විද්‍යාවට පවා ඔප්පු කර ගත නොහැකි කාරණා ඇති අරුම පුදුම ළිඳ

ලෝකය කියන්නේ පුදුමයන් සහ අබිරහස් වලින් පිරුණු තැනක්. විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි සමහර දේ ගැන පවා විවිධ කතාබහ කාලයෙන් කාලයට ඇති වෙනවා. මේ කතාව එහෙම තැනක් ගැනයි.

ZamZam ලිඳ!

ඔබ ඒ ගැන අහලා තියෙනවද? එය පිහිටා තිබෙන්නේ සවුදි අරාබියේ මක්කාවේ. සෑම මුස්ලිම්වරයෙක්ටම මක්කමේ කාබා  පල්ලිය වඳින්නට යාමේ සිහිනයක් තිබෙනවා. මේ පල්ලියට දිනපතා දහස් ගණන් සෙනඟ පැමිණෙනවා. රාමසාන් කාලයට ලක්ෂ ගණනක් දක්වා එය ඉහළ යනවා. 

මේ කාබා පල්ලියේ සිට අඩි 66ක් නැගෙනහිරට ළිඳක් පිහිටි අතර එය ZamZam ලෙස හඳුන්වනවා.මේ ළිඳ ස්වභාවික උල්පතක්. එවැනි උල්පතක් පවතින්නේ වසර සියයක් පමණ වුවත් මෙය තවමත් පවතිනවා. එහි උපරිම ගැඹුර මීටර 30ක් පමණ වෙනවා. මෙය වසර පන්දාහක් පැරණියි.  මෙයට විශාල ජලනල යොදා දිනපතා වතුර ලීටර් විශාල ගණනක් ඇද ගනු ලබනවා. සමහර කාල වලට වතුර ලීටර් ලක්ෂ ගණන් පවා ලබා ගැනීමේ හැකියාව මෙහි පවතිනවා. මීටර් තිහක් ගැඹුරු ළිඳකින් එවැනි වික්‍රමයක් කිරීම අරුම පුදුම සහගතයි. ඉන් තත්පරයට ලීටර් 11ක් පමණ ලබා ගැනීමේ හැකියාව විශ්මය සහගත බවයි පැවසෙන්නේ. මේ අවට කිසිම ජල මූලාශ්‍රයක් පවතින්නේ ද නැහැ. පෙනෙන පෙනෙන තැන ඇත්තේ කාන්තාරය පමණයි. 

මේ තරම් ජලය එන්නේ කොහෙන්ද?

අබ්දුල්ලා රජුට ZamZam නම් ජල ආයතනයක් පවතිනවා. එහි දිනකට ලීටර් 10 ජල බෝතල ලක්ෂ 2ක් පමණ නිෂ්පාදනය වෙනවා. 

මීට වසර පනහකට පමණ පෙර යුරෝපා සංවිධානයක් මේ ලිඳ පිරිසුදු කිරීමට කටයුතු සූදානම් කළා. සවුදි අරාබි  රජය ද ඒ සැලැස්මට එකඟ වුණා. ළිඳ හිස් කරන්නට සිතා එයට විශාල බට සවිකර දින පහළොවක් තිස්සේ ඔවුන් ලිඳ ඉසින්නට ක්‍රියා කළා. මේ කාලය තුළ අදින ලද ජල ප්‍රමාණය ලීටර් කෝටි ගණනක්. නමුත් ලිඳ හිස්  කිරීමට හැකියාවක් ලැබුණේ නෑ. ඒ වෙනුවට ජලය උනා එන අන්දම දක්නට ලැබුණා.

ඉන් පසු යුරෝපීය ජල පර්යේෂකයන් මින් ජල සාම්පල ලබාගෙන පරීක්ෂා කරනු ලැබුවා. මේ අධ්‍යනයේ ප්‍රතිපල අනුව මේ ලිඳේ ජලයේ ස්වභාවිකම කැල්සියම් සහ මැග්නීසියම් සංඝටක මිශ්‍රව පවතිනවා. අපි සාමාන්‍යයෙන් එවැනි වතුර පාවිච්චි කරද්දි ක්ලෝරින් මිශ්‍ර කර පාවිච්චි කරනවා. නමුත් මේ ලිදේ වතුරට එවැන්නක් මිශ්‍ර කරන්නට අවශ්‍ය ද නැහැ. එහි ස්වාභාවිකවම ක්ලෝරින් අඩංගු වෙනවා. මේ ලිඳේ කිසිම ශාකයක් හෝ ජීවියෙකු ඇත්තේ ද නෑ. මෙහි ලොව ඉහළම ගුණාත්මයෙන් යුතු පානීය ජලය පවතින බවයි පැවසෙන්නේ. මේ ජල බෝතල් අවුරුදු ගානක් තබා ගත්තත් පල් වී ඇත්තේ ද නෑ.

මෙහි ජලය සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මකව නිවැරදි නිගමනවලට එළඹී නෑ. මෙය විද්‍යාවෙන් ඔබ්බට ගිය දෙයක් ද නැතිනම් අල්ලා දෙවියන්ගේ ත්‍යාගයක් ද යන්න තවම පැහැදිලි ද නෑ. මේ සියල්ල කෙසේ වුවත් මේ සොබාදහමේ විශිෂ්ට ත්‍යාගයක් බවට සැකයක් නෑ.

More Stories

Don't Miss


Latest Articles