පියයුරු වලට මනා හැඩයක් ලබා දී ඔබට ආකර්ෂණීය බවක් ලබා දෙන කප් බ්‍රා විලාසිතා

කප් බ්‍රා කියන්නේ තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. තමන්ගේ පියයුරු කුඩා බව හිතන තරුණියන් අතර වගේම පියයුරු වල ආකර්ෂණීය බව වැඩිකර ගන්න කැමති කාන්තාවන් අතර ජනප්‍රියම බ්‍රා වර්ගය කප් බ්‍රා කියන්න පුලුවන්.

කප් බ්‍රා සකසන්නේ බ්‍රා කප් වලට paded කොටස් පිරවීමෙන්. බොහෝ විට නයිලෝන් වැනි රෙදි වර්ග වලින් වගේම කොට්න් රෙදි වලිනුත් බ්‍රා එක නිර්මාණය වෙනවා. කප් බ්‍රා අදින්න කැමති අය වගේම සමහර කාරණා නිසා කප් බ්‍රා අඳින්න අකමැති අයත් ඉන්නවා.

ඇත්තටම කප් බ්‍රා එකක් අඳින්න ඕනෑ ඇයි, ඉන් අපට ලැබෙන දේවල් සහ කප් බ්‍රා හැමදාම අඳින්න ඕනෑද කියලා අපි බලමු.

ඔබ කප් බ්‍රා ඇදීමට තෝරා ගත යුත්තේ ඇයි?

පියයුරු සඳහා අවශ්‍ය සුවපහසුව ලබා දෙනවා.

මැදට යොදා ඇති පැඩඩ් කොටස නිසා අනෙක් බ්‍රා වලට වඩා කප් බ්‍රා සුවපහසුවක් ලබා දෙනවා.

ඔබේ පෙනුම ගැන විශ්වාසය වැඩි කරනවා.

සමහර යුවතියන් තමන්ගේ පියයුරු කුඩා නිසා තමන්ගේ පෙනුමට බලපෑමක් වෙනවා කියල පීඩාවෙන් ඉන්නවා.ඇත්තටම එහෙම පීඩාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට හොදම විසඳුම කප් බ්‍රා තමයි.

ඔබේ පියයුරුවල හැඩය ලස්සන කර පෙන්වනවා.
කප් බ්‍රා එකේ මැද තියන පැඩඩ් කොටස නිසා වගේම වටේට ඇති රාමුව නිසා පියයුරු වලට හැඩැති බවක් ලබා දෙනවා. පියයුරු වල දෙපැත්තෙන් නෙරා එන මස්ගොබ සාමාන්‍ය බ්‍රා එකක් මගින් වහන්න අපහසු නිසා ඒ කොටස් එළියට නෙරා පෙනීමෙන් ඔබේ සිරුරේ සුන්දරත්වයට බාධාවක් වෙනවා. නමුත් බොහෝ කප් බ්‍රා එම කොටස වැහෙන ලෙස පියයුරු වල හැඩය මතු කරන ලෙස ද නිමවා තිබෙනවා. ඒ තුලින් ඔබේ පියයුරු වලට මනා හැඩයක් ලබා දෙනවා.

ඔබේ ඉරියව් නිවැරදි ව පවත්වා ගන්න උදව් වෙනවා.

ඔබේ පියයුරු පහළට එල්ලෙන ලෙස කුදු බවකින් ඉන්න පුරුදු වෙලා නම් කප් බ්‍රා වලින් ඔබේ පියයුරු තරමක් ඉහළට කර තබා ගැනීම වාසියක් වේවි.

හැමදාම කප් බ්‍රා ඇන්දට කමක් නැද්ද?

ඔබේ එදිනෙදා විලාසිතා අනුව බ්‍රා එක තෝරා ගැනීම වඩා සුදුසුයි. මේ ගැන අපි මීට කලින් මේ ලිපියෙන් කතා කළා ඔබට මතක ඇති.

හැබැයි ඔබේ පියයුරු එල්ලා වැටෙන ස්වභාවයක් තියෙනවා නම් වගේම පියයුරු තරමක් කුඩා නම් ඔබට කප් බ්‍රා එකක් ඇඳලා ඔබේ පියයුරු වලට ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුලුවන්.

ඔබ නිතරම කප් බ්‍රා ඇඳීමේ දී හම රතු වීම, රෑෂ් හට ගැනීම ආදිය වෙනවා නම් එය ඔබ අඳින බ්‍රෑන්ඩ් එකේ ගැටලුවක් හෝ සයිස් එකේ ගැටලුවක්. එය නිවැරදි කර ගන්න.

ඔබ වඩා තදට බ්‍රා එක අඳිනවා නම් එය ඔබේ රුධිර සංසරණ පද්ධතියට හානිදාකයි. ඒ නිසා මුල් ලිපිය ආයෙමත් කියවලා හරි සයිස් එක තෝරා ගන්න.

