විහඟ පියාපත් 12

රූගත කිරීම් ඇරඹෙන්නට නියමිත දිනයට පෙර දිනයේ සවස කණ්ඩායම හෝටලය වෙත පැමිණෙද්දී ශයිනි ගේ දෙමාපියන් ද එහි පැමිණ උන්නේ ශයිනිගේ පියාගේ මිතුරාගේ හිතවත්කම් එක්කමය. තාත්තා උන් නිසා ශයිනිට වගකීම් බිම තබන්නට ඉඩ ලැබී තිබුණි. ඕ සැහැල්ලු මැක්සි ගවුමක් හැඳ,කොණ්ඩය නිදහසේ මුදා හැර උන්නාය. 

“නිළිය මෙහෙන් ගනීවිද දන්නේ නැ…”

චරිත් තිළිණි ට ඉඟි කරමින් කීවේ ශයිනි අවුස්සවා ගන්නටත් එක්කය. ශයිනි දෙදෙනාටම විරිත්තා පසෙකට සිනාසුණාය.

“ඇක්ට්‍රෙස් එන්නේ අර සඳ දෙවු දූ එකේ කෙල්ලලු… එයා එක්ක හැරෙන්නවත් පුලුවන් ද යකෝ මට ..”

ඉන් පසුව ශයිනි දෙදෙනාටම කීවේ, මවාගත් වේදනාවක්ද පෙන්වමිනි. 

“එව්වා කියන්න බෑ.. එදා අකලංකයා ඉඳිආප්ප පිඟාන බඳාගෙන ෆොටෝ වලට දත් තිස්දෙකම පෙන්නුවේ නිකන් වෙන්න බෑනේ.. තකහනියේ මෙහෙ ඇවිල්ලා, ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න දාගත්තා කියලා හෙන පචේකුත් කියලා , ඉඳිආප්ප පිඟානක් උස්සන් ෆොටෝ එකකටත් ඉඳලා ගියේ නිකම්ම වෙන්න බෑනේ… කවුද දන්නේ ඇප්‍රෝච් ද කියලා …”

චරිත් මහ හඬින් පවසද්දි තිළිණි ඔහුගේ මුව වැසුවාය. ශයිනි චරිත් ගේ කියවිල්ලට මුව අගින්, සිනහවක් පෑවාය. 

“විකාර මූට නම්.. බැරිද මේකෙ ඉන්න ගමන් පාර්ට් ටයිම් පත්තරේක වැඩටවත් යන්න… ශෝක් එකට මවන්න හැකි….”

ශයිනි එවර පැවසූවාය.  එයට නම් චරිත් දුන්නේ සැබැවින්ම ම ශයිනිට රිදෙන පිළිතුරකි.

“අමයුරු දිසානායක වගේද ?’

එහෙත්  ශයිනි රිදුම සඟවාගත්තාය. නොදන්නා අමයුරු දිසානායක සිහින් රිදුමක් තනන බව ඇයට පිළිගන්නට විණි..

” කෝම හරි, මේ ලැබුණ චාන්ස් එක ෆුල් පොසිටිව් පාවිච්චි කරමු …”

තිළිණි එවර කතාබහට පැන්නාය. ශයිනිද ඇය හා එකඟව ජංගම දුරකතනයෙහි ඔබාගෙන උන් දෑස් ඔසවා බැලුවාය.

” ඔව්.. අංකල් සිරිවර්ධන කිව්වා ඕනි දෙයක් කතා කරලා ඇරේන්ජ් කරගන්න කියලා … බොහෝ විට ඊළඟ ශූටින් වලට අපේ කටුනායක ගාර්මන්ට්ස් සෙට් වේවි කියලත් කීවා.. ඒකේ තාම ලොකේශන් ෆයිනලයිස් නෑලු….”

ශයිනි අනෙක් දෙදෙනා දැන නොසිටි කාරණාවක් කීවාය. දෙදෙනාම එය අසා උන්නේ  සිනාමුසුවය. සියල්ල යහපත් ලෙසින් විසඳගන්න ට ඉඩ ලැබේනම් ඉන් තම අනාගතය සේම ශයිනි ගේ බලාපොරොත්තු ද සුරක්ෂිත වන බව දෙදෙනාම දනී.

අකලංකලා පැමිණි වෑන් රිය පැමිණියේ, සවස හයත් පසුවූ පසුවය. ඔවුන් පැමිණෙන තෙක් රැඳී සිටින්නට තීරණය කල නිසා ශයිනිලා ද හෝටලයේම රැය ගෙවන්නට තීරණය කර තිබුණි.  

අකලංක ශයිනිට හඳුන්වා දුන්නේ චරිත් විසිනි. ඔවුන් මින් පෙර හමුවූ මතකයෙනි. අකලංක ඉතා හොඳ රංගනයක නියැලෙමින් ඇය පළමු වරට හමුවූ සෙය්යාවෙන් ම උන්නේය. 

ශයිනි උන්නේ කඩවසම්  තරුණයාගේ සැහැල්ලු ගති පැවතුම් පිළිබඳව පැහැදීමෙනි. ඔහු කාර්යමණ්ඩලයේ සගයන් සමඟ සෙල්ෆි චායාරූප වලට පෙනී සිටිමින්, සියල්ලන් සමඟ හිතවත්ව සිටියි. පැමිණ සිටි රංගන ශිල්පිනිය නම් ආහාර ගන්නට පැමිණෙන බව පවසා කාමරය තුළට වැදුණු නිසා අකලංක උන්නේ තනිවමය. රංගන කාර්‍ය්යට අදාල අනෙක් රංගන ශිල්පීන් කිහිප දෙනා පැමිණෙන්නේ ඔවුන්ගේ  පෞද්ගලික වාහන වලින් නිස තවත් ප්‍රමාද විය හැක.

අකලංක රාත්‍රී ආහාරය ගන්නට සූදානම් වෙද්දීම බන්ධනා පැමිණ ඔහුගේ අතක එල්ලුණේ ශයිනිලාගේ ඇස් විසල් කරවමිනි. ඉන් නොනැවතී ඕ ඔහු අභිමුව හුරුතල් වූවාය. අකලංක ඉන් පත්වුයේ මින් පෙර නොවූ අපහසුතාවයකට ය. ශයිනිගේ ඇස් විමතියෙන් ඇලලෙනු ඔහු හොඳින්ම දුටුවේ ය. ශයිනි වහා ඉවත්වූයේ අනෙක් දෙදෙනාද පසෙකට වී එතැනින් ඉවතට යද්දීය. කිසිවෙකු අකලංක පත් වූ අපහසුව නොදුටු නිසා බන්ධනා ඔහුගේ පෙම්වතිය බවට තහවුරු විය. 

“අකලංක බන්ධනා එක්ක යාලුවෙලා ඉන්නේ….”

එදින රැයේ පටන්ම ඕපාදුප ය එලෙස පැතිරුණි . ශයිනිද එය එලෙසින්ම විශ්වාස කලාය. දෙදෙනා රුවෙන්ද, තරාතිරමෙන්ද 

එකිනෙකා හා ගැලපේ. අනෙක් අතට අකලංක වැන්නෙක් හා සම්බන්ධතාවයක් නඩත්තු කිරීමට නම් බන්ධන තරමට ම රූමත් විය යුතුයැයි ඕ සිතුවාය. 

අකලංක කාමරයට වැදුණේ හිත් අමනාපයෙනි. බන්ධනා සීමා පනින්නීය. ප්‍රසිද්ධියේ තමා සමඟ දැවටෙන්නට උත්සාහ කිරීමෙන් ඈ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අකලංක දනී. එහෙත් එවැන්නකට ඉඩ දීමටවත් ඔහුට අවැසි නැත. 

ප්‍රබාත් ගේ පුවත්පතෙහි ටැබ්ලොයිඩ් අතිරේකයේ මුල් පිටුවේ චායාරූප වෙනුවෙන් පෙනී සිටි දවසේද ඕ මෙවන්ම හැසිරීම් පෙන්වූවාය. අතේ එල්ලෙමින්, ආහාර ගැනීම ගැන පවා ප්‍රසිද්ධියේ ම සොයා බලමින් ඕ කලේ අධි රංගනයක් වග ඔහුට එදිනද වැටහුණා වුව, ඉන් පසු දිනවල ඇය හා සම්මුඛ නොවීම නිසා ඒ සිද්දිය අමතකවම ගියේය.

 එහෙත්: දැන් ඇය සමඟ ගෙවීමට සිදුවන කාලය වැඩිය. එහෙම කාලයක ඇයට රිසි පරිදි හැසිරෙන්නට ඉඩ දීමෙන් හානි  වන්නේ තමාටය. ඒ නිසා තමා වටා ඇය නඩත්තු කල යුතු සීමාවන් පිළිබඳව අනිවාර්යයෙන් අනතුරු ඇඟවිය යුතුමය. 

බන්ධනා උන්නේ අකලංක සහ සමීප වන්නට ලැබුණ ඉඩ ගැන සතුටිනි. තමා අකලංක සමීපයේ දැවටෙද්දී එහි උන් හෝටලයේ අයිතිකාරිනිය යැයි කියා ගත් තරුණිය ගේ ඇස් කලබල වෙනු බන්ධනා දුටුවාය. ඇය වැනි ධනවත් යුවතියන්ට, අකලංක ලා වැනි ප්‍රසිද්ධ , කඩවසම් තරුණයන් අල්ලා ගැනීම අපහසු නැති වග ඕ සිතුවාය. එනිසාම ඇයට ලං  වන්නට ඉඩක් හෝ නැති තරමේ සම්බන්ධතාවයක් තමා සහ අකලංක අතරේ පවතින වග ඇයට පෙන්විය යුතුය.

