පරණ ඇඳුම් වලින් අලුත් fashion එකක් 

එකම ඇඳුම එකම විදිහට අඳින එක ටිකක් ඒකාකාරී වෙන්න පුළුවන් වුණත් අලුත් ඇඳුම් වලට ආයෝජනය කරන්න මේ කාලේ හැටියට ටිකක් අමාරුයි. තියෙන ඇඳුම් විසි කරන්නේ නැතුව ඒ ඇඳුම් අලුත් විදියකට අඳින ක්‍රම ගැන ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ.

ජීන්ස් සහ ඩෙනිම්

ඔබට තියෙන විවිධ වර්ණ වල ජීන්ස් සහ ඩෙනිම්ස් ඉතාම පහසුවෙන් කොට කලිසම් බවට පත් කරන්න ඔබට පුළුවන්. ඒවා උණුසුම් කාලගුණයක් සහිත දවස් වලදී ගෙදරට අඳින්න භාවිතා කරන්න වගේම ට්‍රිප් එකක් යන්න , ඩේ අවුට් එකක් යන්න අඳින්නත් ඉතාම පහසු ඇඳුමක් වේවි.

පැච් ඩෙනිම්

ඔබ සතුව දැනට තියෙන ඩෙනිම් වලින් එකක් හෝ පැච් ඩෙනිම් බවට පත් කරන එක ඒ තරම් අමාරු නැහැ. ඒවගේම ඩෙනිම් වල වාටියේ විලාසිතාවත් වෙනස් කරන්න එක ගැන ඔබට හිතල බලන්න පුළුවන්.

විවිධ වර්ණ වල ඩෙනිම් 

මේ වෙනකොට ඔබට වෙළඳපලෙන් පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ඩයි වර්ගයක් තමයි ඩෙනිම් ඩයි කියන්නේ. ඉතින් ඔබට තියෙන ඩෙනිම් වල විලාසිතාව වෙනස් කරනවා වගේම වර්ණ වෙනස් කර ගන්න එකත් කරන්න ඔබට දැන් පුළුවන්

කෙටි බ්ලව්ස්

ඔබට තිබෙන කෙටි බ්ලවුස් අලුත් විදියකට අඳින්න කැමති නම් ඒවායේ වාටියට විවිධ වර්ගයේ, විවිධ ප්‍රමාණවල ලේස් හෝ රේන්ද අල්ලන්න ඔබට පුළුවන් .මේවායෙන් ඔබේ බ්ලව්ස් වලට අලුත් පෙනුමක් ලැබේවි .

ටී ශර්ට් විලාසිතා 

ටී ශර්ට් කියන්නේ බොහොම පහසු ඇඳුමක්. හැබැයි විලාසිතා කරන්නත් ඉතාම පහසු ඇඳුමක් තමයි මේ. ටී ශර්ට් එකේ එක කොනක පුංචි ගැටයක් ගහලා ලස්සන විලාසිතාවක් සකස් කර ගන්න පුළුවන් වගේම , සාමාන්‍ය දිගකින් යුතු ටී ෂර්ට් එකක් නම් එහි වාටිය අඟලක හෝ දෙකක කොටසක් කපලා ක්‍රොප් ටොප් එකක් සකස් කර ගන්නත් ඔබට පුළුවන් 

ශර්ට් 

ඔබ සැහැල්ලු ලෙස අඳින ශර්ට් ඔබට විවිධ ආකාර වලිනුත් අඳින්න පුළුවන් . ශර්ට් එක සම්පූර්ණයෙන්ම ඩෙනිම් එකට හෝ කලිසමට යට කරනවා වෙනුවට එහි එක් පැත්තක් විතරක් යට කරලා අඳින්න , නැත්තම් ශර්ට් එකේ අවසාන බොත්තම නොදා යට කොටස එකතු කරලා ගැටයක් ගහන්නත් ඔබට පුළුවන් 

හැමදාම එකම විලාසිතා වලින් ඇඳුම් අඳින එක boring කියලා හිතෙන ඔබටයි අද අපි මේ ලිපිය ගෙනාවේ. ඉතින් කිසිම වියදමක් නැතිව ඔබට තියෙන ඇඳුම් වලින්ම අලුත් විලාසිතා කරන්න දැන් ඔබට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles