නුඹ තරම් ප්‍රේමයක්

විසි පස් වැනි නෙත් සැරිය තමාගේ නමට ආ පාර්සලයේ ඇත්තේ යළි ආරෝපණය කල හැකි  වර්ගයේ වන මිල අධික විදුලි බල්බ දෙකක් වග අයත්මා දැනගත්තෙ නිවෙසට පැමිණ එය විවෘත කර බැලූ පසුය. වටිනාකම රුපියල් අට දහසක් ලෙසින් තිබුණි. එය එවූ තැනැත්තෙකුගේ නම, ලිපිනය වෙනුවට තිබුනේ ආයතනයේ නම සහ ලිපිනයය. එහි දුරකතනය...
විසි හතර වැනි නෙත් සැරිය අයත්මා සහ චත්‍ර දෙදෙනාම එකිනෙකාට ගලපා ගන්නට නොහැකි  වූ සිතුවිලි සමඟින් අපහසු දවස් ගෙවමින් උන්නහ. සැන්ඩ්‍රා පිටව යන්නට පෙර යම් හදිසියේම පාසැලටද පැමිණියේ සිහිනිට සමු දී යන්නටය. එවෙලෙහි පන්ති මාරු වීමට යමින්  උන් අයත්මා චත්‍ර සහ සැන්ඩ්‍රා ගේට්ටුව අසල නවතා තිබූ කැබ් රියට ගොඩ වෙනු...
විසි තුන් වැනි නෙත් සැරිය අයත්මා උන්නේ වෙවුලමිනි. තමා අසිහියෙන් සිදු කර ඇත්තේ කුමක්දැයි  ඇයට වැටහෙන්නට ගත්තේ සිහිනිගේ ඇමතුමට පසුවය. ඒ ඇමතුම ගත්තේ චත්‍රගෙන් ඔහු සමඟ උන් යුවතිය කවුරුන්දැයි  විමසන්නටදැයි අයත්මාට විශ්වාසයක් තිබුනේ නැත.  එවැන්නක් විමසන්නට තරම් තමා සතු වන අයිතිය කුමක්දැයි අයත්මා කෝපයෙන් විමසා ගත්තාය. එලෙසින් විමසුවත් චත්‍ර එයට පිළිතුරු...
විසි දෙවැනි නෙතු සැරිය අතුකෝරල මහතාගේ  මිතුරියගේ දියණිය වූ සැන්ඩ්‍රා  චත්‍ර මුන ගැසෙන්නට පැමිණියේ ඇගේ පෙම්වතාද සමඟය. විදෙස් තරුණයෙකු වූ ඔහුට තිස්සමහරාමය අවට ඇවිදින්නට දැක බලා ගන්නට බොහෝ දේ තිබුණි. කපිල සමඟ ඔහු වෙනුවෙන් මෝටර් රිය ලබා දුන් චත්‍ර සැන්ඩ්‍රාද කැටුව ඇගේ කටයුතු වෙනුවෙන් කැබ් රියෙන් පිටත් වූයේය.  වසර  විසි අටක්...
විසි එක් වැනි නෙතු සැරිය චත්‍රගේ කැබ් රිය නැවතෙන හඬ අයත්මාට ඇසුනේ යන්තමට මෙන් ය. ඕ කාමරයේ  ජනේල තිර රෙද්ද පසෙකට කර බැලුවාය. චත්‍රගේ කැබ් රියෙන් අයියාද, සිහිනිද, ඉන් පසුව චත්‍රද කැබ් රියෙන් බසිනු දුටු අයත්මා දඩි බිඩියේ කාමරයෙන් එලියට ආවාය. යළි යමක් සිහි වී මෙන් කාමරය තුලට ගොස් කණ්ණාඩිය...
විසි වැනි නෙතු සැරිය  අයත්මාගේ නිවසේ දානයට චත්‍ර  සහ කපිල හැරෙන්නට සියලු දෙනා සහභාගී වූහ. චත්‍ර උන්නේ කපිලවද පටලවාගෙන නොවූ කාර්‍යබහුලකමක් පෙන්වන්නට උත්සාහ කරමිනි. අයියාගේ උද්දච්චකම ගැන කෝපයෙන් උන් සිහිනි චත්‍රට එක දිගටම කෙටි පණීවිඩ මඟින් බැණ වැදුනාය. චත්‍ර නොපැමිණි බව දැකීමෙන් පසු අවිශ්ක අයියාද අමනාපය පල  කල බවද ඕ...
දහ නව වැනි නෙතු සැරිය චත්‍ර කුමක් කීවද,  ඇමතුම විසන්ධි කිරීමෙන් පසුව ඔහු උන්නේ ප්‍රහර්ශයකය. ඒ කෙතරම් වීද යත්, ඔහු කපිල උන් ඇමතුම විසන්ධි  කරවා බලෙන්ම සිදුවූ සියල්ල සිහිපත් කරමින් කපිලට කීවේය.  චත්‍ර මරු කියවනවාය යන සැකයෙන් කපිල චත්‍රගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන පැමිණි ඇමතුම් බලන්නටද  කටයුතු කලේය. විනාඩි හයක ඇමතුමක් විය....
දහ අට වැනි නෙතු සැරිය " පොඩි සර් ... ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා...." පෙරලා පැමිණෙන ගමනේදී ගීතයක් උරුවම් කරමින් වෙනදා නොවූ සැහැල්ලුවක  සිටින චත්‍රට පලමු අනතුරු ඇඟවීම නිකුත් කරන්නට කපිල දෙවතාවක් සිතුවේ නැත. චත්‍ර එයට හිනැහුනා පමණි. ඔහුට මේ දැනෙන හැඟීමේ සුවය ප්‍රමාණවත් ය.  " හිනාවෙන්න නෙවෙයි පොඩි සර් .. ඔහොම...
දා හත් වැනි නෙතු සැරිය නාට්‍ය තරඟය දවසේ උදෑසන පාසැල තුළ වූයේ අමුතුම උනන්දුවකි. සිසුන් සියලු දෙනාම තරඟාවලිය වෙනුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසැල් පරිශ්‍රය වෙත යෑමට නියමිතව තිබුණි.  තරඟයට අදාල සිසුන් වෑන් රියකින් පිටත්ව ගියේ කලණ සහ තවත් ගුරුවරියන් දෙදෙනක්ද සමඟය.  විදුහල්පතිතුමාගේ මැදිහත්වීම මත සැලසුම් කරගත් බස් රියකින් අනෙක් සිසුන් පිරිස...
දහසය වැනි නෙතු සැරිය  චත්‍ර සති තුනක් පුරා එක දිගටම වෙහෙසුනේය. අත් හැර දැමූ කෝමාරිකා වගා ගොවිපල යලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සැලසුමක් සකස් කලේය.  මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ඔහුට වෙන් වන මුදල තුළ උපරිම ඵලදායිතාවයක් යටතේ ක්‍රියාත්මක  කිරීම සඳහා වන ව්‍යාපෘති කිහිපයක් සකස් කලේය.  මිතුරෙකුගේ මාර්ගයෙන් කෘෂිකර්ම අමාත්‍ය මනුර අලගියවන්න මුණ  ගැසිමට ලබා...