smart look එකට ඔෆිස් යන්න ඔබට ගැලපෙන office wear තෝර ගන්න ක්‍රමයක්

උදේට කාර්යාලයට යන්න සූදානම් වෙන ස්මාට් අපට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි “අද අඳින්නේ මොනවාද?” කියන එක. ඒක ගොඩක් වෙලාවට පුදගලිකව මටත් පැන නැගෙන ප්‍රශ්නයක්. උදේට ඇඳුම් තෝරලා තෝරලා හති වැටිලා “අනේ මට අඳින්න එකක් නැහැ” කියන එක අපිටම මහන්සියි. අල්මාරියක් පුරවලා ඇඳුම් තිබ්බත් ලස්සනටම පේන්න ඇඳුමක් තෝරාගන්න එක පොඩ්ඩක් අමාරු වැඩක්නේ. මේකට ගැලපෙන ස්මාර්ට් අදහසක් තමයි මේ කතා කරන්න යන්නේ. ඒ තමයි දවසට අදාල තේමාවකට (theame) ඇඳුම් ඇදීම. අද මොකද්ද අඳින්නේ කියලා හිතනවාට වඩා මේ තේමාවට හැඩට අඳින හැටි ඔබට වඩාත් ආකර්ශනීය වේවි. ඒ වගේම එකිනෙකට වෙනස් පෙනුම නිසා ඔබට ඉතා ආශාවෙන් දවස පටන් ගන්න පුලුවන් වේවි.

සඳුදා – Classic look

ඕනෑම වෘත්තියක් කරන කෙනෙක්ට ගැලපෙන officewear තමයි අපි සදුදා දවස සඳහා තෝරගත්තේ. classic look එක, එහෙමත් නැත්නම් සාම්ප්‍රදායානුකූල කාර්යාල ඇඳුමක් තමයි අපි සදුදා දවස සඳහා ඔබට යෝජනා කරන්නේ. ස්ලැක් සමඟ ටොප් එකක් ,
pencil skirt එකක් සමග ටොප් එකක්,
ඔෆිස් ඩ්‍රස් එකක් මේ දවසට ඔබට පහසුවෙන් තෝරා ගන්න පුළුවන්. මේ ඇඳුමත් සමඟ ඔබ බලාපොරොත්තු වන වෙනස අත් විඳින්න නම් ඔබේ ඇඳුමට වටිනාකමක් එකතු කරන ආභරණයක් හෝ විශේෂිත යමක් ඔබ තෝරාගන්න ඕනේ. විශේෂයෙන් කැපී පෙනෙන පාවහන්, අත් බෑග්, ආභරණ, ඔරලෝසුවක්, තොල් ආලේපන, නිය ආලේපන වගේ වටිනාකමක් එකතු කරන දෙයක් තමයි මෙමගින් අදහස් කරන්නේ. ඒ සඳහා අවදානය විශේශයෙන් යොමු වෙන නිසා ඔබ සාමාන්‍ය office wear අඳින අය අතරින් වෙනස් ලෙස කැපී පෙනෙයි. පින්තුරවල තියෙන උදාහරණත් බලන්නකෝ.

අඟහරුවාදා – Casual business office look

මේ ඔබේ ප්‍රියතම ජීන්ස් එක ඔෆිස් එකට අඳින දවස වෙයි. කොලර් සහිත බොත්තන් පියවූ ශර්ට් ආකාර ටොප් එකකට හෝ සිල්ක් ටොප් එකකට ඔබට මේ ජීන්ස් එකක් අඳින්න පුළුවන්. ඔබ casual ජීන්ස් එකක් අඳින හැම වෙලාවකම ඉතා හොඳ වර්ගයේ අත් බෑග් එකක්, ජැකට්ටුවක් සහ හීල්ස් යුගලක් පලඳින්න. මේ බෑගය හොඳ වෘත්තීයමය පෙනුමක් ගෙන දෙන බෑගයක් වුණොත් වඩාත් හොඳයි. වටිනා පෙනුමක් ගෙන දෙන ආභරණ පලඳින්නත් අමතක කරන්න එපා

