Stories

"අදත් කොහෙ හරි රෝන්දයක් ගහලද එන්නේ?" විශ්ව විද්‍යාලයට යාම සඳහා සූදානම් වෙමින් හුන් උශාලිගෙන් අම්මා එසේ අසන්නේ අමනාපයෙන් නොවන බව උශාලි පුරුද්දෙක් මෙන් දනී. "ලෙක්චර්ස් ඉවරවෙලා පොඩ්ඩ සරසවි එකට වගේ ගිහින් එන්නම්" අම්මාට සිනාවක් සමග පිළිතුරු දුන්නාට ඉන්පසුව එන අවවාද පිරි වදන් පෙල උශාලිට දැන් නිතර අසාම කටපාඩම්‍ ය. "ඔහොම හම්බ කරන ඒව...
" පවන්, මං ආසම නෑ අනේ ඔයා ඔය කමල්ව මෙහෙ ගෙන්නගන්නවට ..." මධුශානි කල් යල් බලලා එහෙම කියනකොට පවන් සීසන් වෙන්න තියලා තිබුණ චිකන් බෝල් එක විවෘත කරලා පැත්තකට තිව්වා. ඊට පස්සේ අත් දෙක සෝදගෙන එහායින් තිබුණ පුටුවක වාඩි වුණා. "හරි...  එතකොට මේ ඊයේ පෙරේදා ඉඳන්ම මූණ එල්ලන් ඉන්නේ ඒකටද ?" කසුන්...
සුජීවා කුස්සියෙහි වඩේ බදිමින් සිටියා ය. කුස්සියට පෙර තිබෙනා කුඩා සාලයේ ඉස්සරහාට ම වන්නට ආප්ප තාච්චි වලට ශාන්ත මාරුවෙන් මාරුවට ආප්ප වත් කළේ ය. "බිත්තර ආප්පයක්" "ප්ලේන්ටියක්" "වඩේ සීයක" "ආප්ප පහකුයි ලුණුමිරිසුයි ගේන්න" ඉස්සරහා මිදුලේ ගැවසෙන පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් ලැබේ. සියපත් එහෙට මෙහෙට දුවමින් ද හැකි උපරිම වේගයෙන් ද සේවා සැපයූවා ය. ගණං කියූවා ය....
කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ අවන්හලේ හිඳ අනුප මධුවිත තොලගාමින් උන්නේ සවස හය හමාර වෙද්දීම වාගේ අඳුරු සලුපිලි පොරවාගත් අහස දෙස බලමිනි.ඒ අහස තරම්ම අන්ධකාරයක් තම සිත අස්සේත් පැලපදියම් වී ඇති බව අනුප දනී. මිනිසෙකු බොහෝ විට තනිවම බාරයකට පැමිණ මධුවිතෙන් සප්පායම් වෙමින් අන්ධකාරය දෙස බල හිඳ කල්පනා කරන්නේ සිත දවන ගැටලුවක්...
සියක් සියපත්
ළමා විය ගෙවා අහවර නව යොවුන් විය ඔස්සේ තුරුණුවෙකු ලෙස කෙනෙකු වැඩිහිටි සමාජයේ පුරවැසියෙකු වී සමාජගත වනුයේ පෙර උන් ළමයා සේ නොවේ. ළමයෙකු කාලයේ විඳ ගත් සුඛ දුක්ඛ දෝමනස්සයන් ඔස්සේ තමන් ට අවැසි පරිදි තමන් ගේ ලෝකය ගොඩ නගා ගැනීමේ සිහිනයක් දකිනා නව මිනිසෙකු ලෙස ය. උසස් පෙළ තරණය...
" ගුඩ්මෝනින් ආන්ටි "  අවුරුදු හතරක් වයස මිනෝලි , රශ්මිගේ ඇඟේ එතුනේ හිනාවකින් මුණ පුරෝගෙනයි. ඒ හිනාවට රශ්මිගේ හිතත් පිරුනා. " ගුඩ්මෝනින් පැටියෝ "  රශ්මි මිනෝලිගේ අතින් අල්ලගෙන පෙර පාසලේ ඇයට අදාළ පන්ති කාමරයට ගියේ මිනෝලිගේ තොරතෝන්චියක් නැති කතා අහන ගමන්. කලින් දවසෙ හවස ඉඳලා උදේ වෙනකම් කරපු දේවල් ගැන රශ්මිට කියන්න...
"ඒ වුණාට තාත්තා එහෙම කිව්වට මම රෙඩි නැත්තම් මොකද කරන්නේ?" හිත අස්සේ සිර කරගෙන හුන් තාත්තා විසින් සිත තුල තැන්පත් කර ගිය ප්‍රශ්නයේ බර මදක් හෝ ලිහිල් කරගන්නට පුලුවන් වූයේ දිස්නා සමග කීමෙනි. හමු වී මහ කාලයක් ගත් වී නොමැති වුවද දිස්නා යනු විශ්වාසය තැබිය හැකි අයෙකු බව උශාලි දැන හුන්නාය. "ඔයා...
ඒ තරම් ප්‍රීතිමත් වූ ඉරිදාවක් සියපත් ගේ දිවියට ඉන් පෙර උදා නොවූ තරම ය. ඇය උදෙන් ම ගේ අස් කොට අතු ගා පිරිසිඳු කළා ය. කඩයප්පන් හදනා වැඩත් එක්ක සුජීවා ගෙන් ගෙදර ඒ වාගේ වැඩ අතපසු වන්නේ නිරායාසයෙනි. කොහොමත් ඇය ගේ දොර ලස්සනට තබා ගැනීම ගැන ඒ තරම් උනන්දු...
සහනිව බලන්න මනමාලයෝ කිහිප දෙනෙක්ම ඇවිල්ලා ගියා. ඒත් ඒ එක සම්බන්ධතාවයක් වත් සතියක දෙකක කෙටි කත බහකට වඩා ඇදුණේ නැහැ. ඇත්තටම සහනි ට ඒ කිසිම කෙනෙක් එක්ක විවාහයක් ගැන අදහසක් ඇති නොවුණ තරම්. අනෙක් පාර්ශවයත් සහනිව වැඩි උනන්දුවෙන් ආශ්‍රය කරන්න උත්සාහ නොකර නිසා ඒ සම්බන්ධතා දිග ඇදුනේම් නැහැ  සතිපතා සතිඅන්ත...
"ලබන සතියේ දුවගෙ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ කියල අම්මයි තාත්තායි දෙන්නටම එන්න කියල ඉන්විටේශන් එක එවල තිබුනා" අනුප කතාව පටන් ගත්තේ දුලන්‍යා නිදන කාමරයට ගොසින් ඇයගේ පුංචි ඇඳ වැසෙන්නට මදුරු දැල දමා නින්ද සුවපහසු කරනු පිණිස මද කහ පැහැ එළියකින් දැල්වෙන රාත්‍රී පහන දල්වමිනි. කණ්ණාඩි මේසය ඉදිරියෙන් හිඳගෙන මුහුණේත් බෙල්ලේත් අත්වලත් ස්පා...