fbpx

ළපෙති මල් -15

හිමංගි උණු තේ කෝප්පයක් රැගෙන පුස්තකාල කාමරයට ගියේ රහල් හිඳින්නේ එහි නිසා ය.ඔහු එනතුරු මඟ බලා හිඳින්නට තරම් ඇයට අලුත ගෙන ආ මනමාලියකගේ නුහුරු මිහිරියාවක් දැනෙන්නේ නැත.ප්‍රේමයක් ඇරඹු මුල්ම කාලයේ රහල් කළේ හිමංගි විසූ කුකුළු කූඩුවක් වැනි බෝඩිම් කාමරයෙන් ඈ මුදවා ඇයට මහල් නිවාස සංකීර්ණයක සුඛෝපභෝගී නිවහනක් රැගෙන දීම ය.රහල් ද බොහෝ දවස් එහි ගෙවා දැම්මේ ය.එනිසා විවාහය ලියාපදිංචි කර මේ නිවසේ පදිංචියට ඒම හිමංගිට අලුත ගෙන ආ මනමාලියකගේ සතුටක් ගෙන නොදුන්නේ ය.

“ජයන්ති උයලද?”

රහල් ඇසී ය.

“ඔව්..මං උදව් වෙන්න ගියා සර්.එයා කැමති නෑ..”

හිමංගි පැවසුවේ සිහින් හඬිනි.තේ උගුරක් බී මඳ වෙලාවක් සිටි රහල් හිමංගිට කාරුණික හඬකින් ඇමතී ය.

“ඔයා එයාගෙන් උදව් ගන්න.ඒත් එයාට අත් උදව් කරන්න අවශ්‍ය නෑ.ඔයාට උයන්න හිතෙනකොට තනියම උයන්න..”

හිමංගි මඳ වෙලාවක් නිහඬව සිටියා ය.

“ජයන්ති හැසිරෙන්නෙ හරියට ආච්චම්මා හැසිරෙන්න ඕන විදියට.”

මන්දාරාගේ මිතුරිය කාලයේ සිරිමා මැතිණියට ආච්චම්මා කියන්නට හුරු වී සිටිය ද ඇය තව දුරටත් ආච්චම්මා නොවන බව සිහි වූ හිමංගි අතකින් කට වසා ගත්තා ය.

“මට වැරදුණා සර්..මං කිව්වෙ සර්ගෙ අම්මා ගැන.මන්දි එක්ක එහෙ යනඑනකොට පුරුදු වුණු නම තාම කියවුණෙ..”

හිමංගිගේ කුඩා ලෝකය ගැන රහල්ට ඉපැදුණේ අනුකම්පාවකි.ඔහු ඇගේ හිස මෘදුව පිරිමැද්දේ ය.

“ආමන්ත්‍රණයක් කියන්නේ හදවතින් එන එකක්නෙ හිමංගි.ඔයාට පහසු විදියට කතා කරන්න..ඒක ගැටලුවක් වෙන්නෙ නෑ..ඔයාට මං සර් කියන්න එපා කියලා කිව්වට අහන්නෙත් නෑනෙ.”

රහල් කියද්දී හිමංගිට සැනසීමක් දැනිණ.මන්දාරා ඕනෑම ගැටලුවක් ද වේදනාවක් ද රැගෙන දිව ආ සෙවණ තමන්ට ද අයත් වීම ගැන ඇයට දැනුණේ සතුටකි.

“අම්මලගෙ ගෙදර යන්න ඕන.හිමංගි එහෙ යන්න බය වෙන්න එපා.අම්මා ඔයාට දොස් කියන් නෑ.අපි වැඩිහිටි මිනිස්සු විදියට අපේ ජීවිතේ ගැන තීරණයක් ගත්තා කියලා අම්මා දන්නවා..”