නිවැරැදි කප් බ්‍රා සයිස් එක තෝරන්නෙ මෙහෙමයි

ඉස්සරලම අපි කරන්න ඕන දේ අපේ පියයුරු වල ප්‍රමාණය හරියටම මැන ගැනීම. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම පියයුරු වලට පහළින් ඉල ඇට වටා වට ප්‍රමාණය මැනගන්න. ඇඟේ මිම්මටම මැනගැනීම අනිවාර්යයයි. ටේප් එක පිට පැත්තෙන් පහළට හෝ ඉහළට යන්න නොදී සමාන්තරව තබාගන්න.

දැන් පියයුරු වටා මැනගන්න. මෙහිදී ටේප් එක තනපුඬු හරහා යන විදියටත්, පිටු පසින් එල්ලා නොවැටෙන්නත්, තරමක් බුරුලටත් මැනගන්න.

මුලින්ම ඉල ඇට වටා මැනගත් මිනුම තමා ඔබේ බ්‍රා එකේ බෑන්ඩ් එකේ මිනුම. මෙහිදී 31 1/2 වගේ බාග ගණනක් ආවොත් ආසන්නම වැඩි අගය වන 32 අගය ලබාගන්න. ඉන්පසු මෙම අගය සෙන්ටිමීටර (cm) වලට හරවා ගන්න.

දැන් ඔබ ලබාගත් පපුවේ මිම්මෙන් බෑන්ඩ් එකේ මිම්ම අඩු කරන්න. ඉතිරි වන අගය අනුව කප් සයිස් එක තෝරා ගන්න පුලුවන්.

කප් සයිස් ගැනත් දැනුවත් වෙන්න ඕන නේද?

සෙ.මි 13 වෙනස කප් සයිස් – A
සෙ. මි 15 වෙනස කප් සයිස් – B
සෙ. මි 17 වෙනස කප් සයිස් – C
සෙ. මි 19 වෙනස කප් සයිස් – D
සෙ. මි 21 වෙනස කප් සයිස් – DD නැත්නම් E

ඊට පස්සේ අපිට පුලුවන් හරියන බ්‍රා සයිස් එක තෝරා ගන්න.

බෑන්ඩ් එකේ සයිස් එකයි කප් සයිස් එකට අනුව එන අකුරයි තමා ඔබේ බ්‍රා සයිස් එක. ඒ කිව්වෙ බෑන්ඩ් එක අඟල් 32 සහ කප් සයිස් එක B නම් බ්‍රා සයිස් එක වෙන්නෙ 32B.

බ්‍රා එකක් තෝරගන්නකොට ඔබේ මිනුම් වලට අනුව එන බ්‍රා එක බෑන්ඩ් එකෙන් තදයි නම් ඊට වඩා ලොකු බෑන්ඩ් සයිස් එකෙන් පොඩි කප් සයිස් එක තෝරගන්න.

ඔන්න දැන් අපි අපේ බ්‍රා එකේ සයිස් එක හරියටම දන්නවා.

මිලදී ගන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න

ඔබ කප් බ්‍රා එකක් මිලට ගන්නවා නම් එය fit on කර බලා තෝරාගැනීම වඩා සුදුසුයි.

ඔන්ලයින් ඕඩර් කරනවා නම් metiral ගැන වඩා සැලකිලිමත් වෙන්න.

කප් දෙක සමව පිහිටා තිබීම සහ කප් දෙක අතර තරමක ඉඩක් පැවතීමත් සුදුසුයි.

කප් එකේ වයර් ආදිය ඔබට අපහසු නැතිද යන කාරණය ගැනත් තේරුම් ගන්න.

කප් බ්‍රා එකේ වාසි.

පියයුර හොඳින් වැසෙන අතර තන පුඩුව මතු වී පෙන්වන්නේ නැහැ.
පියයුරු වලට හොඳ හැඩයක් ලැබෙනවා.

කප් බ්‍රා එකේ අවාසි

දහඩිය දැමීම අධික වීම තමයි කප් බ්‍රා එකේ ලොකුම අවාසිය.

සමහර කප් බ්‍රා වල පටිය සිහින් නිසා එයත් ඔබට අපහසුවක් දනවන්න පුලුවන්.

cotton, spandex, nylon, mesh, සහ polyamide වගේ විවිධ රෙදි වලින් කප් බ්‍රා නිපදවන නිසා සමහර ඒවා තරමක් මිල අධිකයි

ලස්සනට ඉන්න ලස්සන ඇඳුම් විතරක්ම මදි. ඔබේ ඇගේ හැඩය ඉස්මතු කර පෙනවන ඔබේ යට ඇඳුමත් නිවැරදි ව තෝරා ගන්න ඕනෑ. දැන් ගැලපෙන කප් බ්‍රා එක හරියටම තෝරා ගන්න ඔබට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles