රාත්‍රී සාදයකදී ඔබට සුන්දර පෙනුමක් ලබා දෙන Evening Dress.

මේ ලිපියෙන් අද අපි කතා කරන්නෙ රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සවයකදි ඔබේ සුන්දරත්වය වැඩි කරල glamour look එකක් ඔබට ලබා දෙන evening dress fashion හෙවත් සැන්දෑ ගවුම් විලාසිතා ගැනයි

ඒක තව දුරටත් විස්තර කරොත්, අපි ඔෆිස් වලට විශේෂයෙන් තෝරාගෙන අදින Office wears (ඔෆිස් ඇඳුම්), නැතිනම් සාමාන්‍ය ගමන් බිමන් වලට අදින casual wears වගේම රාත්‍රී උත්සව සඳහාම පමණක් අදින ආවේණික ඇඳුම් විලාසිතාවක් තමයි evening dress කියන්නේ. රාත්‍රී කාලයට පමණක් ඇඳීම තමයි මේවාට ආවේනික රීතිය.

විදේශ රටවල ඔපෙරා, ප්‍රොම්, රාත්‍රී භෝජන, කොක්ටේල් සාද, මංගල උත්සව වැනි අවස්ථාවන් සඳහා ඒවාටම ආවේණික වූ විවිධාකාර විලාසිතාවන් තිබෙනවා. නමුත් ලංකාවේ අපට එවැනි සාද සඳහා වෙන වෙනම ඇදුම් විලාසිතා නැති නිසා රාත්‍රි කාලයේ පැවැත්වෙන සාද, මංගල උත්සව වැනි ඕනෑම අවස්තාවක් සඳහා ඔබේ රුචිකත්වය පරිදි මේ සැඳෑ ගවුම් තෝරාගන්න පුලුවන්.

දැනට ලංකාවේ රංගන ශිල්පිනියන් ඇතුලු සුවිශේෂී වූ කාන්තාවන් සුළු පිරිසක් අතර පමණක් මේ ඇදුම් ජනප්‍රිය වීමක් දකින්න ලැබෙනව . නමුත් පෞරුෂය හා සරාගී බව දෙකම ඉස්මතු වන ආකාරයේ උසස් පෙනුමක් ලබා ගන්න කැමති ඕනෑම කාන්තාවකට මෙවැනි ඇදුමක් ගැලපෙනව.

දැන් බලමු ලොව පුරා ජනප්‍රිය evening dress fashion කීපයක් ගැන. මේ අතරින් ඔබ සහබාගී වෙන උත්සවය අනුව ඔබට ගැලපෙන ඇදුම් විලාසිතාවක් තෝරා ගන්න ඔබට පුලුවන් ..

Arial wine ombre dress

ලෝකයේ ජනප්‍රිය තරු අතර ප්‍රචලිත විලාසිතාවක් වන මේ සැඳෑ ගවුම දෙපා දක්වාම දිගු වෙනවා. උරහිස් පටි වලින් සමන්විත මේ ගවුමෙි ඉණ අසලින් එක් පසෙකින් ගැට ගසන පටියත්, මැදින් ඉතා ඉහලට පවතින ස්ලිට් එකක් නිසා ඔබට සරාගී පෙනුමක් ගෙන දෙනවා. අඟල් කීපයක් උස පාවහන් යුගල පැළදීමෙන් ඔබට අංග සම්පූර්ණ පෙනුමක් ලබා ගන්න පුළුවන්. ප්‍රමාණයෙන් විශාල මාලයක් සමඟ කුඩා කරාඹු යුගලක් ගලපන්න ඔබට පුලුවන්. එසේත් නැතිනම් සුදු පැහැ ගල් ඇල්ලූ ප්‍රමාණයෙන් විශාල කරාඹු යුගලක් පමණල් ප්‍රමාණවත්.

Golden prom type formal dress

තරු සංස්කෘතියේ තවත් ජනප්‍රිය සැඳෑ ගවුමක් තමයි මේ රන් පැහැ ගවුම. සම්පූර්ණ එම්බ්‍රොයිඩර් කරන ලද උඩුකය කොටස ඕෆ් ශෝල්ඩර් විලාසිතාවට නිමවා දිගු අතක් සහිතව මසා තිබෙනවා. පොළොව ස්පර්ශ කරන දිගු සාය ජෝර්ජට් රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ.