අකලංක පවා තවම තමාට වචන දෙන්නේ නැත. මුල් කාලයේ පෙන්වූ දයාර්ද බවද ඔහු කෙරෙන් දැනෙන්නේ නැත. එනිසාම අකලංක ට ඇය කෙරෙන් පැමිණෙන යම් ආරාධනාවක් පිළිගැනීම සඳහා ඇති ඉඩකඩ වැඩි බව බන්ධනා කල්පනා කලාය.  ඒ සම්බන්ධතාවය ප්‍රේමය මත ගොඩනැඟුණා වුවද, ලිංගිකව බැඳීමක් පමණක්ම වෙනවා වුවද, අකලංක මුදා හරින්නට නොහැකි ලෝබකමකින් බන්ධනා පීඩා වින්දාය. 

ඇය හා සම්බන්ධතා පවත්වන මුදල් අඟහිඟ කම් නොමැති තරුණයන් අතරට අකලංක එල්වා ගන්නට බන්ධනාට අවැසි නැත. ඒ තරුණයන් ට බන්ධනාගෙන් අවැසි තාවකාලික සුවයක් පමණි. බන්ධනාට අවැසි තමා නඩත්තු කරන පන්තියේ පැවතීම වෙනුවෙන් මුදල් පමණි. ඒ දෙපස සමබර ව බෙදී ගිය පසු ඒ සම්බන්ධතා අවසන් ය. යළි ඒවා පණ ගහන්නේ අරකී කාරණා දෙකෙන් එකක් හෝ ඉස්මතු වූ පසුය.

එහෙත් අකලංක සමඟ අවැසි වන්නේ තාවකාලික සම්බන්ධතාවයක් නොවේය. ඔහු හා බැඳෙන්නට, ජීවිතේ හැම තත්පරයක් ම ඔහු හා ගෙවෙන්නට බන්ධනාට අවැසිය. ඔහුට ප්‍රේම කරනවාමදැයි හරී හැටිම නොදන්නවා වුවද, අකලංක වෙනුවෙන් ඉපදෙන ලෝබකමින් මිදෙන්නට බන්ධනාට ඉඩක් ලැබුණේ නැත. 

“ඔයා නිදිද ?”

ඕ අකලංක ට කෙටි පණිවිඩයක් යවා බලා උන්නාය. නිල් පාට ඉරි වැටුනද ප්‍රතිචාර පැමිණියේ නැත. තිරය දෙස බලා සිටිද්දී, තම හද ගැස්ම වේගවත් වන බව න

බන්ධනාට දැනෙයි.

ඔහු   තමා පිළිබඳව එතරම්ම නොසැලකිලිමත් ද ? 

සැනිණ් කෙටි පණිවිඩයක් පැමිණියේය. බන්ධනා ඒ දෙස බැලුවේ බලාපොරොත්තු පිරුණු දෑසිනි. ඒ අකලංක නොවේ. එහෙත්; බන්ධනාට මඟ නොහැරිය හැකි කෙනෙකි.

“ඩව්න් සවුත් ආවා කියලා දැක්කා.. මම වීකෙන්ඩ් හික්කා එනවා.. ශැල් වී මීට් ?”

බන්ධනා හා වැඩිම ශාරීරික සම්බන්ධතා පවත්වා තිබුණ තරුණයාගෙනි. ප්‍රසිද්ධ මෝටර් රථ අලෙවි සැල් ජාලයක හිමිකරුවෙකුගේ දෙටු පුතුය. ඇය උන්නේ බන්ධනා ගේ රූපය සහ ශරීරය පිළිබඳව උමතුවෙනි. එහෙත් දිගින් දිගටම බන්ධනා හා බැඳෙන්නට ඔහුට අවැඩි වූයේ නැත. රස සොයමින් ඇඳෙන බඹරෙක් විය. 

“ඕකේ.. ඩ්‍රාමා එකකට ආවේ.. ශෙඩූල් බලලා කියන්නම්…”

අකලංක මොහොතකට පසෙකට විසි විය. බන්ධනා යහනේ හරි බරි ගැහුණාය

“ඉතින් ; ගර්ල්… ආෆ්ටර් ෆෝර් මන්ත්…වගේ

..”

“ඊට වැඩියි… අපි කැන්ඩි ගියේ ජැනුවරි….”

බන්ධනාට ඔහු මතක තිබුණි. සැබැවින්ම  ඔහු වියදම් කල සීමාවන් මතක තිබුණා යැයි නිවැරදි වියයුතුය. 

“ඕහ්… එච්චරට මතකයි ?”

බන්ධනා එයට ස්ටිකරයක් යැව්වාය. සිප වැලඳගන්න යුවලක් දැක්වෙන ස්ටිකරයක් යළි යැව්වාය.

“අව්ස්සගන්න එපා ගර්ල්… දැන් ඇවිල්ලා උස්සන් යනවා….”

බන්ධනා යහනේ පෙරලුණාය. රැය නිදි නැති විය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles