Stories

විවාහය සිදු වී අදට හරියට ම සතියක් සපිරේ. මම හිමිදිරි පාන්දර අවදි වී කිරි බතක් ළිප තබා පොල් ගාන්නට පටන් ගතිමි. විවාහ ජීවිතයක වගකීම් තවමත් ලොකුවට මගේ හිස මත පැටවී නැති බව මම දනිමි. අඩු තරමින් ගෙදර උයන පිහන වැඩක් හෝ මා කළේ බලයෙන් වාගේ ය. මා කුස්සියට පැමිණිය හොත්...
"අම්මගෙ තිබ්බ කැලෑ ගති තමයි උඹටත් තියෙන්නේ. වත්තක ගැනියෙක්ගෙ ළමයෙක් හොඳ වෙන්නේ කොහොමද?" පුංචි අම්මා දන්නා කාලයේ පටන් එසේ දෙස් තිබ්බා ය. රදීෂ් හොඳින් ඉගෙන ගනිද්දී පවා ඇයට තිබුණේ එවැනි චෝදනා ය. ඔහු මුඩුක්කුවකට අයත් කොල්ලෙකු බව ඇය කැට තබා කීවා ය. "වේල්ල වත්තට පලයං උඹ අයිති එහෙට" පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය...
“උඹ මාව දාලා ගියොත් මම උඹව මරල මාත් මැරෙනවා” මහ පාරෙ බයිසිකලේ නවත්තල අසංග එහෙම කෑගැහුවෙ නිශානිට. නිශානි එක්ක අසංගගෙ තියෙන සම්බන්ධෙට දැන් අවුරුදු එකහමාරක් වෙනවා. ඒක නිකන්ම සම්බන්ධයක් කියල මම කිව්වෙ ප්‍රේමය වගේ ලස්සන දෙයක් ගැන කියවෙන විශේෂණ පදයක් ඒ නීරස සම්බන්ධෙට වැඩක් නැති නිසා. නිශානිට අසංගව හම්බුණේ ඒ ලෙවල් ඉවර...
අපේ විවාහය සිදු වූයේ පානදුර ප්‍රදේශයෙහි වෙරළාසන්න හෝටලයක ය. එහි සාක්ෂිකාරයන් වන්නට නියමිත ව සිටියේ කුඩා පිරිසක් නිසා විහාර කුඩා පිළිගැනීමේ ශාලාවක් තෝරා ගත්තේ ය. විවාහය වෙනුවෙන් උත්සවයක් මට අවශ්‍ය වූයේ ම නැත. එවැන්නක් නිසා අසෙලියා තව දුරටත් මගෙන් දුරස් වේවිද යන බිය මට විය. නමුත් විහාර මගේ අදහසට ඉඩ...
"මේ වතාවෙත් වැඩක් නෑ කසුන්. කිසිම තේරුමක් නෑ..." ඒ වට්ස් ඇප් පණිවිඩය කසුන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා. කාමරයේ බිම එහෙමම ඉඳගෙන අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට දැනුණේ නෑ. මං හිටියේ පුදුමාකාර සතුටකින්. දරා ගන්න බැරි තරම් සතුටකින්.මේ වතාවේ මගේ ඔසප් වීම සති දෙකක් තිස්සේ පරක්කු වුණා.ඒක මොනතරම් සතුටක්...
පායන්නට අරන් මාසයක් ඉක්මවූවා පමණක් වන්නට ඇත. නමුත් ගිම්හානයඉතා කටුක වූයේ ය. ගහ කොළ දුහුවිලි පාටට හැරී, පෙත් මග තුරු වියන පවාඝණත්වයෙන් අඩු වන්නට විය. සරත් සමයක් ගැන මතක අවුස්සමින් තුරු පත් කහ,තැඹිලි හෝ ගුරු පැහැයකට හැරී හැලී යමින් තිබිණ. පාර දෙපැත්තේ එක් රැස් වූවියළි තුරු පත් දුහුවිලි සුළඟත්...
නූරි ට සිය මාස කිහිපයක් වයස වූ විවාහයෙන් නීත්‍යානුකූලව වෙන් වීමේ අවසරය ලැබිණ. ඒ වන විට ඇය ඒ තත්වය සඳහා මානසිකව සූදානම් වී සිටිය ද ඇස් වලට කඳුළක් උනනා එක නතර කර ගත හැකි වූයේ නැත. ඒ කඳුළ අතරින් ම ඇය සිනහ වූවා ය. "ඒකත් ඉවරයි ඇති යන්තං" මා බලා සිටියේ...
තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව.” ඒ කතාව උගත් තැන නිලුපුලීට අමතක ය. නමුත් එය එසේ බව පමණක් ඇය සිතුවා ය. නමුත් ඒ කතාව ගැන පාසලේ විදුහල්පතිනියගේ කියවා ගැනීම වෙනස් එකක් වූ බවත් ඇයට මතක ය. ” ඕනම කෙනෙක්ට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා...
බිළිඳු පුතු වෙනුවෙන් පුංචි දෙව් ලොවක් සේ අපි කාමරය සරසා ගෙන බලාසිටියෙමු. ලා නිල් පාටින් ඇඳ ඇතිරිලි දමා, තිර රෙදි එල්ලා, පුංචිවට මල් දකුරුල්ලන් ද ටෙඩී බෙයාලා ද මැසූ ලා නිල් කොට්ට උර දමා, පුළුන් කොට්ට යහනාතනා ගෙන සිටියෙමු. අපේ පුතු ඒ යහනේ සතපා සුරංගනාවන් සමග ඔහු හුරතල්පානා හැටි...
උදේ පාන්දර මා නූරි සමගින් රෝහලට යන විටත් නංගී දරුවා ප්‍රසූත කොට සිටියා ය. යහන අද්දර තොටිලි යහන තුළ බිළිඳා සතපවා සිටි අතර නංගී යහන මත පැත්තට හැරී වැතිර සිටියා ය. ඇගේ මුහුණ මත වූයේ දැඩි වෙහෙසක් දැරූ බවට නිහඬව කියා පානා සාක්ෂි ය. මම මෘදු ලෙස ඇගේ අවුල්...