Sexy white prom formal dress

සාදයේ සිටින පිරිස් අතරින් කැපී පෙනෙන්නට කැමති ඔබට පහසුවෙන් තෝරගන්න පුළුවන් වර්ණයක් තමයි සුදු වර්ණය. සුදු පැහැයක් සමග සරාගී පෙනුමක් දෙන මේ වගේ විලාසිතාවන් ඔබේ විලාසිතා නිර්මාණ ශිල්පියාට කියලා ඔබටම ගැළපෙන සේ නිර්මාණය කර ගත්තොත් තවත් හැඩවේවි. ඉතා සරල විලාසිතාවක් වන මේ අත් රහිත ගවුම අඳින ඔබත් චාම් පෙනුමැති කුඩා ආභරණ පලඳින්න අමතක කරන්න එපා. මුතු වලින් කල ආභරණ කට්ටලයක් ඔබ සතුව තිබේ නම් ඒවා කරලියට ගන්න හොඳම අවස්තාවයි මේ.

Dark green short dress

සැඳෑ සාදයක් සඳහා අන්තිම මොහොතේ සූදානම් වන ඔබට ඉතා පහසුවෙන් වෙළඳපොලේ සොයා ගන්න පුළුවන් ආකාරයේ ගවුමක් තමයි මේ. කැප් ස්ලීව් සහිත තද කොළ පැහැති මේ ගවුම තරමක් ගැඹුරු කරකින් යුතුය. ඔබේ ආභරණ අතර තිබෙන චාම් නමුත් හොඳ පෙනුමක් තියෙන මාලයක් ඔබට පලඳින්න පුළුවන්. කලු, කොල හෝ nude පැහැයෙන් පාවහන් ගලපන්න පුලුවන්.

High low prom dress

ඔබේ ප්‍රියතම රතු වර්ණයෙන් high low ඩ්‍රස් එකක් තමයි මේ. ඔබට දඟකාර පෙනුමක් ගෙන දෙන මේ ගවුමේ ඉතා ගැඹුරු V හැඩති කරක් තියෙනවා. ඒ නිසාම ඔබ සතුව ඇති ප්‍රමාණයෙන් ඉතා විශාල මාල හෝ දිගු මාල පලඳින්න පුළුවන්. ඉණ අසල ඇති පුළුල් පටිය නිසා ඔබේ ඉඟටියේ හැඩය වඩාත් හැඩකාර ලෙස කැපී පෙනෙනවා. පාවහන් තෝරන අවස්ථාවේදී අවස්ථාවේදී කළු, රිදී , රන් පැහැ, හෝ රතු පැහැති පාවහන් වඩාත් උචිතයි.

Off shoulder dress

අලුත්ම වර්ගයේ විලාසිතා වලින් හැඩවෙන්න කැමැති ඔබට තමයි මේ වගේ විලාසිතා ගැලපෙන්නෙ. off Shoulder විලාසිතාවක් වන මේ ගවුමේ ඉහළ කොටස මගින් සැහැල්ලු අතක් නිර්මාණය වී ඇත. ගෙල පෙදෙස හොඳින් ඉස්මතු වී පෙනෙන නිසා ගෙලටත්, කනටත් විශාල ප්‍රමාණයේ ආභරණ පලඳින්න පුළුවන්. දණහිසටත් මදක් ඉහලින් අවසන් වන මෙම ගවුම් විලාසිතාවට බූට්ස් හෝ ග්ලැඩියේටර් බූට්ස් වර්ගවල පාවහන් ඉතා හොඳ පෙනුමක් ගෙන දෙනවා.

Cocktail dress

ඉතා දීප්තිමත් නිමාවකින් යුක්ත මේ ඇඳුම ඔබ සාදයට ඇතුල් වන මොහොතේ සිට අන් අයගේ ඇස් ඔබ දෙසටම ඇද තබා ගන්න සමත් වෙනවා. ඉතා ගැඹුරු කරත්, වළලූකර දක්වා දිගු වූ අතත්, කෘතිම ගල්වලින් හැඩ වැඩ කළ මෝස්තරයත් නිසා ඇඟට ඇලුණු පෙනුමක් ඇති මෙම සැඳෑ ගවුම අඳින ඔබට අසාමාන්‍ය ආකර්ෂණීය බවක් ගෙන දෙනවා. හැඩැති සිරුරක් ඇති තරුණ ඔබට සැඳෑ සාදයකට කදිමට ගැළපෙන විලාසිතාවක්. මේ ආකාර කොක්ටේල් ඩ්‍රස් එකක් සමඟ Nude වර්ණ වලින් එන පාවහන්, සරල කොණ්ඩ විලාසිතාවක් ගැලපුවොත් ස්මාර්ට් ඔබට හොඳ පෙනුමක් ලැබෙයි.

Trumpet satin dress

satin රෙද්දෙන් නිර්මාණය කරපු නිල් පාට මේ ඇඳුම කොටස් දෙකකින් යුක්තයි. උඩු කය කොටසේ පිට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙන විදියටයි මේ වගේ නිර්මාණ කරන්නේ. දියකිඳුරිකගේ වරල සේ දිස්වන සාය කොටස උසින් මදක් වැඩියි. එම නිසා ඔබේ උස තවත් වැඩි කර පෙන්වන්න සමත් වෙනවා. ඇඳුමේ සරල බව නිසා ඔබ කරාඹු දෙකක් පමණක් පැලඳීම ප්‍රමාණවත්. පමාණයෙන් විශාල කරාඹු ජෝඩුවක් මගින් ඔබට හොඳ පෙනුමක් එකතු කරයි.

ඔබටම ගැලපෙන evening dress එකක් සකසා ගැනීම

හැඩට අඳින්න කැමති කාන්තාවන් සැදෑ ගවුම් මිලදී ගනීමට වඩා ඒ සඳාහාම ප්‍රකට ඇදුම් නිර්මාණකරුවන් ලවා තමන්ටම ආවේනික සුවිශේෂී නිර්මාණය නිමවා ගන්නවා. ඒ වගේම සමහරු ඒ සඳහාම සුවිශේෂි සන්නාමයන්ගෙන් මිලදී ගන්නවා.

මේ කොයි ආකාරයට ගත්තත් සැදෑ ගවුම් වල විශේෂත්වයක් තිබෙනවා. ඒවා ඇඟේ හැඩයට ගැලපෙන පරිදි ඇඟේ හැඩය ඉස්මතු කරනු පිණිස නවතම විලාසිතාවන්ට අනුකූලව මසා නිම කිරීම.

මේ ඇදුම් වලට අලංකාර වටිනා නිමාවක් ලබා ගන්න මේවා සඳහා යොදාගන්නේ ඉතා වටිනා අමුද්‍රව්‍ය. වෙල්වට්, ටැෆටා, සිල්ක් වැනි සුඛෝපභෝගී අමුද්‍රව්‍යවලින් මසන මේ ගවුම් පබළු , ස්වීකීන්ස් හෝ ගල් වර්ග වැනි දෑ යොදා හැඩ වැඩ කරයි. මේ ගවුම් නිශ්පාදනයේදී නිෂ්පාදකයන් හෝ විලාසිතා නිර්මාණකරුවන් විශේෂයෙන්ම සැලකිලිමත් වන දෙයක් තියෙනවා.ඒ සැඳෑ ගවුම් සමග ඉතා වටිනා ආභරණ ගළපන්න හැකිවන ලෙස ගවුම් නිර්මානය තමයි ඔවුන්ගේ ඒ අරමුණ.

ඒ වගේම ඔබට පුලුවන් ඔබේ රුචිකත්වය අනුව චාම් සැන්දෑ ගවුම් විලාසිතා වගේම ඉහල පෙනුමක් සහිත ෆැශනබල් ගවුමක් වුනත් සකස් කර ගන්න.. මේ තුලින් ඔබට ලැබෙන පෙනුම ගැන ඔබටම සතුට වෙන්න බොහෝ හේතු තිබේවි…..

Related Articles

Don't Miss


Latest Articles