අඩු බජට් එකකින් ඉහළ වටිනාමක් ඇති ලස්සන සාරියක් හදා ගන්නේ මෙහෙමයි.

මංගල උත්සවයක් හෝ වෙනත් උත්සවයක් ගැන ආරංචියක් ලැබුණම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි “මොකක්ද මම අඳින්නේ” කියන එක. බොහෝ යුවතියන්ගේ තේරීම වන්නේ සාරි. නමුත් උත්සවයකට සාරියක් තෝරා ගැනීමේදී තරමක විශාල මුදලක් එයට වැය වීම බොහෝ දෙනෙකුට ලොකු ගැටලුවක්. ඒත් උත්සවයකට ලස්සනට නොයා ඉන්නත් බෑ.

ඉතින් ලොකු මුදලක් වැය නොකර ඒත් ඉතාම ලස්සනට සාරියක් හදා ගන්න මෙන්න මේ ටිප්ස් ඔයාට හරිම වැදගත් වේවි.

එක් මෙටීරියල් එකකින් ලස්සනට සාරියක් හදා ගන්නේ මෙහෙමයි.

1.Floral printed metiral සාරිය ඔබට හොඳ පෙනුමක් ලබා දෙන සාරියක්. මේ රෙද්දකින් සම්පූර්ණ සාරියක් සකසාගෙන ජෝජට් මෙටීරියල් එකකින් ජැකට් එක හදා ගන්න ඔබට පුලුවන්.

2.ඒ වගේම සිල්ක් රෙද්දකින් සම්පූර්ණ සාරිය සකසා ගන්න ඔබට පුලුවන්. කඩා හැලෙන රෙද්දක් නිසා ඔබේ නාරි ලාලිත්‍ය ඉතා අපූරු ලෙස ඔප් නංවන්න ඒ සාරියට පුලුවන්. ඒ වගේම එක් පැත්තක් මැට් පෙනුමත් අනිත් පැත්ත සාමාන්‍ය සිල්ක් රෙද්දත් ඇති මැජිකල් මෙටීරියල් එකක් වෙළඳපොලේ පවතිනවා. මෙහි තියන අපූර්ව රහස මොකක්ද දන්නවද?

මේ එක රෙද්දකින් හදා ගන්න සාරිය ඔබට සාරි දෙකක් ලෙස දෙපැත්තටම අඳින්න පුලුවන්.

  1. සැටින් රෙද්දත් හොඳ පෙනුමකින් සාරියක් හදා ගන්න ඉතාම සුදුසුයි.ජෝජට් රෙද්දෙන් හෝ printed metiral එකකින් ජැකට් එක සකසා ගන්න ඔබට පුලුවන්.

ඔබට සාරි ජැකට් සකසා ගැනීම ගැන මේ ලිපියෙන් අයිඩියාස් ගන්න හැකියාවක් තියෙනවා.

මහත යුවතියකට ගැළපෙන විදිහට සාරිය සහ Jacket එක තෝරා ගන්නේ මෙහෙමයි.

මෙටීරියල් කිහිපයකින් ෆැෂනබල් සාරියක් මේ විදියට හදා ගන්න.

  1. Stelazo මෙටීරියල් එකෙන් සාරියේ පොට කොටස සකසා ගන්න.ජෝජට් මැටීරියල් එකෙන් සාරියේ රැප් කරන කොටස සකසා ගන්න. මෙය හොඳ වටිනාකමක් සහිත පෙනුමක් හදා ගන්න පුලුවන් සාරියක්.
  2. වෙල්වට් රෙද්දෙන් ද ඔබට බොහොම ලස්සන වටිනා පෙනුමක් තියන සාරියක් හදා ගන්න පුලුවන්. මේ රෙද්ද සාරියකට ටිකක් උස මදි. ඒ නිසා රේන්දයක් සහිතව මසා ගන්න. රෙද්ද ටිකක් බර නිසා සාරියේ රැලි කොටසට බර අඩු මෙටීරියල් එකක් අරන් සාරිපොට වෙල්වට් රෙද්දෙන් සකසා ගන්න.
  3. Brocade metiral එකෙන් සාරියේ පොටකොටස හදා ගන්නත් ඔබට පුලුවන්. එය බරැති වටිනා පෙනුමක් ලබා දෙනවා. යට කොටස ජෝජට් රෙද්දකින් සකසා ගන්න.

ඔබ ලස්සනට සාරියක් අඳිනකොට මේ කරුණුත් අමතක කරන්නම එපා
https://smartlady.lk/article/7300

සාරියට බෝඩර්ස් හදා ගන්නේ කොහොමද?

මේ දවස්වල ට්‍රෙන්ඩ් එක පර්ල් බෝඩර්ස්.ඉතාම අඩු මිලට පර්ල් බෝඩර්ස් ඔබට සාරියට අල්ලා ගන්න පුලුවන්. මේවයින් ඉතා වටිනා පෙනුමක් සාරියට ලැබෙනවා.සාමාන්‍ය සාරියකට යාර නවයක් පමණ දිගැති බෝඩරයක් යොදා ගන්න ඕනෑ.

මේ කියන්න යන්නේ පොඩි රහසක්!!

අපි මේ වගේ සාරියක් හදා ගන්න බ්‍රෑන්ඩඩ් ෂොප්ස් වලට යන්න ඇත්තටම අවශ්‍ය නැහැ. යන්න පිටකොටුවේ සාරි ලේන් එකේ රවුමක්. ඔබට රුපියල් පන්දාහක් වගේ මුදලකට ඉහත සාරි හදා ගන්න පුලුවන්. එහෙම නැත්නම් මහරගම පමුණුවේ සවාරියකටත් මේ මෙටීරියල්ස් ඉතා අඩු මුදලට ඔබට මිලදී ගන්න පුලුවන්

හැබැයි ලැබෙන්නේ ඉතාම වටිනා පෙනුමක්. අවශ්‍ය වෙන්නේ තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබට තියන දැනුම සහ රසය. තමන්ට ගැළපෙන පාට සහ රෙද්ද ගැන අදහස හරියටම අරගෙන මේ විදියට අඩු මුදලට සාරියක් හදාගෙන ලස්සනට ස්මාර්ට් පෙනුමට ඉන්න!!

Related Articles

Don't Miss


Latest Articles