Stories

අපූර්වා හේෂානි සමඟ කන්දේ  විහාරයට ගියේ සවසය. ඈ ත්‍රී රෝද රථයේ යමු යැයි යෝජනා කරද්දී “බස් එකේ යමු..” යැයි පැවසූයේ හේෂාණිය. ත්‍රීරෝද රථය පහසු වූ නමුත් යෙහෙළිය පැය කිහිපයකට හෝ සැහැල්ලු කර තබන්නට උවමනාවක් හේෂානිට විය. ඇය රියදුරු අසුනේත් තමා පිටුපසත් ගමන් කරද්දී වූයේ දුරස් බවකි. “මේ වගේ ගමනක් යන්නේ...
බුලත් විඩේ උනත් කටට දොක්ක ගත්ත ගමන් රතු වෙන්නෑ බොල...හොදට හැපෙන්න ඕනා කියලා  අපේ මන්ත්‍රී අරියධම්ම හාමුදුරුවෝ නිතර කියන කතාවක් මට මතක් වුණා. පරණ යකඩ හට්ටි මුට්ටි එකතු කරපු මම.. කුඩු පැකට් තොගයකට හිරේ ගිය මම.. අම්මා අප්පා  අන්දෝ සංසාරයක් නැති මම...එදා මේ වගේ ගෙදරක ගේට්ටුවෙන් ඇතුළට නොගත්ත මම... ඇත්තටම මේ...
ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ  කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන් පෙනුමක් තිබුණත්, ඒ යටින් සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බව පැහැදිලි ව පෙනෙන්නා වූ සලකුණු වඩා හොඳින් බැලූ කල දකින්නට ලැබුණේය. දොර විවෘත උනේ දොරට තට්ටු නොකරමය....
තමාරා යළිත් අපූර්වාගේ  නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.  “ඇයි අම්මා  හදිසියේ…” “සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල් ගන්න හොඳ නෑ. මම තීරණය කළා පුතා ඒ මිනිස්සුන්ගේ ගේ හදල දෙන්න. ධම්මිකා ආන්ටි  ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ව හොඳට අඳුනනවා. අද මමත් එක්ක ධම්මිකා ආන්ටිත්...
කල්පනා  උසස් පෙළ ඉවර වෙලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයට යන්න පටන් ගත්තේ තමන්ට වගේ ගෙදරටත් ශක්තියක් වෙන්න හිතාගෙන.   දෙවැනි වතාව විභාගය කරන්න සූදානමක් නොතිබුණු නිසා කල්පනාට  වෙනස් විකල්පයක් තිබුණෙ නැහැ. රෝගාතුර වෙලා ඉන්න තාත්තා සහ අම්මා වගේම ඒ වෙනකොට පාසල් අධ්‍යාපනය ලබමින් උන්න මල්ලිලා දෙන්න වෙනුවෙනුත් කල්පනී තමන්ගේ ජීවිතේ...
“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට කිව යුත්තේ කුමක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් අරුණටවත් දෙව්නිටවත් තිබුණේ නැත. “ඒ දරුවට අම්මා කෙනෙක් නෑ කියල නේද කිව්වේ?” කියා දෙව්නි ඇසුවේ තමන්ට ලැබුණ විස්තරවල...
යුගාශ්  සමග මතුගමට ගොස් යළි කළුතරට පැමිණි ගමන නිමා වූයේ අපූර්වාගේ සිතෙහි ආගන්තුක මතකයක් ඉතිරි කරමින්ය. මේ ඈ තරුණයෙකු අබියස මෙතරම් විවෘත වූ ප්‍රථම වතාවය. ඔහුට වූයේ නොනවතින ප්‍රශ්න කිරීමකි. තමාගේ නිහඬ බවේ තරමටම ඔහු කතා කළේය. ඔහුට තිබුණේ පුදුමාකාර ප්‍රශ්නය. ඒවාට පිළිතුරු නොදී සිටින්නට හැකියාවක් අපූර්වාට වූයේත් නැත.  “මං...
විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති බව එළියේ සිට ඇතුලට තමා සොයා ආ පණිවිඩයක රැඳවී තිබුණ එකය.  “ඕකි එහෙනම් මට ගණන් ඔච්චර ඉස්සුවෙ අරූට රෙද්ද උස්සන්න නේද?” කියා හිතමින් ලක්ෂිත බිත්තියට වැරෙන්...
කොළඹ නගරයේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ සේන ජයලත්, ජනප්‍රිය සමාගමක අලෙවි විධායකවරයෙකු ලෙස සේවය කළේය. සුවපහසු මහල් නිවාසයක් හිමි ඔහුට, සති අන්තයේ කැෆේ වටා එක්රැස් වීමට ප්‍රිය කළ මිතුරු කැලක්ද විය. එහෙත්, මේ සියල්ල පිටුපස, ඔහුගේ සිතේ නිරන්තර නොසන්සුන් බවක් තිබුනා යැයි කීම හුදෙක් කෙටි කතාවකට පමණක් උරුම වූ බොරුකාර වදන් පෙළක් නොවේ. සේන උන්නේ...
විසිත්ත කාමරය මැදක තබා තිබූ තමාගේත් පුෂ්පානන්දගේත් මංගල සේයා රුව දෙස තමාරා බලා සිටියේ හිස් හැඟීමකින්ය. අදටත් ඈ මේ සේයාරුව මේ අයුරින් තබා තිබෙන්⁣නේ යුගාෂ් නිසාය. ජීවිතයේ බොහෝ දේ ඉවසූයේත් ඔහු නිසාය. ඉතිරිව ඇත්තේ මතක පමණි. තවමත් ඔහු තමාගේ සැමියාය. යුගාෂ්ගේ පියයාය. එනිසාම මේ සේයා රුවටද වටිනාකමක් විය.  දෙදෙනාගේ විවාහය...