට තිබූ එකම ක්‍රමය ඇයට කෙටි පණිවිඩයක් යැවීම වු නිසා අකලංක අමයුරු දිසානායක ගේ ගිණුමට පිවිසියේ ය. ඇය සිටින්නේ නුවර සිට පැමිණෙන අතර වාරයේ වග පැවසිණි. යම් කාරණා කිහිපයක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නිසා සවස හයට පමණ  මැසෙන්ජර් ඇමතුමක් ගන්නා ලෙස පවසා අමයුරු...