Stories

Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාට පුලුවන් මේ ගෙදර තියන ඔයාගේ බඩුත් අරන් පිට වෙන්න.." එක්තරා උදෑසනක නිවසින් පිටත් වීමට පෙර තිසරු පැවසුවේ ඔහුට සුපුරුදු ඉවසිලිවන්ත හඬිනි.නිලැසි තිගැස්සී ගියේ ඒ නිශ්චල හඬ නිසා ය.ඇය ඔහු දෙස බැලුවේ විමසිලිමත් දෙනෙතිනි.ටයි පටිය පළඳමින් සිටි තිසරු කිසිදු හැඟීමක් නැති දෑසකින් නිලැසි දෙස බලා සිටියේ ය. "මං තීරණය කළා ඩිවෝස්...
sarisaranni - Ganga Shainie Gamage
සමරහ වෙලා වලදී ඉරණම කෙතරම් නරක ලෙස අපත් එක්ක සෙල්ලම් කරනවා ද කියා දැනෙනු ඇත. මට මේ එවන් මොහොතකි. සාමාන්‍යයෙන් මා බොරු කියන්නියක නොවේ. විශේෂයෙන් ම අම්මා ට තාත්තා ට බොරු කියන්නට හේතු මෙතෙක් මගේ ජීවිතයෙහි වූයේ නැත. මෙහෙම මොහොතකට ඉරණම මා ව තල්ලු කර ගෙන ගිය එක ගැන...

සැකය

0
ගෙදර සේරම වැඩ ඉවර කරපු ඉනෝකා කාමරේට එන කොට රෑ එකොලහමාර පහුවෙලා.දේවක දුරකථන තිරයට මුහුණ ඔබාගෙන ඇඳේ හාන්සි වෙලා ඉන්න හැටි ඇය දැක්කෙ ඒ වෙලාවෙ " මොනාද දේවක කරන්නේ ? " දේවක දුරකථනය අතේ තියාගෙන ඉන්නවා දැක්කම ඉනෝකා ඉක්මන් ගමනින් දේවක ළඟට ආවා " මම මේ නිකන් එෆ්බී එකේ එහාට මෙහාට වෙවී...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි තමන්ම පිසූ අහර රැගෙන එරන්දත් මානවීත් මුණ ගැසෙන්නට යද්දී තිසරුට ද යන්නට ගමනක් තිබිණ.ඔහු දිගැසි මුණ ගැසෙන්නට ගියේ අවන්හලක් වෙත ය.නිවසේ දී මුණ ගැසීම වෙනුවට පිටත තැනක් යෝජනා කළේ තිසරු ය.දිගැසි ඒ යෝජනාව පිළි ගත්තේ ද සරදමක් කරමිනි. "රාජේන්ද්‍රගේ පොඩි දූටයි ලොකු බෑනටයි කතාවක් නැහැදුණොත් ඇති.." වැරදිකරුවන් හිඳියදී නිවැරදි කරුවන්ට...
sarisaranni - Ganga Shainie Gamage
පරිසරයේ වූයේ නැවුම් බවකි. දින කිහිපයක් තිස්සේ වරින් වර වැටුණු වර්ෂාව නිසා, පහුගිය දින වල වූ කර්කෂ බව පලා ගොස් තිබිණි. දුහුවිලි බැඳීම නිසා අව පැහැ ගැන්වී තිබූ ගහ කොළ හොඳින් දිය නා හරිත පැහැ සළු වලින් සැරසී ගෙන සිටිනු පෙනිණ.  පාර දෙපැත්තේ, තාප්ප අයිනේ දිගට ම විවිධ වර්ණ වල...
චාමිකා ඇඳෙන් නැගිටින්නේ නැතුව එහෙටමෙහෙට පෙරළෙමින් හිටියේ කම්මැලිකමින්.මුළුතැන්ගේ පැත්තෙන් හොඳ සුවඳක් එන්නේ ඔෂාන්ගේ ඉවීමේ හැකියාව නිසා කියලා චාමිකා නොදන්නවා නෙවෙයි.නිවසේ අත් උදව් කාරියක් හිටියත් ඔෂාන් මේ දවස්වල ඔහුගේ අතින්ම හදපු කෑම චාමිකාට දෙන්න තමයි කැමති. "අපි බාලදක්ෂයෝ කාලෙත් කෑම්ප්වලදි රසට ඉව්ව කොල්ලො.." එහෙම කියලා නිවාඩු දවසට කුස්සිය අනිත් පැත්ත පෙරළන එක...
Nilasi novel by Nibandhika Wanninayake
"නිලැසිට පුලුවන් වෙන්න ඕන ආදරෙයි කසාදෙයි කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න.එයා ඒක තේරුම් නොගෙන ඔහොම හැසිරෙන එක ඇත්තටම මට මානසික වදයක්." මානවී සමඟ නව ගීතයේ පුහුණුවීම් අරඹා ලැබුණු විවේකයේදී එරන්ද පැවසුවේ කලකිරීම මුසු හඬකිනි.මානවී නිහඬ සිනාවක් නැගුවා ය. "නිකං සිරිතට බැලුවම ඔයා නිලැසිගෙ පුංචි අම්මනෙ.හස්බන්ඩ් පැත්තක ඉද්දි මෙහෙම ප්‍රේමවන්තයට සපෝට් කරන...
ඔෆිස් එකේ හිතවතියකගෙ දුවක් පෙම් සබඳකමක් ඇති කර ගෙන. දැන් ඒ දුව නිවාස අඩස්සියට පත් වෙලා. කොහෙවත් යන්න එන්න බෑ. යාළුවො ඇසුරු කරන්න බෑ. ටෙලිෆෝන් කෝල්ස් ගන්න බෑ. කෑම බීම ටික කාමරේට සපයල දුවව ගෙදරම හිරකාරියක් කරල. හිතවතී ඒ ගැන කියනකොට මගෙ හිතට ඇති වුණේ දුකක්. වේදනාවක්. කණගාටුවක්. දුවේ, මට...
sarisaranni - Ganga Shainie Gamage
ඉනික්බිති උදා වූ දින කිහිපයක් ම රවීන් බස් එකේ කාර්යාලයට ගියේ ය. ඒ නිසා මා වැඩට යන්නට සූදානම් වූයේ ඉමහත් බලාපොරොත්තුවකින් හා ආශාවකිනි.  ආදරය ජීවිතාශාව දල්වා ලයි! "මලිත් අහනව ඇයි කා එකේ අවුල මොකද්ද කියල. මං කිව්ව පොඩි මිස් කිරිල්ලක් තියෙනව. බයයි යන්න මට නැවතෙයිද නියන්න බැරි නිසා කියල. ඒ ගමන...
old mother
මා මහගෙදරට ගොඩවූයේ මසකට පමණ පසුවය.විශ්‍රාම ගිය තාත්තා ඉස්තෝප්පුවේ වාඩි වී පොතක් හෝ පත්තරයක් කියවමින් සිටින දර්ශනය දැන් අපට අරුමයක් නොවේ. " නාලක ආවේ නැද්ද මේධා ? " තාත්තා අසන්නේ සුපුරුදු කරුණාවෙන් ය " එයා අදත් වැඩ තාත්තේ. හවස් වෙලා එහෙමම එනවා කිවුවා . කෝ අම්මා ?" " අන්න කුස්සියේ. දුව එනවා කිව්වම...