තලෙළු සමක් සහිත යුවතියන්ට ගැලපෙන වර්ණ.

වර්ණයක් කියන්නේ පෞද්ගලික තේරීමක්. ආත්මාභිමානය ඇතුව ඇන්දොත් ඔබට ඕනෑම වර්ණයක් ගැලපෙනවා. නමුත් ඔබ හිතනවා නම් ඔබේ සමයේ පැහැයට ගැලපෙනම වර්ණය මොකක්ද කියලා, අන්න ඒ ගැනයි අපි මේ කතා කරන්නේ. ආසියාතික අපි වැඩි දෙනෙකුට හිමිවෙලා තියෙන්නේ තියෙන්නෙ තලෙලු/දුඹුරු පැහැති සමක් . අපේ රටවල පවතින අදික උෂ්නත්වයට ඔරොත්තු දෙන ලෙස මෙලනින් වැඩි ප්‍රමාණයක් ඇති මේ සමට ගැලපෙන ලෙස ඇඳුම් පැලඳුම් වල වර්ණ තෝරාගත්තොත් ඔබව තවත් හැඩට පෙනේවි. ඒ නිසා ඊළඟට සාප්පු සවාරි යනකොට මේ වර්ණ වල ඇඳුම් උත්සාහ කරල බලන්නකෝ.

Ivory

Ivory නැත්නම් ඇත් දළ පැහැය ඕනෑම වර්ගයක සමක් ඇති කෙනෙක්ට ගැලපෙනවා. ඔබට චාම්, සරල මෙන්ම වටිනා පෙනුමක් දෙන්න මේ වර්ණයට පුලුවන්. විශේෂයෙන්ම තද පැහැ සමකට ගැලපෙන මේ වර්ණය ඔබේ පෙනුම වඩාත් හැඩ කරයි. උත්සව අවස්තා සඳහා සාරි තෝරන අවස්තාවේදී ඔබට ගැලපෙන වර්ණයක් ලෙස ඇත්දළ පැහැය නම් කරන්න පුළුවන්.

කලු වර්ණය

රාත්‍රී සාද හෝ රාත්‍රි උත්සවයන් සඳහා වඩාත් ගැලපෙන කළු වර්ණය; තද පැහැති සමක් හිමි ඔබට ද ඉතාමත් අලංකාරයි. ඔබ තෝරා ගන්නා ඕනෑම shade එකක කළු වර්ණයක් (තද හෝ ලා ) ඔබට සැහැල්ලු පෙනුමක් හිමි කරල දෙයි . කළු වර්ණය අඳින විට සරල මේකප් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබට වෙනසක් අවශ්‍ය නම් දිවා කාලයටත් කළු වර්ණය අඳින්න පුළුවන් . ඒ දවසට වර්ණවත් ඇඳුම අඳින අනිත් අය අතරින් ඔබ විශේෂයෙන් කැපී පෙනෙයි.

Musterd yellow

ඔබේ සමේ වර්ණය බබලන පැහැයක් බවට හරවන්න පුළුවන් වරණයක් තමයි මේ. ඔබ මෙම වර්ණයේ ඇදුම් තෝරා ගත්තොත් ඇඳුම කුමක් උවත් පෙනුමේ ඇති අලංකාරය ඔබට සැමවිටම දැනේවී. ඒ වගේම වෙනත් වර්ණ වලට වඩා පින්තූර සඳහා වඩාත් ගැලපෙන වර්ණයකි. තවමත් විලාසිතා රැල්ල තුල පවතින මේ වර්ණයේ ඇඳුම් තේරුවොත් එය ඔබ සඳහාම නිම වූවා සේ ඔබට දැනෙයි.

නිල් පැහැය

ඕනෑම සමේ වර්ණයකට ගැලපෙන නිල් පැහැය ඔබට නිර්භීත සහ විශ්වාසදායක පෙනුමක් ලබාදෙනු ඇත. ඒ වගේම මෙහි ලා පැහැයන් ඔබගේ පෙනුම තවත් ඔපවත් කරයි. විශේෂ අවස්ථාවක් සඳහා ඔබට කැපී පෙනෙන ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න අවශ්‍ය නම් අනිත් සියලු පැහැයන් අමතක කරලා ඔබ නිල් වර්ණය දිහා බලන්න. දීප්තිමත් නිල් පැහැයන් සමඟ රිදී ආභරණ ඔබට හොඳ පෙනුමක් ගෙන දෙනවා. මේ නිසාම ඔෆිස් පාර්ටි වැනි ඩ්‍රස් කෝඩ් එකක් දෙන අවස්ථාවලදී නිල් පැහැයට විශේෂ ඉල්ලුමක් තියෙන්නේ .

