විහඟ පියාපත්

තිළිණි උදෑසන ඇහැරෙද්දී ගත පුරාම පැතිරුණ වේදනාව අඩු නැතිව තිබුණි. ඉන්නේ කොහිදැයි එක්වරම අවබෝධයක් වූයේ නැත. ඕ වහා දෑස් විවර කර වටපිට බැලුවාය. තමාට පසෙකින් මුනින්තලා නිදා සිටින චරිත්ව ඕ දුටුවේ එවෙලෙහිය. ඕ දඩිබිඩියේ නැගිට්ටාය.  ඇය නැඟිටිද්දී දැනුන ස්පර්ශයෙන් චරිත්ගේ නින්දද අවසන් වුයේය. ඔහු ආපසු පෙරළී තිළිණි දෙස බලා උන්නේ...
අකලංක  යලි ජංගම දුරකතනය ගෙන ගීතයක් වාදනය වන්නට හැරියේය.  දිනය පුරා ශයිනි හා සමඟ වූ මුණ ගැසීම් සිහිවන්නේය. ඇය හා වූ සම්මුඛ වීම් තමා තුළ යම් කැළඹීමක් සිදු අර ඇති බව අකලංක පිළිගත්තේ තමා සමඟම කෙරූ සංවාද එක්කය. එසේ නොවන්නට මින් සුලු මොහොතකට පෙර සිදුවූ සංවාදය ගොඩ නැගෙන්නේ නැත.  අමයුරු...
ශයිනි අකලංක දෙස බලා සිටියදි ඔහු ඇය තුළට  පිවිසෙනවා වැනි හැඟීමක් පිටතින් බලා සිටින්නෙකුට පෙනේ. ඇය උන්නේ එතරම් කලබලයකිනි. ඔහු උන්නේ කිසිඳු කලබලයක් නැතිවය.  තත්පර තිහක් පමණ එලෙස ඉන්නට ඇත.ඔහු කිසිත්  නොපවසා සිනාසී හිස මදක් පසෙකට  ඇල කර ඇය පසු කර ගියේය. ශයිනි පියවි සිහියට එළඹියේ තිළිණි ගේ හඬිනි. "මොකෝ.. මේ...යකෙක්...
රූගත කිරීම් ඇරඹී තිබුණේ උදෑසන හය වෙද්දීමය.  ශයිනිගේ දෙමාපියන් කොළඹ බලා පිටත්ව ගොස් තිබුණි. ශයිනි කෙටි ගවුමකින් සැරසුණාය. එදින කාර්‍යමණ්ඩල රැස්වීමේ පළමු අදියර පැවැත්වීම ට නියමිතව තිබුණ නිසා තිළිණි උන්නේ කැබිනය තුළ ශයිනි බලාපොරොත්තුවෙනි. දෙදෙනා එක්ව පසුගිය මාසය තුල කාර්‍යමණ්ඩලය තුළ ඇතිව තිබූ අර්බුධකාරී අවස්ථාවන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් තවදුරටත්...
රූගත කිරීම් ඇරඹෙන්නට නියමිත දිනයට පෙර දිනයේ සවස කණ්ඩායම හෝටලය වෙත පැමිණෙද්දී ශයිනි ගේ දෙමාපියන් ද එහි පැමිණ උන්නේ ශයිනිගේ පියාගේ මිතුරාගේ හිතවත්කම් එක්කමය. තාත්තා උන් නිසා ශයිනිට වගකීම් බිම තබන්නට ඉඩ ලැබී තිබුණි. ඕ සැහැල්ලු මැක්සි ගවුමක් හැඳ,කොණ්ඩය නිදහසේ මුදා හැර උන්නාය.  "නිළිය මෙහෙන් ගනීවිද දන්නේ නැ..." චරිත් තිළිණි ට...
ශයිනි ජංගම දුරකතනය විසන්ධි කර දමා දෑස් පියාගෙන අසුනට හේත්තු වූවාය.  ඔහු පවසන්නට සූදානම් නැත. එසේනම් මෙය මෙතැනින් අවසන් කල යුතුය.  නිවෙසට පැමිණි වහාම ඕ කලේ අමයුරු ගේ ගිණුම තම ව්‍යාජ ගිණුමෙන්ද අවහිර කර දැමීමය.  යමක් අවැසි වග දැනෙද්දී, එය අනවශ්‍ය වග සිතට දැනෙන්නට හැර මඟැර යාම කෙතරම් අපහසුදැයි ශයිනි දනී....
අමයුරු කවරෙකුදැයි කෙලෙසක හෝ සොයාගන්න බවට චරිත් පොරොන්දු වූවාට  පසු තමාට දැනෙන හැඟීමට ශයිනි නමක් දැන උන්නේ නැත. යම් සැහැල්ලුවක් ;  ඔහුගෙන් පලි ගැනීමට අවශ්‍ය නැත. එහෙත්, ඔහු එවැනි ලිපියක් සම්පාදනය කිරීමේ හේතුව දැන ගත යුතුය. ඔහු සොයා ගන්නාතුරු ඒ ලිපියේ සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තමාම සොයා...
ශයිනි දඩිබිඩියේ ඇඳෙන් පැන්නාය. ඒ ගමන්ම තිළිණි ට ඇමතුමක් ගත්තාය. තිළිණි ඇමතුම ට පිළිතුරු දුන්නේම බැණ වදිමින් වුවද ශයිනිට අමුතු උද්‍යෝගයක් දැනෙමින් තිබුණි. තිළිණි ඇමතුම විසන්ධි කලේ අකලංක ගේ ෆේස්බුක් ගිණුම සහ මොණරවිල හොටෙල්ස් හී ගිණුමද බලන මෙන් පවසමිනි. සියල්ල යහපත් අතට හැරෙන්නට නම් සියල්ලෝම නිවැරදි බව ඔප්පු වන තෙක්...
අකලංක සහ ප්‍රබාත් මොණරවිල හොටෙල්ස් වෙත පැමිණෙද්දී උදෑසන ආහාර අවසන් ව තිබුණි. එහෙත්, අකලංක වෙනුවෙන් විශේෂ ආහාර වේලක් සකසන්නට එවෙලෙහි හෝටලය තුළ සේවයේ යෙදෙමින් උන් සියලු දෙනාම එක ගොඩට එක් වූවායැයි කිවහොත් එය වඩා නිවැරදිය.  පෙර දිනයේ කිසිඳු වෙස් මාරුවකින් පැමිණි නිසා අද ප්‍රබාත් උන්නේ මුහුණ වැසෙන්නම රැවුල අලවාගෙන, කැප්...
චරිත් ශයිනි ට බැන වැදුණෙ ඇය තම ප්‍රධානියා වගද අමතක කර දමමමිනි. එහෙත් ක්ශණිකව පියවි සිහියේ එලෙඹෙමින් ඔහු ශයිනිගෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් ශයිනිට චරිත්ගේ බැණවැදීම ගැන එතරම් විස්සෝපයක් තිබුනේ නැත.  ඒ වෙනුවට ඇය දැවෙමින් උන්නේ වෙනමම වේදනාවකින්‍ ය. නොසිතූ මහා විපර්යාසයක් සිදුවී අවසන් වග ඇයට දැනෙයි.කැබින් එකෙන් පිට පරිසරයේ...