ළපෙති මල් – 32

“ඔයාලට මහන්සී..මං කිව්වා නේද මම තනියම එන්නම් කියලත්.”

හිමංගි එසේ ඇසුවේ ගම්බද අවමඟුලක ඇති කලබලය සහ කටයුතු දෙස නෙත් අලවා බලා හුන් මන්දාරාගෙනි.තේජන සහ මෙවන් සිටියේ හිමංගිගේ ඥාති සහෝදරයන්ට එක් වීගෙන ය.

“මට තනියක් නෑ හිමා.ඔයා වැඩක් කියන්නෙත් නෑ මට..”

මන්දාරා එසේ කියමින් හිමංගි ඈ අසලින් හිඳුවා ගත්තා ය.

“කරන්න තරම් වැඩක් නෑ.මේ ගම්නෙ.ඔක්කොම කරන්නෙ මරණාධාර සමිතියෙන්.සර් දීපු සල්ලිත් මම මාමාට දුන්නා..”

හිමංගි එසේ කියා සුසුමක් හෙළී ය.ළමා වියේ තමා උකුලේ ගසාගෙන තැන තැන ගිය වියපත් ගැහැනියට කිසිවක්ම කරන්නට නොහැකි වී යාම ගැන ඇයට දැනෙන්නේ දුකකි.ඒ හැරුණු විට ඇගේ වියෝව හිමංගිට දුකක් නොවේ.

“මන්දි, ඔයාට මේ මදුරුවෝ කකා දුක් විඳින්න බෑ.මෙහෙ ටොයිලට් එකක්වත් නෑ හරියට.ඔයාව ලොකු මැඩම්ගෙ ගෙදරට ඇරලවන්නද මම?”

හිමංගි එසේ ඇසුවේ මන්දාරා ගැන උපන් ආදරයකිනි.මන්දාරා හරියකට රාත්‍රී ආහාරය පවා නොගත් බව ඇයට නොපෙනුණා නොවේ.ඒ ලොකුකම හෝ මහන්තත්වය නොව පරිසරයට අනුගත නැතිවීම බව හිමංගි දනියි.

“හිමා..ඕන නෑ..”

මන්දාරා එසේ කීවද හිමංගි ඈ දෙස බැලුවේ තරවටු දෑසිනි.

“මං ඔයාගෙ අම්මා හරිද? මේ ඊයේ පෙරේදා අසනීපෙනුත් හිටියා කියල අමතකයිද? හිතුවක්කාර වෙනව කියලා සර්ට කෝල් කරනව මං දැන් හිතුණොත්..”

මන්දාරා මේ අවමඟුලක් බැවින් මන්දහාසයක් පමණක් මවා ගත්තා ය. හිමංගිගේ දෑසින් ඇතැම් මොහොතක උතුරා යන්නේ මව්වත්කමම බව ඇය දනියි.

“හා යං..තේජනට කියල ඇරලවා ගමු..”

මන්දාරා එසේ කීවේ දැඩි වෙහෙස නිසා ය.හිමංගිගේ ප්‍රාථමික පාසලේ විශ්‍රාමික විදුහල්පතිනිය ඔවුන් පිළි ගත්තේ සෙනෙහසිනි.මන්දාරා හොඳින් බලා ගන්නට ඇය පිළිණ දුන් හන්දාම හිමංගි ද තේජන ද පිටව ආවේ සැනසීමෙනි.

“එළිවෙනකං නිදිමරන්න අමාරුයි දරුවො ඔයාට.ආපු එක හොඳයි..”

මන්දාරාට කාමරයක් සකසා දුන් විදුහල්පතිනිය ඇයට තේ රැගෙන ආවේ ද එසේ කියමිනි.ඇඟපත සෝදා උණු තේ බොන්නට ලැබීමෙන් මන්දාරා ප්‍රබෝධමත් වූවා ය.

“ඔයාගෙ තාත්තාගෙ දේශන එහෙම අහන්න මං හරි කැමතියි.මේ වගේ ගම්වල ළමයින්ටත් බමුණුසිංහ මහත්තයගෙන් ඉගෙන ගන්න හරියට දේවල් තියනව..”

එසේ කී විදුහල්පතිනියට ඇගේ ආදරණීය සිසුවිය තමන්ගේ තාත්තා සමඟ විවාහ වූ පුවත නොකියා හිඳින්නට මන්දාරා ප්‍රවේසම් වූවා ය.ඇය ද ගැමි පරිසරයක ගැහැනියකි.උගත්කම් තිබූවාට හිමංගි ගැන වැරදි අවබෝධ ඇති කරගැනීම බොහෝ දුරට සිදුවිය හැකි ය.

“මැඩම්..මං පොඩි දෙයක් අහන්නම්..මැඩම් කැමතිනම් කියන්න.”

මන්දාරා එසේ පැවසුවේ විදුහල්පතිනිය හරස් වෙද්දීම තේ කෝප්පය සෝදමිනි.
අනතුරුව මන්දාරා ඒ පැරණි මුළුතැන්ගෙයි බංකුවකින් හිඳ ගත්තා ය.යුවතිය අසන්නට යන කාරණාව ගැන විදුහල්පතිනිය දැන සිටියා ය.

“හිමංගිද දූට කිව්වේ? දෙමව්පියෝ ගැන අහන්න..”

ඇය අනතුරුව විමසුවා ය.

“නෑ මැඩම්.එයා ඉන්නෙ ඒ මාතෘකාව අමතකම කරලා.ඒත් එයාට ඒ ගැන වේදනාවක් නැති වෙන්න බෑනෙ.ඒකයි මට ඒ ගැන හොයන්න හිතුණේ. “

මන්දාරා එසේ කියද්දී විදුහල්පතිනිය සුසුමක් හෙළුවා ය.

“තාත්තෙක් ගැන නම් අපි දන් නෑ දරුවෝ..හේමාට නම් ඔය විනාසෙ වෙන්න ඔය නැතිවෙලා ඉන්න ඩිංගිරි නෝනාත් වගකියන්න ඕන.අවුරුදු කුමාරියන්ට මේ ගම්වල කෙල්ලො යවල උන් රඟපාන්න ගියාම වෙන දේ කියන්න ඕන නෑනෙ..”

ඒ කතාව සම්බන්ධයෙන් එකඟ වීමක් මන්දාරාට ද තිබිණ.වර්තමානයේ පවා සමහර ගම්බද යුවතියන් තමන්ගේ විනාශයට පාර තම දෑතින්ම කපා ගන්නා අන්දම ඈ දැක තිබේ.හිමංගිට මෙන් සුන්දර අවසානයක් සෑම යුවතියකටම හිමි වන්නේ නැත.

“හිමාගෙ අම්මා රඟපෑවද? “

මන්දාරා විමසුවේ පුදුමයෙනි.විදුහල්පතිනිය දෙබැම රැලි කරමින් හිනැහුණා ය.

“ඔව්.ඊටපස්සෙ දරුවා අරන් ආවා..අතුරුදහන් වුණා.ආයෙ නම් කිසිම නාට්‍යයක දැක්කේ නෑ..”

පැරණි නිළියක සම්බන්ධයෙන් සෙවීම තමන්ට අපහසු නොවන බව හිමංගි සිතුවා ය.තාත්තාට ඒ සම්බන්ධයෙන් ඕනෑතරම් සබඳතා පවතී.අනෙක සුනෙත් ද සිටින බැවින් එය කිරිකජු කන්නාක් මෙන් වැඩකි.

“ඔව්.හේමලතා තමයි ඇත්ත නම.ඒත් රඟපාන්න නම වෙනස් කරගත්තා.දුවලටනම් ඔය මනුස්සයා රඟපාපු ඒවා මතක තියෙන්න විදියක් නෑ.යූ ටියුබ් එකේ එහෙම තියනව නේද පරණ නාට්‍ය.මෙයා ඉන්න ඒවා ඒවගෙවත් නෑ..”

එහෙත් පසුබට වන්නට මන්දාරාට සිත් වූයේම නැත.

“මොකක්ද මැඩම් එයාගෙ නම?”

ඇය ඇසුවා ය.

“හිමාලි කියල තමයි රඟපාන්න ගියේ.හිමංගිට ඒ නම දාන්න ඇත්තෙත් ඒකනෙ පුතේ..”

අම්මාගේ මිතුරියක වන හිමාලි තරුණ කාලයේ නිළියක වග මන්දාරා දැන හුන්නා නම් ඇගේ ප්‍රහේලිකාව විසඳී යන්නේ බොහෝ පහසුවෙනි.නමුත් ඇය එවගක් දැන සිටියේ නැත.එනිසාම ප්‍රහේලිකාව විසඳන්නට මන්දාරා තෝරා ගත්තේ එක්වරම සියල්ලම හෙළි කරගන්නට උදව් වෙන මාවතකි.ඇය කිසිවක්ම නොදැන හෝ ඒ මාවත තෝරා ගත්තා ය.

“ඔය ගෑනු මනුස්සයා දැන් රටෙත් නෑ මම හිතන්නෙ.හිටියත් මළගමට නම් එන්නේ නෑ දූ.ඒ නිසා හිමංගිට අම්මා දකින්න තියන අන්තිම අවස්ථාවත් මං හිතන්නෙ ලැබෙන්නේ නෑ.ඔයා දැන් නිදාගන්න.උවමනාවක් වුණොත් කතා කරන්න..”

විදුහල්පතිනිය පිටව ගියේ එසේ කියා කාමරයේ විදුලි පහන ද නිවා දමමිනි.මඳ වෙලාවක කල්පනාවක ගැලී හුන් මන්දාරා දුරකථනය අතට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content