දරුවාට කිරි දෙන ඔබට ගැලපෙන සුව පහසු ඇදුම් විලාසිතා

මවක් වෙනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්. ඔබේ මුළු ලෝකෙම වෙනස් වෙලා වගේම ඔබේ ඇඳුම් පැළඳුම් වලටත් ලොකු වෙනසක් එකතු වෙලා. ශාරීරික වෙනස්වීම් එක්ක ඔබට සුපුරුදු ඇඳුම් අඳින්න බැරි වෙලා ඇති. ඒ වගේම සමහර ඇඳුම් දරුවාට කිරි දෙන්න අපහසුයි. අලුත්ම විලාසිතා කරන්න අපහසු නිසා රිදෙන හිතට සතුට ගෙනන විසඳුමක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ.

විලාසිතා කියන්නේ දිනෙන් දින අලුත් වන ඒ වගේම එක එක තත්වයට ගැලපෙන හැඩගැසෙන දෙයක් . ඉතින් ලෝකයේ සිටින විලාසිතා නිර්මාණ කරුවන් කිරි දෙන මවක් වන ඔබ වත් අමතක කරලා නැහැ. ඔබේ තත්වයට ගැලපෙන ඔබටම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද විලාසිතා ඔවුන් සතුව තියෙනවා.

ඔබ හිතනවා ඇති මේ වගේ විලාසිතා අපිට ඕනෙද කියලා. ගෙදර තියෙන ඇඳුමක් පහසුවෙන් ඇඳගෙන මේ කාර්යය කරන්න බැරිද කියලාත් හිතනවා ඇති. ඔව් ඔබට පුළුවන් එහෙම කරන්න. ඒත් ඊට වඩා පහසුවෙනුත්, ලස්සනටත් ඉන්න කැමති ස්මාට් ඔබට ඒ ඒ තත්වයන් යටතේ අනුවර්තනය වෙන්නත් පුළුවන් බව ලොවට කියාපාන හොඳම කාලයයි මේ. ඉතින් දැනටමත් මවක් වෙන්න සැරසෙන ඔබටත් ,ඉදිරි කාලයේ මවක් වෙන්න හිතාගෙන ඉන්න ඔබටත් වටිනා කරුනු දැනගන්න දිගටම කියවන්න.

සරල ටී ෂර්ට්

මේ කතා කරන්නේ ඔබට ඇඳලා පුරුදු ටී ශර්ට් වල පෙනුම තියෙන නමුත් කිරි දෙන ඔබට ම විශේෂයෙන් නිර්මාණය කරන ලද ටී ෂර්ට් ගැනයි. ඔබට සුපුරුදු අත්කොට, රවුම් කර ඇති ටී ශර්ට් එකේ පියයුරු වලට ආසන්යෙන් කිරි දීම සඳහාම වන පහසුවෙන් විවෘත කරන්න පුළුවන් කොටසක් මේවට ඇතුලත් කරලා තියනවා. බොහෝවිට ඈත් කරන්න පුලුවන් රෙදි කොටසකින් හෝ invisible zipper එකකින් සමන්විත වන සුවිශේෂීත් කොටස මොස්තරයේම කොටසක් විදියට එන නිසා විශේෂයෙන් කැපී පෙනෙන බවක් නොමැත. දරුවාටත් ඔබටත් පහසු වෙන මේ වගේ ඇඳුම් මෝස්තර අද වෙන විට අන්තර්ජාලය හරහා හෝ එදිනෙදා වෙළඳපොලේ ගැබිනි හා මව්වරුන් සඳහා වෙන් කර ඇති ඇඳුම් සහිත කොටසේ හොයාගන්න පුළුවන්.

Nursing tank top

Tank top අඳින්න ප්‍රිය කරන ඔබට දරු ප්‍රසූතියෙන් පසුව පහසුවෙන් අඳින්න පුලුවන් වර්ගයක් තමයි මේ. මේ වර්ගයේ ලැමට යටින් ඇති කොටස මඳක් ඉහළට ඔසවා පහසුවෙන් දරුවාට කිරි දෙන්න පුළුවන්. ගෙදරට අඳින්න වගේම ගමනක් යන්නත් තෝරාගන්න පුලුවන්.

