smart look එකට ඔෆිස් යන්න කැමති ඔබට ගැලපෙන ඇඳුම් විලාසිතා.

ලස්සනට ඔෆිස් යන්න හැම යුවතියක්ම බොහොම කැමතියි. හැමදාම එකම ස්ටයිල් එක අඳිනවට වඩා අලුත් අලුත් ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න කැමති ඔබට තමයි මේ ලිපිය.

Ladies office wears මේ කාලය වන විට බොහොම පහසු සහ ස්මාර්ට් විලාසිතා බවට පත් ව තිබෙනවා. බොහොම සරල විලාසිතාවක් තුළින් ඔබේ පෞරුෂය වැඩි කර ගන්න, ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න ඒ නිසාම ඔබට පුලුවන්.

රජයේ ආයතනවල සාරි සහ ඔසරි විලාසිතා අනිවාර්යය වුවත් පෞද්ගලික ආයතන වල ඔබට ඒවා අනිවාර්ය නැහැ. බොහෝ අවස්ථාවල formal විලාසිතාවලින් සැරසෙන්න ඔබට සිදු වෙනවා.නමුත් සති අන්තය ඔබට Casual විලාසිතා වලට විවෘතයි.

Formal විලාසිතා.

Office Trouser හෝ ස්කර්ට් සමඟ ඔබට පහත රූපවල ඇති අන්දමේ විලාසිතා අනුගමනය කරන්න පුලුවන්. ඔබ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා නම් Pants සහ Trouser තෝරා ගැනීම ඔබට පහසුවක් වේවි. Trouser තෝරා ගැනීමේ දී කලු,නේවි බ්ලූ, අළු පාට වඩා සුදුසු වෙනවා.

ඔබ ස්කර්ට් අඳින විට ඒවා ඔබේ දණහිස මට්ටමට තෝරා ගන්න. Tight skirt ම තෝරා ගත යුතු නැහැ. පහත විලාසිතා වුවත් සුදුසුයි.

Shirt සහ Blouse සුදු පැහැය සහ ලා පැහැය වීම මේ දවස්වල විලාසිතා අතර ජනප්‍රියම එකක්. ඔබට අවශ්‍ය නම් මේ රූපවල පරිදි ජැකට් එකක් හෝ බ්ලෙසර් එකක්ද භාවිතා කරන්න පුලුවන්.

මේ හැම විලාසිතාවක් ම තනි පැහැයකින් තෝරා ගන්න.( ස්කර්ට් එක හෝ ට්‍රවුසර් එක එක් පැහැයක් සහ බ්ලවුස් එක තව පැහැයක් ආකාරයෙන් )

මේවාට ඔබට බොහෝ විට heels විලාසිතා තමයි ගැලපෙන්නේ.

හෙයාර් ස්ටයිල්ස් මේ විදියට කරන්න පුලුවන්.

Casual විලාසිතා

මේ විලාසිතා කරනකොට ඔබට ආභරණ පලඳින්න සහ ටිකක් හෙවි මේකප් එකක් යොදන්න බාධාවක් නැති බව අමතක කරන්න එපා.

මේ වගේ විලාසිතා මේ දවස්වල ට්‍රෙන්ඩින්ම Smart Casual විලාසිතා කියලා කියන්න පුලුවන්. ගවුම් තෝරා ගනිද්දී නම් මෙන්න මේ ලිපියත් කියවලාම තෝරා ගන්න.

මේ රූපවල හෙයාර්ස්ටයිල්ස් තෝරා ගන්න.

මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

ප්‍රින්ටඩ් ටී ෂර්ට්ස්, විශාල ප්‍රමාණයේ විලාසිතා මුද්‍රිත wide leg pants, ඉතා තද වර්ණයේ ඇඳුම් මේ කාලයේ ඔෆිස් විලාසිතා වලට අයිති නැහැ.

ඕනෑම විලාසිතාවක් ඔබේ සිරුරට අනුව ගලපා ගන්න නම් අමතක කරන්නම එපා. Trouser , legging, frocks තෝරා ගන්න ආකාරය වගේම මේකප් තෝරා ගන්න ආකාරය පවා අපේ Smart fashion කැටගරි එක තුළ ඇති ලිපි වලින් ඔබට දැන ගන්න පුලුවන්

ඔබ ට්‍රෙන්ඩින් ගැන සැලකිලිමත් නම් ජනප්‍රිය විලාසිතා වෙබ් අඩවිවල නිතරම අප්ඩේට් වල ඡායාරූප නරඹන්න. විලාසිතා ගැන ඉතා දිගු ලෙස විස්තර කරන්න දේවල් නැහැ. නමුත් වෙබ් අඩවි සහ printerst හි trending updates ඡායාරූප ගැන විමසිලිමත් වූ විට ඔබට කාලයේ තාලයට ඔෆිස් යන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles