Tag: ළපෙති මල්

"මට සමා වෙන්න දූ..අවුරුදු විසිපහක් තිස්සෙ ඔයාව හොයාගන්න බැරි වුණා,ඔයාට දුක් විඳින්න ඉඩ ඇරිය කියන්නේ මං සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි." හිමංගි තුරුළු කරගත් සුනෙත් එසේ පවසද්දී හිමංගිගේ වචන වලට පෙර කඳුළු ඉක්මන් විණ.හයහතර නොදන්නා බිළිඳියක කාලයේ පටන් ආදරය යන වචනය නොදන්නා ලෝකයට ඇතිදැඩි වූ ඈ සුනෙත්ගේ පපුවට හිස ගසාගෙන...
"ඔයා ඔය ඇත්ත අවුරුදු ගාණක් හෙව්වනෙ හිමා.දැන් ඔයාට ඒ ඇත්ත දරා ගන්න වෙනව.සත්‍යය ප්‍රබන්ධයක් තරම් ලස්සන නැත්තේ ඒකයි.ඔයා හිතන්න ඇත්තේ ඔයාගෙ අම්මා අසරණ වුණු කෙනෙක් කියලනෙ.ඒත් මෙතන තියෙන්නෙ ඒ කතාව නෙවෙයි කියල පිළිගන්න එක ඔයාට අමාරු වෙයි.." රහල් සම්පූර්ණ කතාව හිමංගිට පහදා දීමෙන් අනතුරුව එසේ පැවසුවේ ය.අම්මා දකින්නට ආසාවෙන් සිටි...
"ඔය මට කීවනෙ හිමාලි කියන කෙනාව හොයලා දෙන්න කියලා.එහෙම මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ පුතේ, මේ ඉන්නේ එයා.හිමාලි අතුරුදහන් වුණු හේතුව නෙවෙයි එයා හිමංගිව අතාරින්න හිත හදා ගත්තු හේතුව අහන්න..ඒක මටත් දැන ගන්න ඕනෑ.." සුනෙත්ගේ ඉවසිලිවන්ත කටහඬ මන්දාරා සසල කළා ය.හිමංගි සෑමතැනකම සොයන ඇගේ අම්මා හිමාලි වීම මන්දාරාට දරා ගැනීමට...
"ආ සුනෙත්, ඔයා දැන් මෙහෙ නේද නිතරම?" අසංවර සිනාවකින් මෝටර් රථයෙන් බැස ගත් ලංකා දුටු හිමංගිට ගේට්ටුව හැර තබන්නට කී මෝඩකම ගැන පසුතැවීමක් හට ගත්තේ ය.නමුත් කම්පනයක් දැනුණේ සුනෙත්ට ය.ඒ මෝටර් රථයේ ඉන්නා අනෙත් කාන්තාව නිසා ය.ඒ හිමාලි ය.බොහෝ කාලයකට පසු දකින හිමාලි ය. "මේ බලන්නකො හිමාලි.රහල් නැති වෙලාවට මෙහෙ යන්න...
නිස්කලංක සති අන්තයක හවස් වරුවේ හිමංගි සිටියේ ගෙඋද්‍යානයේ මල් සිටුවමිනි.කොළඹින් එපිට පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක සති අන්ත විශේෂ දේශනයකට යන්නට නියම වූ රහල් නිවසේ සිටියේ නැත.මන්දාරා එදින දහවලේ තේජන සමඟ පිටතට ගොස් නිවසට පැමිණ සුළු මොහොතකි.සෝමදාස හා එක්ව ගෙඋද්‍යානය සකසන අතර හිමංගි ඉහළ මාලයේ සදැල්ල දෙස බැලුවේ මන්දාරාගේ සූ...
වේගයෙන් දොරකඩ නතර වූ රිය නිසා සිරිමා බමුණුසිංහ කලබල වූවා ය.එවැනි වේගයෙන් කඩාපාත් වන්නී ලංකා බව සිරිමා මහත්මිය දන්නී ය. ලංකා එන්නේ හදිසි පණිවිඩ රැගෙන නොවේ.කුමක් හෝ ගැටළුවක් රැගෙන ය.ලංකා සැබෑ වේගයකින් දුව ආ එකම දිනය මන්දාරා මල්වර වූ දා ය.එය ද තම දියණිය තවදුරටත් ළපටි කෙල්ලක නොව යෞවනියක...
"මට පුංචි බලාපොරොත්තුවක් තිබුණ කිරියම්මා අන්තිම වතාවට බලන්න අම්මා එයි කියලත්.." මානසිකව ද ශාරීරිකව ද වෙහෙසකර දින දෙකකට පසු නිවසට ආ හිමංගි රහල් සමඟ පැවසී ය.ඔහු කිසිත් නොකියා ඇගේ හිස පිරි මැද්දේ ය. "ඒ ගැන මට තිබ්බ අන්තිම බලාපොරොත්තුව ඒ.ආයේ මට එයාව දකින්න නැති බව මම දන්නවා.." ඇගේ නෙත් අගින් ගලා ගිය...
නොනවත්වා නාද වන දුරකථනය අතට ගත් සුනෙත් ඒ ඉම හිඳින්නේ මන්දාරා බව හැඳින්නේ ය.ඔහු කලබල වූයේ මැදියම ළඟා වෙමින් පැවති නිසා ය.රහල් හදිසි රෝගී තත්ත්වයකදැයි සැකයෙන් ඔහු වහා දුරකථනය ඇමතී ය. "අංකල් නිදි නේද?" මන්දාරා අසන්නේ සමාව අයදින හඬකිනි. "නෑ පුතා! මම පොතක් කියව කියව හිටියේ.ඇයි මේ රෑ?" මන්දාරා තමන් හිඳින්නේ හිමංගිගේ ගම්මානයේ...
"ඔයාලට මහන්සී..මං කිව්වා නේද මම තනියම එන්නම් කියලත්." හිමංගි එසේ ඇසුවේ ගම්බද අවමඟුලක ඇති කලබලය සහ කටයුතු දෙස නෙත් අලවා බලා හුන් මන්දාරාගෙනි.තේජන සහ මෙවන් සිටියේ හිමංගිගේ ඥාති සහෝදරයන්ට එක් වීගෙන ය. "මට තනියක් නෑ හිමා.ඔයා වැඩක් කියන්නෙත් නෑ මට.." මන්දාරා එසේ කියමින් හිමංගි ඈ අසලින් හිඳුවා ගත්තා ය. "කරන්න තරම් වැඩක් නෑ.මේ...
"තාත්තා, මන්දාරා මගෙන් නිතරම අම්මා ගැන අහනව.." ශාක්‍යා පැවසුවේ සති අන්තයකදී තාත්තා සමඟ මුළුතැන්ගෙයට වැදී උයමනේ යෙදෙද්දී ය.ගෘහ සේවිකාව සති අන්තයේ නිවාඩු යවන ශාක්‍යා තාත්තා සමඟ උයන්නට ඒ දවසේ ඉතා සතුටින් පෙළඹී සිටියා ය. "මන්දාරා කියන්නේ අම්මගෙ සිද්දියෙදි අම්මා තරමට අසරණ වුණු කෙනෙක්.පුතා ඔය ලසන්තිකා එක්ක තියන තරහවල් මන්දාරා පිටින් යවන්න...