Lavender

ඔබට හුරු බුහුටි, සැහැල්ලු පෙනුමක් අවශ්‍ය වෙලාවට ගැලපෙනම පාටක් තමයි ලැවැන්ඩර් කියන්නේ. සරල මේකප් එකක් සමඟ මේ වර්ණයේ ඇඳුමක් ඔබට සෙනඟක් අතරින් වුවද අංගසම්පූර්න සහ හුරුබුහුටි පෙනුමක් ලබාදෙන්නේ එය ඔබේ සමට එතරම් ගැළපෙන නිසාවෙනි. .

සුදු පැහැය

ඔබේ සමේ පැහැයට දීප්තිමත් පෙනුමක් ලබා දෙන සුදු පැහැය ඔනෑම සමේ වර්ණයකට මෙන්ම තලෙළු සමටත් ගැලපෙනවා. ඔබට off- white (shades) වර්ණද තෝරා ගන්න පුළුවන්. ඒත් off white තෝරද්දි ඔබේ සමට අඳුරු පැහැයක් එකතු කරන වර්ණ තෝරානොගන්න සැලකිලිමත් වෙන්න.

තැඹිලි පාට

ඔබට වඩාත් පරිපූර්ණව හා වෙහෙසකින් තොරව සමූහයක් අතරින් කැපී පෙනෙන්න නම් තෝරගන්න ඕනෙ පාටක් තමයි මේ පාට. ඔබේ ආත්මාභිමානය තවත් වැඩි දියුණු කරමින් විශ්වාසෙන් අඳින්න පුළුවන් පාටක් ලෙස තැඹිලි පාට හඳුන්වන්න පුළුවන් . ඔබේ සමේ වර්ණයට ගැළපෙන ලෙස දීප්තිමත් හෝ තද පැහැය තෝරා ගන්න සැලකිලිමත් වෙන්න. ආභරණ තෝරන විට ඔක්සිහරණ කල ස්වර්ණාභරණ හෝ රිදී ආභරණ ඔබට තෝරා ගන්න හැකුටාව ලැබෙනවා. ඒ කියන්නේ ඔබ ඉන්දියානු අභරණ ප්‍රිය කරනවා නම් මේ අවස්ථාව ඔබටයි.

අලු පැහැය

ඔබේ සමට ප්‍රශංසනීය පෙනුමක් එක් කරයි. අළු පාට ඇත්දළ පාට ඔබේ සමේ වර්ණයත් සමඟ වඩාත් ගැලපීමට උත්සාහ කරන වර්ණ වේ.

දුඹුරු පැහැය

තද පැහැති සමක් හිමි ඔබට උත්සව අවස්ථාවක් සඳහා වඩාත් ගැලපෙන වර්ණයකි. ඔබ දුබුරු පැහැති සාරියක් හෝ ලෙහෙන්ගා අදින වෙලාවට තැඹිලි පැහැය හෝ ඒ හා සමාන වර්ණයක වඩා දීප්තිමත් නොවන වර්ණයක බ්ලව්ස් එකක් තෝර ගන්න අමතක කරන්න එපා.

Fuchsia

රෝස පැහැය අඳින්න ප්‍රිය කරත් ඔබේ සමේ පැහැයට රෝස පැහැය ගැලපෙන්නෙ ගැලපෙන් නෑ කියල හිතන ඔබට තමයි මේ විකල්ප වර්ණය. විලාසිතා රැල්ලෙන් ඉවතට නොයන Fuchsia වර්ණය තලෙළු සමක් හිමි ඔබට බය නැතුව අඳින්න පුළුවන්. ඔබේ සමට දීප්තිමත් පෙනුමක් එක් කර අලංකාර කරන මේ වර්ණය සමඟ දුඹුරු පැහැය නිල් පැහැය ගැලපෙනවා . උදාහරණයක් ලෙස fuchsia වර්ණයේ සාරියක් සමග ඒ නිල්, දුඹුරු පාට හැට්ට අඳින්න පුළුවන්

Maroon

කළු පැහැයට සමානව ඉතා ආකර්ෂණීය පැහැයක් තමයි maroon පාට කියන්නේ. ඔබට දීප්තිමත් පෙනුමක් එක් කරන මේ පාට ඔබට ඕනම උත්සව අවස්ථා පදින්න පුළුවන්. රන් පැහැයෙන් හෝ රිදී පැහැයෙන් ආභරණ තෝරාගත්තොත් ස්මාට් ඔයා පරිපූර්ණව පෙනෙයි.

පුංචි රහසක්

ඔබ ඇඳුම් ගන්න සාප්පු සවාරි යනකොට අභන්තර ආලෝකය පිලිබඳව සැලකිලිමත් වෙන්න. බොහෝවිට fit on room වල සුදු ආලෝකය යොදනවා. සුදු ආලෝකය හෝ දවල් අව්ව සමඟ පමණයි ඇඳුමේ නියම පැහැය පේන්නේ. කහ එලිය යටතේ ඔබ ඇඳුම් තේරුවොත් ඔබ තෝරන ඇඳුම ඔබට නොගැලපෙන්නත් පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles