ඔබේ සිරුරේ හැඩයට ගැළපෙන ඩෙනිම් කලිසම තෝරන්නේ කොහොමද?

ඩෙනිම් කලිසම ගැහැණු ළමයි අතර ප්‍රචලිත විලාසිතාවක්. ඩෙනිම් කලිසම සිරුරට පහසු වීමත් සිරුරේ ලාලිත්‍ය මනාව ඉස්මතු කිරීමත් නිසා එය හැමෝගෙම තෝරා ගැනීමක් වෙලා අවසන්. නමුත් අපි අපට ගැළපෙන ඩෙනිම් එක තෝරා ගන්න හැමවෙලාවකම කල්පනාකාරී වෙන්න ඕනෑ.

සිරුරට ගැළපෙන ඩෙනිම් එක තෝරන්නේ කොහොමද?

  • Slim fit, Slim cut, Regular, Stretched ආදී වශයෙන් විවිධ වර්ගයේ ඩෙනිම් වර්ග සහ High හෝ Law – waisted ඩෙනිම් ඔබට සිරුර අනුව මිලදී ගන්න පුලුවන්
  • ඔබට තියෙන්නේ මහත සිරුරක් නම් ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න High-waisted වර්ගයේ ඩෙනිමක් ඇඳීම සුදුසුයි.
  • එයට ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්.
  • ඩෙනිම් රෙද්ද තරමක් ඇදෙන සුළු නම් එවැනි ඩෙනිම් කකුල් ටිකක් මහත අයට ගැළපෙනවා.
  • ඒත් stretch එක වැඩි ඩෙනිම් කකුල් කෙට්ටු අයට එතරම් ගැළපෙන්නේ නෑ. එවිට කකුල් පේන්නේ තවත් කෙට්ටුවට.

ගැළපෙන පාට මොනවාද?

කළු සහ නිල් පාට ඩෙනිම් එකක් ඔෆිස් අඳින්න වුණත් සුදුසුයි.ඔබට ලා පාට බ්ලවුස් එකක් එයට මැච් කරගන්න පුලුවන්.

ඒ ඇරුණම සාමාන්‍ය ගමන් සඳහා නම් කළු සහ නිල් පමණක්ම අඳින්න එපා. හොඳ මෙටීරියල් එකක විවිධ පාට අත්හදා බලන්න.

මේ දවස්වල Trends කොහොමද?

මේක හරිම වැදගත්. ඩෙනිම් වගේ ටොපික් එකක් නිතරම අප්ඩේට් වෙනවා.ඒ නිසා මේ දවස්වල ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න බලන්න.

Rip it up

පැච් ඩෙනිම්ස් ලෙස අඳින්න පුලුවන්. high-waisted ripped jeans තමයි මේ දවස්වල ට්‍රෙන්ඩ් එක.

Boot-Cut Baby

හැත්තෑව දශකයේ විලාසිතාවක් පොඩ්ඩක් වෙනස් වෙලා ඇවිත්. මේ ඩෙනිම් එකේ Navy blue ඩෙනිම් එක ඔබට වඩා හොඳින් ගැළපෙයි.

High-Rise & Wide-Leg

කකුල ඇඟට හිර නැති wide leg විලාසිතාවට අයත් ඩෙනිම් එකක්.

Skinny Legend

මේ ඩෙනිම් එක බොහෝ ගැහැණු ළමයින්ගේ ජනප්‍රියම විලාසිතාවක්

Shorty Get Loose

මේ ඩෙනිම් එකත් දිගත් නොවන කොටත් නොවන ස්ටයිල් එක නිසා ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ විලාසිතාවක්.

ඩෙනිම් එකකට ඕනෑම ටොප් එකක් ගැළපෙනවා.
කුර්තා, මැක්සි ඩ්‍රෙස්, විවිධ වර්ගයේ බ්ලවුස්, ටී ෂර්ට්, ජැකට් ඕනෑම දෙයක් ගැළපෙනවා. නමුත් ඔබේ ඩෙනිම් වර්ගය අනුව පහත රූප වල වගේ විලාසිතා කිරීම ඔබේ පෙනුම වඩා ඔප් නංවන්න හේතුවක් වේවි.

ඩෙනිම් එකට ගැළපෙන පාවහන්.

  • Combat Boots
  • Strappy Heels
  • Flats 
  • Sandals
  • Flip Flops
  • Ankle Strap Platforms
  • Converse Shoes

මේ ආකාරයට ඔබට ඩෙනිම් කලිසම් සහ පාවහන් මැච් කර ගන්න පුලුවන්.

ඩෙනිමක් කියන්නේ ඕනෑ තැනකට අඳින්න පුලුවන් ඇඳුමක්. හැබැයි පැච් ඩෙනිම් සහ Shorty Get Loose වර්ගයේ විලාසිතා ඔෆිස් අඳින්න එහෙම ඒ තරම් මැච් වෙන එකක් නෑ.

ඒ වගේම තමයි පැරණි නොවන ඩෙනිම් විලාසිතාව ඒ ඒ කාලයේ ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්න අඳින්න. නිතරම අප්ඩේට් වෙන්න.අපිට පහසුම ඇඳුම උනත් කාලයේ තාලයට ඇන්දොත් ඔබේ පෙනුම පොලිෂ් වෙන එක සහතිකයි

Related Articles

Don't Miss


Latest Articles