අත්දිග ටොප්ස්

එදිනෙදා ගමනට ගැලපෙන කැෂුවල් පෙනුමක් සහිත මේ වගේ අත් දිග ටී ෂර්ට් කිරිදෙන මව්වරුන් වන ඔබටත් ගැලපෙන සේ නිර්මාණය කරලා තියෙනවා. ඔබටත් දරුවාටත් ඉතා සුව පහසු වන ලෙස පොලියෙස්ටර් රෙද්දෙන් නිර්මාණය කරන මේවාගේ කිරිදීමේදී මදක් ඉහලට කල හැකි රෙදි කොටසක් මෝස්තරේයේම කොටසක් ලෙස ඇතුලත් කරලා තියෙනවා. මුද්‍රිත රෙද්දෙන් හෝ තනි වර්ණයෙන් මසන ලද මේ වගේ හැඩකාර ටී ශර්ට් අනික් අය වරණනා කරන කොට ” ලස්සන විතරක් නෙමෙයි, දරුවට කිරි දෙන්නත් පහසු function එකක් මේ ඇඳුමේ තියනවා” කියලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම, විශේෂ කාරණය තමයි, බොහෝවිට මේ වගේ ඇඳුම් වල පියයුරු වලට ආසන්නයේ මදක් ඝනකම හොදින් තෙතමනය අවශෝෂණය කරන රෙදි ස්ථරයක් යොදනවා. මුල් කාලයෙදි අධික කිරි නිෂ්පාදනය නිසා ඔබේ ඇඳුම තෙත්වීම පිටතට පේන එක වලක්වා ගන්න එක තමයි එහි අරමුණ

ගැබිනි සමයේ වගේම දරුවාට කිරි දෙන සමයේත් අඳින්න පුළුවන් ගවුම්

බොහෝදෙනෙක් ගැබිනි කාලයේ ගන්නා ගවුම් ඒ අවස්ථාවෙන් පසුව ඉවත් කරනවා. මේ වගේ ඇඳුම් තෝරා ගත්තොත් දරු ප්‍රසූතියෙන් පසුව සාමාන්‍ය ගමනේදී කැශුවල් ඩ්‍රස් එකක් ලෙසට ඒ ගවුම් අඳින්න පුළුවන්. ඒ වගේම දරුවාට කිරිදෙන විශේෂයෙන් සකසන ලද ඉදිරිපස විවරය නිසා ඔබට වඩාත් පහසු වේවි. නැවත පාවිච්චි කරන්න පුලුවන් නිසා ආර්ථිකයට වඩාත් හිතකර වන මේ ගවුම් වර්ගය අද වෙන වන විට සාමාන්‍ය වෙළඳ පොළේ තියෙනවා. මේවා සුවපහසු බවෙනුත් ඉතාම වැඩියි.

කැමිසෝල් ඩ්‍රස්

විලාසිතා ප්‍රිය කරා ඔබට ගැබිනි සමයේ එලියට ගිහින් විනෝද වෙන්න ගැලපෙන ඇඳුමක් තමයි මේ කැමිසෝල් ඩ්‍රස් එක කියන්නේ. ඉතා සැහැල්ලු පෙනුමක් ඇති මේ ඇඳුමේ උරහිස් වලට පටි යොදා ඇති අතර සාය high – low ආකාරයට නිමවා ඇත. තනි වර්ණ රෙද්දෙන් මැසූ උඩ කොටසත්, මුද්‍රිත රෙද්දෙන් මැසූ සාය කොටසත් සඳහා තෝරාගන්නේ කපු මිශ්‍ර සුවපහසු සිනිදු රෙදියි. ඉදිරිපසින් ඉහලට එසවිය හැකි ඇඳුම් කොටස මගින් දරු ප්‍රසූතියෙන් පසුව එදිනෙදා ගමනට nursing dress එකක් එලෙස මේ ගවුම පාවිච්චි කරන්න ඔබට ඉඩකඩ සලසා දෙනවා.

කාර්ටූන් රූප සහ අකුරු මුද්‍රිත ගව්ම්

ගැබිනි සමයේ දරුවා ඔබට ඉතා හුරුබුහුටි පෙනුමක් ලබාදෙන මේ ගවුම් දරු ප්‍රසූතියෙන් පසුවත් අඳින්න පුළුවන්. ගවුමේ ඉණ අසලින් යොදා ඇති zipper එක ඇරීමෙන් කිරි දෙන කාලයේ nursing dress එකක් ලෙස පාවිච්චි කරන්න පුලුවන්. අන්තර්ජාලය හරහා ඔබට කැමති වර්ණ හෝ පින්තූර ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්. මේවා කැශුවල් ඇඳුම් වලට වඩා වෙනස් බැවින් ඔබ ඉතා ෆැශනබල් මවක් බව පහසුවෙන් දිස්වෙනවා.

Wrap dress

ගැබිනි කාලයේ වගේම කිරිදෙන මවක් ලෙසත් මට පහසු වුණේ මේ වර්ගයේ wrap dress. ලැම අවසන් වන තැනින්ම ඉන පටන් ගන්න මේ විලාසිතාවෙන් ගැබිනි කාලයේ කුස හිර නොවී සුවපහසුව සලසයි. ඒ වගේම ඉණ දෙපස ඇති පටි මගින් වර්ධනය වන දරු ගැබත් සමඟ ගවුමේ ප්‍රමාණය හැඩගස්වා ගත හැක. ප්‍රසූතියෙන් පසු සාමාන්‍ය ගවුමක් ලෙස අඳින්න පුලුවන් අතරම ලැම අසලින් මඳක් ඈත් කර කිරි දෙන්නත් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles