විනාඩි දෙකෙන් තනියම සාරිය අදින පහසුම ක්‍රමයක්

සාමාන්‍යයෙන් ඔසරිය made up කරලා ඇන්දට අපි සාරියක් made up කරන්නේ නෑ.ඒත් උස අඩු කෙනෙකුට වගේම සාරිය අඳින්න ඒ තරම් අකමැති කෙනෙකුට සාරිය made up කරලා අඳින්න පුලුවන්නම් හොඳයි නේද? මේ වගේ සකසා ගන්න සාරිය විනාඩි දෙකකින් වගේ ඇඳ ගන්න හැකි වීමත් පහසුවක්.

මේ ලිපියෙන් ඔබට කියලා දෙන්නේ ලයිනින් එකක් යොදලා සාරියක් made up කර ගන්නා ආකාරයයි

මිනුම් ලබා ගන්නා ආකාරය

ඉන වටා ප්‍රමාණය මැන ගන්න.

උස මැන ගැනීමේදී සාරිය ඉනෙන් අඳින තැන සිට ඔබ භාවිතා කරන සෙරෙප්පුවල උසද එකතු කර ලබා ගන්න.

සාරි පොටේ උස ඇඟේ මැද සිට ඇඟ වටා යවා කැමති උසකට ලබා ගන්න.ඔබ කැමති ප්‍රමාණයට පොටේ උස තීරණය කරන්න.

මේඩප් කර ගන්නා අන්දම

සාරියේ හෙඩ් පීස් එකේ සිට ඇතුළු පැත්තට පොටේ දිග ලකුණු කර ගන්න.

පොටේ දිග ලකුණු කළ පසු අඟල් දොළහේ ඒවා පහක් වම් අත පැත්තට ලකුණු කරගන්න.ඒ ප්ලීටට් සඳහායි.

ඉන්පසු යට බෝඩරයේ සිට උස ලකුණු කර ගන්න.

අවශ්‍ය උස ලකුණු කර ගත් පසු උසට අඟල් බාගයක් මැහුම් වාසි තබා වැඩි ප්‍රමාණය කපා ඉවත් කර ගන්න.

අඟල් දොළහේ කොටස් පහෙන් පසු උකුල් වට මිම්ම ලකුණු කර ගන්න.

ඉතුරු කොටසේ අඟල් දහයක් පමණ ලකුණු කර ගන්න.

ඉන්පසු පළලේ වැඩි කොටසත් කපා ඉවත් කරන්න.

ප්ලීට්ස් සකසා ගන්න.අල්පෙනෙත්තක් ගසා ගන්න.

සාරියට ලයිනින් යෙදීම

පොප්ලින් මීටර් දෙකක් පමණ සාරියකට ලයිනින් යෙදීමට සෑහෙනවා.සැටින් රෙදි ද අවශ්‍ය නම් යොදා ගන්න.

ඒ රෙදි කොටස හතරට නවා ගන්න.

සාරියේ උසට වඩා අඟලක් පමණ අඩුවෙන් ලයිනින් එක මැන ගන්න.

හරස් රේඛාවක් ගසා ගන්න.

උකුල් වට මිම්ම හතරට බෙදලා එන පිළිතුර එහි ලකුණු කර ගන්න.

පහළ ද ඒ මිම්මට අඟල් තුනක් එකතු කර ලකුණු කර ගන්න

ඒ ලක්ෂ්‍ය දෙක යා කරගන්න.

ඒ ඉර දිගේ කපා ගන්න.

හරස් රේඛාවෙන් ද කපා ගන්න.

රෙදි කැබලි කොටස් දෙකක් ලැබෙනවා

ඒ රෙදි කැබැල්ලක මධ්‍යයේ රේඛාවක් ඇද ගන්න.

මසා ගන්නා අන්දම

මුලින්ම සාරියේ ප්ලීට්ස් වලට මැහුමක් ගසා ගන්න.

පොට පැත්තේ නොව අනිත් පැත්තේ ඉතිරි කරගත් ඉඩේ වාටියක් උස පැත්තට මස ගන්න.

සාරිය ලයිනින් රෙද්ද මත තබා ලයිනින් රෙද්දේ මධ්‍ය රේඛාවේ සිට මසන්න.

සාරි කොටස ඇතුළට දමා අනිත් ලයිනින් කොටස ගෙන දෙපැත්ත මසා ගන්න.

ඉනට ගන්නා කොටසේ ලයිනින් එක තබා අඟල් බාගයක මැහුම් වාසි සහිතව මසා ගන්න

ප්ලීට්ස් පිළිවෙලකට තබමින් මසා ගන්න.

ඉනේ මිම්ම ගාණට අඟල් දෙකක් පමණ දිග රෙදි පටියක් කපා ගන්න.

පටියේ හොඳ පැත්ත ලයිනින් එකේ කනපිට තබා සම්බන්ධ කර මසා ගන්න.

සාරි රෙද්දේම කොටසකින් පටිය සකසා ගන්න පුලුවන් නම් හොඳයි.

ඇඳ ගන්නා ආකාරය.

සාය කොටස ඇඳ පටියෙන් ගැට ගසා ගන්න.

ප්ලීට්ස් සකසා ගන්න

පොට දමා ගන්න.

ඔබට මේ වීඩියෝ එකෙන් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට හැකි වෙයි.

Related Articles

Don't Miss


Latest Articles