බදාදා – simple and feminine look

ඔබේ කාන්තා පෙනුම වඩාත් ඔප් නංවන ඇඳුමක් තෝරගන්න පුලුවන් දවසක් තමයි මේ. ඔබ ස්වභාවිකවම ඒ විදිහේ කෙනෙක් නම් මේ දවස ඔබට වඩාත් පහසු වේවි. සැහැල්ලු පෙනුමක් දෙන ඇඳුම් සමග කුඩා ආභරණ පලඳින මේ දවසේ ඔබ හීල්ස් යුගලයක් පැළඳුවොත් තවත් ලස්සනට තියේවි . තනි වර්ණ හෝ මුද්‍රිත සායක් අඳිනවානම් ඒ සමඟ පුංචි බෙල්ට් එකක් ද , බ්ලේසර් එකක් හෝ ඕවර් කෝට් එකක් දැම්මොත් ඔබ ආසම කාන්තා පෙනුම ලැබෙනවා වගේම වෘත්තීයමය බවකුත් එකතු වේවි.

බ්‍රහස්පතින්දා – Sophisticated look

අති නවීන පෙනුමක් ගෙන දෙන මේ විලාසිතාව ඇත්ත වශයෙන්ම ඉතාමත් පහසුයි. ඔබට ඇත්තේ පුරුදු පුහුණු වීම පමණයි. මෙහිදී ඔබේ ඇඳුමට ඉතා අලංකාර පෙනුමක් ගෙන ගෙන දෙන අතර එහි casual පෙනුමක් ද මිශ්‍රව ඇති නිසා ඔබේ වෘත්තීයට සහ රැකියාවට අදාළව විලාසිතාව ගලපා ගත යුතුය. ඔබ සතුව ඇති සරාගී පෙනුමක් දෙන හීල්ස්, නවීන පෙනුමක් සහිත pencil skirt , ලෙදර් ජැකට්, ඩෙනිම් මේ විලාසිතාවේ දී එකතු කරගන්න පුළුවන්. ස්මාර්ට් ඔබ අමතක නොකර statement piece එකක් එහෙමත් නැත්නම් විශේෂයෙන් කැපී පෙනෙන ආභරණයක් මේ විලාසිතාවත් සමඟ පළඳින්න.

සිකුරාදා – glamorous look

අවසන් කාර්යාලීය දවස වන සිකුරාදාට කාර්යාලයේ සිට රාත්‍රී සාදයක් දක්වාම ඔබට අඳින්න පුළුවන් ඇඳුම් තමයි මේ දවස සඳහා යෝජනා කරන්නේ. ඔබේ සරාගී පෙනුම තවත් හැඩගන්වන හොඳම ඇඳුම් කරමින් තමයි මේ දවසට අපි යෝජනා කරන්නේ. දීප්තිමත් තොල් ආලේපන, අඩිය ඉතා උස පාවහන් , මිල අධික සුවඳ විලවුන්, ප්‍රමාණයෙන් විශාල රත්තරන් හෝ වෙනත් ආභරණ, branded watches, ප්‍රමාණයෙන් විශාල අත් බෑග් හෝ clutches, pencil skirt සමඟ සිල්ක් ටොප් ඔබට ගළපන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔබ ඔෆිස් එකට එන මොහොතේදීම කාර්යාලීය සගයන් ඔබට “වාව්” කියාවි.

නිර්මාණ අංශයට බර රැකියාවල නිරත වන ඔබට – the edgy office look

කාර්යාලය විසින් ඇඳුම සඳහා නියාමනයක් ඉදිරිපත් කර නැතත් නිර්මාණශීලී රැකියාවල නිරත වන ඔබටත් කාර්යාලය පෙනුමක් අවශ්‍ය අවස්ථාවක් තියෙනවා. සම්පූර්ණයෙන්ම casual හෝ formal නොවන ඔබේ නිර්මාණශීලී බව පිටතට පෙන්වන මේ ඇඳුම් විලාසිතාවන්ට තමයි edgy office look කියන්නේ. ඔබේ වෘත්තිය වැඩ කටයුතු වලට බාධා නොවන බූට්ස්, ටීශර්ට් , කැන්වස් සපත්තු, ලෙදර් ජැකට් මේ විලාසිතාවට එකතු කරගන්න පුළුවන්. ඉතා සරලව හැඩ වැඩ වෙන අවස්ථාවක වුනත් අපි ඉහතින් කතා කරපු statement pieces එකතු කරොත් ඔබට හොඳ පෙනුමක් ලැබේවි.

Related Articles

Don't Miss


Latest Articles