නමුත් හිමංගිට වූ ගැටළුව එය නොවේ.ඈ තමන් තුළ මතුවෙමින් සැඟවෙමින් හිඳින යක්ෂ ප්‍රතිරූපයක් සමඟ සටන් වදිමින් සිටියා ය.සැබෑවටම රහල් වශී වන සුළු ප්‍රතිරූපයක් සහිත මිනිසෙකු වීම පමණක්ම ඔහු අයත් කරගන්නට එකම හේතුව නොවූ බව දන්නේ හිමංගි ය.ඇය ඇයට සෑම දෙයක්ම දෙමින් අත අත්නෑර ළඟ සිටි හොඳම මිතුරියට වෛර කරන්නට හේතු වූ රහස් හේතුව රහල් ය; මන්දාරාගේ තාත්තා ය.

පියෙකු ගැන නොදැන හැදී වැඩුණු හිමංගිට ජීවිතය තුළ දසදහස් වතාවක් අවශ්‍ය වූ එකම එක කාරණාව දෙමාපියන් ය.නමුත් ඇයට ඒ සෙනෙහස ලැබුණේ ම නැත.තාත්තා කෙනෙකුගේ ආදරය ලැබෙන්නට නම් හොඳ අම්මා කෙනෙකු හිඳින්නට උවමනා බව හිමංගි සිතුවා ය.එය වැරදි කල්පනාවක් බව ඇයට පැහැදිලි වූයේ රහල් නිසා ය.තමන්ගේ ලෝකයක අතරමංව මන්දාරාගෙන් බොහෝ දුරස්ව සිටි ලංකා හොඳ අම්මා කෙනෙකු නොවූවා ය. එහෙත් රහල් ඒ අඩුව ද පිරවූ අන්දම සිහි වෙද්දි හිමංගිට වේදනාවක් දැනෙන්නට විය.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“කලින් ආත්මෙක කරපු පවක් හින්දා මේ ආත්මෙ අම්මා තාත්තා නැති වුණා.දැන් එන ආත්මෙටත් පව් පුරවා ගත්තා..”

හිමංගි මුහුණ නාළු කරගෙන කල්පනා කරන්නේ මොනවාදැයි රහල් සැක කළේ ය.

“හිමංගි,ඔයාට ගමේ යන්න ඕනද? ඔයාගෙ කිරි අම්මා හොඳින් කියලා ඔයා හිතනවද?”

හිමංගි ඒ අපිරිසිදු මැහැල්ල ගැන සිහි කළා ය.දැන් ඇය බොහෝ වියපත් ය. මාමාගේ බිරිඳට දෙස් දෙවොල් තබමින් ජීවත් වෙන අතර ඇය තමාව සිහි නොකර ඉන්නට හේතුවක් නැත.

“සර්, ශාන්ති දිසානායක ලියපු ගිරිදේවි කියවලා තියද? ඒත් මං වගේ කෙල්ලෙක් ඉන්න පොතක්නෙ.ඒත් සර් ඒ කෙල්ලට අඩුම ගාණෙ ආච්චිවත් ආදරෙයි.මට ඒකත් නෑනෙ.මගෙ ආච්චි මගෙ තාත්තා කියන මනුස්සයාගෙන් පිරිමහන්න ඕන තරහත් යැව්වෙ මගෙන්..”

රහල් හිමංගිගේ හිස පිරි මැද්දේ අනුකම්පාවෙනි.ආවේගයට පත්ව මුහුණ රතු කරගත් තරුණියගේ වේදනාව ඔහුට ද දැනෙන්නට විය.

“සාහිත්‍ය ඇත්ත ලෝකෙට වලංගු වෙන්නේ අඩුවෙන් හිමා..තමන්ගෙ දුව තාත්තා කවුද නොදන්න දරුවෙක් එක්ක ගෙදර ආවම ඒ දරුවාට ආදරේ කරන්න ගම්බද ගෑනියෙක්ට හිත හදා ගන්න බෑ.ඒක තමයි ඇත්ත.ඊටපස්සෙ ඔයාගෙ කිරි අම්මා වින්ද නින්දා අපහාස, ලැජ්ජාවල් ඔයා පිටින් යන්න ඇති..”

හිමංගි සුසුමක් හෙළුවා ය.

