Stories

ahimi sihina
වැලඳිලා තිබුණේ පිළිකාවක් කියලා දැනගත්තු දවසේ ඉඳලා මගේ නැන්දම්මා මාසයක් ගෙදර, මාස තුනක් රෝහලේ.යන්තම් සුවවෙලා ගෙදර ආවාම ආයෙම අමාරු වෙලා සතියකින් විතර රෝහලට එක්ක යනවා.ඒ විදියට තමයි ඇයගේ ජීවිතය ගෙවිලා ගියේ.ඒ හැම මොහොතකම වැඩිපුරම එයත් එක්ක හිටියේ මම.කොකෝවා ගස් හිටවපු හැටි, මී තෙල් මී තෙල් හිඳපු හැටි වගේ පරණ...
sanda kath mini as
සූර්යා ගිලන් කුටියට එන විට චනේදනී සිටියේ නෙතු පියා ගෙන ය. එය තද නින්දක් නොවේ. කවුරුන් හෝ කාමරයට එන බවක් ඇයට නො දැනුණා ත් නොවේ. ඒ ආලෝක වන්නට ඇතැයි, නින්දත් නො නින්දත් අතරේ නෙතු පියා උන් ඒ සුව නිමේශයේ චාන්දනී තීරණය කළා ය. ඇය ට තිබුණේ ඒ සුවයෙන් මිදෙන්නට...
මියුරු බෙරහඬ වලින් තොරව, අලංකාරවත් මංගලාභරණයෙන් තොරව තමන් කුඩා කල සිට කිසිදු දුකක් විඳින්නට නොදී හදාවඩා ගත් දෙමාපියන්ගෙන් තොරව මෙසේ කච්චේරියකට තම දිවි දෙවෙනිකොට ප්‍රේම කරන තැනැත්තාව විවාහ කරගන්නට වේවි යැයි අසංගි කිසි දිනෙක නොසිතුවාය. ඇයට ඔහු හමුවූයේ මීට තෙමසකට ඉහතදීය. තමන්ට වඩා වසර පහළොවකින් වැඩිමහලු ඔහු භාණ්ඩ නියෝජිතවරයෙකි....
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
ආදරය අත්හැරී යාම මහත් වේදනාවක් බව මට වැටහී සති කිහිපයකි.නමුත් වසර විසිගණනක් තිස්සේ ඒ වේදනාව විඳින පුද්ගලයෙකු මා ඉදිරිපිට සිටගෙන සිටියි.මට ඝරසරප චිත්‍රපටිය සිහි විණ.සඳරැස් සහ විද්‍යා පරිපූර්ණ සමු ගැන්මක් ලැබෙන තුරුම විඳවූ අන්දම මසිතින් කිසිදා මැකී නොයන තරම් ය.නමුත් මගේ අම්මා සුගත් අංකල්ගෙන් පරිපූර්ණ ලෙස සමුගෙන නැති බව...
ahimi sihina
අසංකගේ අම්මාත් තාත්තාත් ඉතාම හොඳ මිනිස්සු බව මීට ටික කාලෙකට කලින් මම ඔබට කියපු හැටි ඔබට මතක ඇති.ඇත්තටම ඔවුන් හරිම හොඳ මිනිස්සු.මට අසීමාන්තිකව ආදරය කරපු අම්මා අප්පච්චි කෙනෙක් කියලා තමයි මං ඔවුන් හැමදාට ම සිහිකරන්නේ. "මේ ආදරේ දරුවෙක් නොලැබුණාම නැති වෙලා ගියේ නැද්ද?" සාමාන්‍ය පොදු සමාජයේ නැන්දම්මලා එහෙම වෙන නිසා දැන්...
sanda kath mini as
පුද්ගලික රෝහලක සුවපහසු යහනාවක් සහිත සුඛෝපභෝගී කාමරයක නේවාසික වී ප්‍රතිකාර ලැබුවාට චාන්දනී ගේ හිතේ කිසිදු සුව පහසුවක් වූයේ නැත. ප්‍රවීන් ඇගේ හිත ගිනි තියා තිබුණේ ය. ආලෝක ජර්මනියේ ප්‍රදර්ශනයට ගියේ සූර්යා සමගින් ය යන පුවතත්, ඔවුන් එතැනින් ප්‍රංශයේ සංචාරයකට ගිය බවත් ප්‍රවීන් චාන්දනී ට කීවේ ඔහු ළඟ කොහොමටත් ඇති...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මේ අංකල් තමා මාව හොස්පිටල් එකට එක්ක ආවේ." සුගත් අංකල්ව මිතුරියන්ට පෙන්වා කියද්දී මගේ දෑස් දිලිසිණ.දියණියක දකින්නට එන තාත්තා කෙනෙකු සේ අතින් කටින් එල්ලාගෙන ආ ඔහු දෙස මිතුරියන් බැලුවේ පුදුමයෙනි. "ඔයාව හැප්පුවෙත් මෙයාද දන් නෑ.." උසස්පෙළ විද්‍යා විෂයන් හැදෑරූ නමුත් ඉන් සරසවි යන්නට ප්‍රතිඵල නොලැබෙන බව නිතරම කියවන නීතිය හදාරන්නට සිහින දකින...
ahimi sihina
සාර්ථක විවාහයක් අපිට තිබුණේ නැහැ කිව්වම ඒකට මූලිකවම වගකියන්න ඕන මම කියන දේ හැමෝටම හිතෙන සාමාන්‍ය දෙයක්.ළාබාල වයසේ හිටියට මට හොඳ නරක ගැන අවබෝධයක් තිබුණා.මම සුධාරක සිහි නොකළේ ඒ නිසා. "මතක් වුණේ නෑ?? හරි පුදුමයිනෙ!" නෑ මට එයාව මතක් වුණා.නැතිවා නෙවෙයි.නමුත් කිසිම දවසක මට නොලැබෙන ඔහුට මම හිතට එන්න ඉඩහැරියේ නැහැ.අනිත්...
sanda kath mini as
දිව්‍ය විමානයක් සේ විදුලි එළියෙන් ආලෝකවත් වී ඇති බර්ලින් නුවර දෙස බලමින් සූර්යා කාමරයෙහි සක්මන් කළා ය. ඇගේ සිත් හි සියුම් පසුතැවීමක් විය. ප්‍රවීන් ට කම්මුල් පහරක් දෙන්නට තරම් ඉක්මන් නොවී ඉන්නට තිබිණි! ඔහු ගේ හැටියට කම්මුල් පහරක් නොතරම් ය. ඊට වඩා විසල් වූ දඬුවමක් ලැබිය යුතු ය. ඔහු ඒ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.." මා දකින්නට ආ යෙත්මී පැවසුවේ කෝපයෙන් ය.ඇගේ හඬ සැබෑ කෝපයක් තැවරී තිබිණි. "ගෙයින් එළියට බැහැලා ගියේ කොහේ යන්න හිතාගෙනද දන් නෑ.." උවනි ඇයට එක් වූවා ය.පාසල් කාලයේ දී ඔවුන්ගේ ගැටළු විසඳුවේ මා ය.සමාන්තර...