ඔබට ගැලපෙන විලාසිතා තෝරගන්නෙ කොහොමද?

ලස්සනට ඉන්න කරන්න ඕන එන එන හැම Fashion එකක්ම Try කරන එක නෙවෙයි. 

තමන්ට ගැලපෙන දේ තෝරගෙන අඳින එක.

 ඒ උනාට ගැලපෙන දේ මොකද්ද කියල තෝරගන්නෙ කොහොමද කියල දන්නෙ නැත්තම් මොකද කරන්නේ?

 අන්න ඒ ගැන කියල දෙන්න තමයි අපි අද හදන්නෙ.

 ඔයාට පුලුවන් Inspiration වලින් ඔයාට ගැලපෙන Fashion එක මොකද්ද කියල තෝරගන්න. කොහොමද ඒක කරන්නෙ? අපි බලමු. 

1. Personal Style එකක් කියන්නෙ මොකද්ද?

 Style එකක් කියන්නේ කෙනෙක් තමන්ව පෙන්නුම් කරන එක විදියක්නේ.

 අඳින පලඳින විදිය, ලියන කියන විදිය වගේ හැමදේකම අපිට අපේ ක්‍රමයක් තියෙනවා. 

Fashion world එකේ නම් මේ Style කියල අදහස් කරන්නේ ඒ Personal Style එක ගැන. 

 ඉතින් හරියට අඳින්න අපි අපේ Personal Style එක තේරුම් අරගෙන ඉන්න ඕන. මොකද මේ Personal Style එක අපේ Personality එක ගැන කියන නිසා. Styles කියන්නෙ Timeless දෙයක්නේ. එන එන Fashion නොකරන කෙනෙක් උනත් තමන්ගෙම ක්‍රමයකට Fashion කරනවා වෙන්න පුලුවන් 

 තමන්ගෙ Personal Style එක හොයාගන්නෙ කොහොමද?

 1. ඔයාගෙ ඇඳුම් කබඩ් එක ඇඳුම් කබඩ් එකේ වැඩිපුරම තියෙන්නෙ මොන වගේ ඇඳුම්ද කියලා පොඩ්ඩක් බලන්න. 

ඔයා ඒ ඇඳුම් වලින් අඳින්න වැඩිපුරම ආස මොන වගේ ඒවද කියල බලන්න. ඒ ආස කරන හේතුව, ඒ ඇඳුම් ඔයාට Comfortable වගේ දැනෙන හේතුව මොකද්ද කියල හොයාගන්න 

2. Fashion Inspiration 

 Fashion Inspiration බලද්දි මුලින්ම බලන්න ඔයාගෙ පවුලෙ අය, යාලුවො සහ ඔයාගෙ හිතවත් අයගෙන් ඔයා ආස විදියට අඳින පලඳින අය දිහා. 

 Social Media වල බලන්න යාලුවො, Celebrities ලා මොන වගේ දේවල්ද අඳින්නෙ කියලා ඒවයින් ඔයාට ගැලපෙන, ඔයාගෙ ඇඟේ හැඩයට ගැලපෙන දේවල් මොනවද කියල බලන්න.

 ඒව ට්‍රයි කරල බලන්න ඔයාට පුලුවන්නෙ. මීට අමතරව ඔයාට පුලුවන් Fashion Vlogs කරන අයගෙ වීඩියෝ බලල ඒවයිනුත් Inspiration ගන්න 

3. Fashion Mood Board 

 Fashion Mood Board එකක් හදාගන්න එකත් ඔයාට ගැලපෙන Fashion කරන්න උදව්වක් වෙයි.

 ඔයා ආස විදියෙ Fashion Inspiration හොයාගත්තයින් පස්සෙ ඔයාට පුලුවන් ඒ හැමදෙයක්ම එක තැනකට අරගෙන Fashion Mood Board එකක් හදාගන්න. 

 ඔයාට පුලුවන් ඒව phone එකේ save කරගෙන ඉඳල Shopping කරද්දි ඒ වගේ ඒව හොයාගන්න මහන්සිවෙන්න 

4.Capsule Wardrobe 

 Capsule Wardrobe එකක් කියන්නෙ ඔයාට එදිනෙදා අඳින්න අවශ්‍ය වෙන Basic Fashion වලට අදාල වෙන ඇඳුම පැලඳුම් එකතුවකට.

 ඒව අර ඕනම දෙයක් එක්ක Mix Match කරලා අඳින්න පුලුවන් හරිම Basic Pieces. 

 උදාහරණයක් විදියට: Denim කලිසමක්, සුදු ටී ශර්ට් එකක්, කලු බෙල්ට් එකක්, හීනි පටි සෙරෙප්පු දෙකක් වගේ 

5. Experiment කරන්න 

 මේ Capsule Wardrobe එක හදාගත්තයින් පස්සෙ කරන්න ඕන දේ තමයි ඔයා ඔයාගෙ ඇඳුම් කබඩ් එකට Unique Pieces කීපෙකුත් එක්කරගන්න එක. 

 මෙතනදි ඔයාට Creative වගේම Bold Choices වලට යන්න පුලුවන්. ඒ කිව්වෙ ඔයාගෙ වයසට, පෙනුමට සහ සමාජ තත්ත්වයට ගැලපෙන වෙනස්ම විදියෙ Unique Fashion Choices කීපයකට යන්න 

 ඉතින් මේ වගේ ක්‍රම ඔස්සේ ඔයාට පුලුවන් ඔයාට ගැලපෙන විලාසිතා තෝරගන්නෙ කොහොමද කියලා මම ගොඩක්ම Indian Celebrity ලගෙ Fashion Follow කරනවා.

 ඊට අමතරව මම හරිම ආසයි Gamya Wijedasa අඳින පලඳින විදියට 

 ඔයාලටත් පුලුවන් ඒ වගේ ලස්සනට අඳින පලඳින මිනිස්සුන්ව Follow කරලා ඒවයින් Inspiration අරගන්න 

 අමතක කරන්න එපා 

කරන ඕනම Fashion එකක් ඔයාගෙ ඇඟට හිතට වගේම, ඔයා Maintain කරන සමාජ තත්ත්වයට, වටපිටාවට ගැලපෙන්නත් ඕන බව.

Related Articles

Don't Miss


Latest Articles