තරුණ ඔබට ගැළපෙන රාත්‍රී නිදන ඇඳුම් විලාසිතා.

රෑට හොඳ වොෂ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එකක් දාගන්න එක තමයි හොඳ නින්දකට මුල්ම පියවර. හොඳ නයිට් ඩ්‍රෙස් එකක් තෝරා ගන්නේ කොහොමද? ඒ වගේම අපිට ගැලපෙන්නේ මොන වගේ නයිට් ඩ්‍රෙස් ද? ඔබට මේ ප්‍රශ්නය ඇවිත් නැද්ද?

ගෙදරට ඇඳගෙන හිටිය ඇඳුම පිටින්ම නිදා ගන්නවා නම් ඒ පුරුද්දට තිත තියන්න.මේ ලිපිය කියෙව්වට පස්සේ අපිට ගැලපෙන හොඳ නයිට් ඩ්‍රෙස් ගැන ඔබට අදහසක් එයි. ඒ අනුව හොඳ නයිට් ඩ්‍රෙස් කිහිපයක් මිලට අරගෙන නිදා ගන්න වෙලාවේ සැපහසුවට වගේම ලස්සනට ඉන්න.

සාමාන්‍ය යුවතියකට ගැළපෙන නයිට් ඩ්‍රෙස් වර්ග.

නයිට් ගවුම්.

පහසුවෙන් සහ සැහැල්ලුවෙන් අඳින්න වයස් භේදයක් නැතිව අපි කවුරුත් තෝරා ගන්නේ නයිට් ගවුම. නයිට් ගවුම් කොට්න් වගේ සනීප රෙද්දකින් තෝරා ගැනීම අපේ රටේ හැටියට ගැළපෙනවා. ගවුමේ අත් රහිත නම් robe එකක් භාවිතා කරන්න. එවිට ඔබට එළිමහනට එද්දී හෝ ඇඳට යන තෙක් එය ඇඳගෙන සිටිය හැකියි.

පිජාමා කිට්

ඔබට බොහොම පහසු තවත් විලාසිතාවක් තමයි පිජාමා කිට් එක. කොට්න් රෙද්දෙන් කරන විලාසිතා අපූරුවට ගැලපෙනවා. දිගු කලිසම, කොට කලිසම ඔබේ අභිමතය පරිදි තෝරා ගන්න පුලුවන්.

Sleep Tees

තරුණියන් අතර බොහොම ජනප්‍රිය රාත්‍රී ඇඳුමක් තමයි මේ. ටී ෂර්ට් හැඩයේ නිදන ගවුමක් ඔබේ රෑ ඇඳුම් විලාසිතා ගොන්නේ අනිවාර්යයෙන් ඇති. පහසුව අතින් ඉස්තරම් බව නොකියාම බැහැ.

හනිමුන් එකට ගැලපෙන රාත්‍රී ඇඳුම් විලාසිතා

Baby dolls

මේ විලාසිතාව ඔබට සරාගී පෙනුමක් අරන් එන රාත්‍රී ඇඳුමක්. හනිමුන් යන්න තෝරා ගන්න වගේම හනිමුන් යන මිතුරියට තෑගි දෙන්නත් අපූරු විලාසිතාවක්.

Nighy and robe set

සැටින් රෙද්දෙන් මැසූ කෙටි නයිටියක් සහ robe එකක් ඔබට බොහොම සරාගී පෙනුමක් ලබා දෙනවාට සැක නැහැ. Robe එක ඔබ හැමවිටම පැලඳ සිටිය යුතු වන්නේ නැහැ.

Sleep wear set

කෙටි හෝ දිගු නයිට් ගවුමක්, ඕවර් කෝට් එකක් සහ එයට ගැලපෙන සේ සැකසූ සරාගී යට ඇඳුම් සහිත සෙට් එකක් ලෙස ඔබට මෙය මිලදී ගන්න පුලුවන්.

හනිමුන් නයිට් එකට විතරක් නෙවේ.ඔබේ විවාහයට අලුත් පණක් ඕනෑ බව හිතෙන ඕනෑම මොහොතක මෙවැනි රාත්‍රී ඇඳුමකින් සැරසී ඔබ මොනතරම් සුන්දර ද සහ සරාගී ද යන්න සැමියාට සිහි ගන්වන්න.

නයිට් ඩ්‍රෙස් එකක් තෝරා ගන්න කලින් ඔබ සැලකිලිමත් වෙන්න ඕනෑ දේවල්.

එහි උස.

ඔබ කුඩා දරුවෙක් ඉන්න මවක් නම්, තරුණියක් නම් ඉතා උස ගවුම් ගැළපෙන්නේ නැහැ. දණහිසෙන් මඳක් පහළට තියෙන නයිට් ගවුමක් ඔබට ගැළපෙනවා. Babydolls විලාසිතාව නම් දණහිසෙන් මඳක් ඉහළ විය යුතුයි.

කල්පැවැත්ම.

නයිට් ඩ්‍රෙස් අපි දිනපතා අඳින ඇඳුමක්. නිතරම සේදීමට ලක් වන්නක්. කොට්න් රෙද්දෙන් කළ නයිට් ඇඳුම් නම් අනිත් රෙදි සමඟ වොෂින් මැෂිමට දමා සෝදන්න පුලුවන්. නමුත් babydolls ආදී විලාසිතා ලේස් රෙද්දෙන් නිම කර ඇති නිසා ප්‍රවේසමෙන් සෝදා ගන්න ඕනෑ

මෙටීරියල් එක.

ඔබ උණුසුම වැඩි ප්‍රදේශයක ඉන්නවා නම් කොට්න් රෙදි තමයි ගැලපෙන්නේ. ශීත ප්‍රදේශයක ඉන්නවානම් දිගු කලිසම සහ long sleeve සහිත පිජාමා කිට් එකක් තෝරා ගන්න.

ඒ වගේම ඔබට සුවපහසු නින්දක් අවශ්‍ය නම් බොත්තම්,සිප් ආදිය නැති පහසු රෙද්දකින් සැකසූ නයිට් ඩ්‍රෙස් එකකින් සැරසෙන්න.ඒ වගේම එය ලා පාටක් වීම ඔබට හොඳ නින්දකට ලොකු හේතුවක් වෙයි.

මේ විදියට රෑට අඳින්න පහසු, ලස්සන නයිට් ඩ්‍රෙස් තෝරා ගන්න දැන් ඔබට පුලුවන්. අපි නිතරම රූපලාවණ්‍ය ලිපි හරහා කියා දෙන රාත්‍රී රුව සත්කාරයක් කරලා හොඳට පිරිසිදු වෙලා පහසු සහ පිරිසිදු රෑ ඇඳුමකින් සැරසිලා සුව නින්දක් ලබා ගන්න.

සුබ රාත්‍රියක්!

Related Articles

Don't Miss


Latest Articles