“අඩුම තරමෙ කාටහරි හදා ගන්නවත් දෙන්න එපැයි සර්.ලොකු මාමා කී දෙනෙක් එක්ක ආවලුද? ඒ දීලත් නෑ..”

රහල් බොහෝ කාලයක් අසන්නට සිටි ප්‍රශ්නයක් ඇසුවේ ප්‍රවේසමෙනි.

“අම්මා ජීවතුන් අතර ඇති කියලා මාමලටවත් විශ්වාසයක් තියද හිමා?”

හිමංගිට නොතේරුම් සිනාවක් නැගිණ.අඩුම තරමේ තමන්ට ඇගේ රූපයවත් නැත.ලොකු මාමාගේ බිරිඳ කියන්නේ ‘නම නොදන්නා තාත්තාගේ රුව’ හිමංගිට පිහිටා ඇති බවකි.

“මං හම්බුණාට පස්සෙ රටකට ගියා ආයේ කවදාවත් ගමට ආවේ නෑ කියන කතා හරිම ඉම්පොසිබල්නෙ සර්..ආයේ ආවෙ නම් නෑ තමයි.එක්කො එයා ජීවිතේ නැති කරගන්න ඇති.ඒත් මට අවුරුදු දහයක් විතර වුණාම වරින් වර ඔය මගෙ වියදම් වලට කිරියම්මට කවුරුම හරි සල්ලි එව්වා..ඒ කියන්නෙ එයා ඉන්නවනෙ.”

මොනතරම් අරමුණු සහ ආශාවන් සහිතව ජීවත් වුව ද එකම එක දිනයකවත් අම්මා යන ගැහැනිය ගැන සොයන්නට නොසිතීම ගැන හිමංගි තමා ගැනම පුදුමයට පත් වූවා ය.ඒ තමන් එපමණට ඇයට වෛර කරන බව නොවේදැයි ඈ ඉන් අනතුරුව සිතුවා ය.

“කන්න බොන්න දීලා හරි ඔයාව බලාගත්ත හින්දා ඔය කිරි අම්මා අමතක කරන්න එපා හිමංගි.ඔයාට බලන්න යන්න කැමැත්තක් නැත්නම් සල්ලි ටිකක් යවන්න.මාමලාට ඒක ලොකු උදව්වක්නෙ.ඕන නම් මාමාල බලන්න යන්න..”

කුඩා දැරියකට ඉසිලිය හැකි මට්ටමෙන් එපිටට ඇයව නොසලකා හැරි ඥාතීන් හමුවට යන්නට හිමංගිට සිතක් වූයේ නැත.අසීරුවෙන් අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු නගරයේ බාලිකාවට යැවූයේ ගමේ පාසලේ විදුහල්පතිනියගේ කටේ බලය හන්දා ය.නොදන්නා ඉසව්වක හිඳ අම්මා එවන මුදල් කිරි අම්මා ඇයට වියදම් කිරීම පවා ආශ්චර්යයක් බව දැන් ඈ සිතන්නී ය.
මව පියා නැතිව අසරණ වන බොහෝ දරුවන් ඇය තරමට වාසනාවන්ත වන්නේ නැත.එහෙත් එසේ මුදල් නොලැබුණු ළමා කාලයේ කන්නටවත් දෙයක් නොමැතිව දුක් විඳි දවස් ඇයට අමතක නොවේ.

“මං කවදහරි ලොකු නෝනෙක් වෙලා මිසක් ගමට එන් නෑ..”

ඇය එසේ සිතා ගත්තේ එකොළොස් හැවිරිදි දැරියක කාලයේ ය.දැන් පහළොස් වසක් ගෙවී අහවර ය.ලොකු නෝනෙකු වූ බව ඇත්තකි.නමුත් දැන් ගමට ගියහොත් දිනා ගත් සියළු කාරණා අමතක කර ඔවුන් විමසන්නේ රහල්ගේ වයස ගැන බව ඈ දනියි.

“ඒ ගම ගැන නෑයො ගැන අපි කතා නොකර ඉමු සර්..”

හිමංගි තම අතීතය ගැන අවසාන තීන්දුවක් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x