Stories

sarisaranni - Ganga Shainie Gamage
ජීවිතය කියන්නේ සතුටු වෙන්නට හදනකොට ම වේදනාවේ පාට ගැන අදහසක් ගන්නට අපට අවස්ථාව උදා කොට දෙන්නා වූ තැනකි. හිනා වෙන්නට හදනකොට ම කඳුළු කියා දෙයක් වන බව මතක් කොට දෙන්නට හදන තැනකි. යළිත් රැකියාවට යන්නට නිදහස ලැබීමේ සතුටත් එක්ක මා සිනහ වෙන්නට හදනකොට ම ඉරණම මා වෙත එවූ මේ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
සමහර හැඟීම් ජීවිතය සහමුලින්ම කනපිට හරවන්නට සමත් ය.ප්‍රේමය කියන්නේ එවැනි හැඟීමකි.මා ආදරය නිසා දැවෙන්නටත් ඉරිසියා කරන්නටත් හඬන්නටත් පටන් ගත්තේ ආදරවන්තියක බවට පත් වී නොවේ. ඒකපාර්ශ්වික ප්‍රේමයක් නිසා ය. එය කවදා ඇති වූ ප්‍රේමයක්දැයි නිශ්චිත නොවූ නමුත් මා මගේ ප්‍රේමයට මහත් සේ කැප වී සිටි බව මම දනිමි.ඔහුගේ යහපතත් සුබ සිද්ධියත් පතමින්...
සැරිසරන්නී -ගංගා ෂයිනි ගමගේ
රවීන්!  මගේ හිතේ මුලින් ම මැවුණු රුව ඔහු ගේ ය. ඒ සිතිවිල්ල ත් එක්ක ම මම තත්පර ගණනක මිදී යාමකට බඳුන් වුණෙමි. ඇඳෙන් බැහැ ගන්නට ඕනේ වූවාට මගේ දෙපා ගල් වී තිබුණේ ය. මට මතක් වුණේ අධි ශීතකරණයකින් පිටතට ගනු ලැබූ, මස් පිණිස වන කුකුළෙකි. නංගී සිනහ වෙවී සිටියා ය....
mother and daughter
"අම්මී..මට පිංකි කෙනෙක් ඕන…" නත්තල් ගහ සරසමින් හිටිය මට මගේ දූ ඇවිත් කියන්නේ හුරතලයෙන්.දැනටමත් එයාගේ නත්තල් තෑගි මොනවද කියලා තීරණය කරලා ඉවර වුණත් රෝස පාට සොෆ්ට් ටෝයි එකක් ගන්න මම හිතා ගත්තා.දූ වැඩියෙන්ම ආස රෝස පාට සොෆ්ට් ටෝයිස්වලට.ඒ හැමෝම පිංකිලා. "තාත්තිත් ඔයාට පිංකිලා එවලා ඇති මැණික..අම්මි ගෙනත් දෙන්නම්කො.." මම එහෙම කියනකොට දූ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මොකක්ද කියන්නේ?" යෙත්මි මහත් පුදුමයෙන් විමසී ය.මා සිටියේ හිතුවක්කාර බැල්මක් නෙතු අතර තබාගෙන ය.ඒ සිතුවිල්ල මේ දැන් නැඟුණු බව සැබෑ වුව ද මට එය ක්‍රියාත්මක කරන්නට උවමනා විණ. "මං දෙනෙත් අයියට කියනවා.." මා එසේ කියද්දී යෙත්මි වහා මා අසලින් හිඳ ගත්තා ය. "මොකක්ද?" ඈ අසන්නේ මා පැවසූ දේ නෑසුණු ලීලාවෙනි.වසර ගණනාවක් මගේ ඒකපාර්ශ්වික ප්‍රේම...
sarisaranni - Ganga Shainie Gamage
මගේ කම්මුලෙන් ගින්දර ද දුම් ද පිට වෙන්නා සේ දැනිණ. මම බිම බලමින් ඒ කම්මුල යන්තම් ඇඟිලි තුඩු වලින් අල්ලා ගතිමි. ඒ තරම් තද පහරක් මගේ ගෙවුණු ළමා හෝ යොවුන් විය පුරාවට මා අත් විඳ නොතිබි බව සහතික ය. ඒ මා වැරදි නොකළ දරුවෙකු වූ නිසා ය. ඉඳහිට පොඩි...

මනුස්සකමේ පාඩම

0
කසුනි ඇගේ අසුනින් වාඩිවුනේ මූණ රතු කරගෙන.ටික වෙලාවකට කලින් කාර්යාලයේ ප්‍රධානියා මුණගැහෙන්න ගිය ඇය ආපහු තමන්ගේ අසුනට ආවේ හිටියාටත් වඩා අවුල් වෙලා කියලා කවුරුත් දැක්කා " එයා කියනකන් අපි ඕව ගැන අහන්නේ නැතුව ඉමු " කසුනි මූණ හෝදගන්න ගිය වෙලාවේ ඇගේ වෙනසට හේතුව හොයන්න වගේ වටපිට බලපු කාටත් ඇහෙන්න කල්පනී කිව්වා "...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
අධ්‍යාපනය ලබද්දී මට තිබුණේ කාර්යබහුල ජීවිතයකි.අයියා හොඳින් ඉගෙන ගැනීම නිසා මට ද ඔහුගේ පසුපස ගමන් කරන්නට සිදු වූයේ සෑම පවුලකම බාල දරුවාට සිදුවන ආකාරයට ය.අම්මා මා ගැන සොයා බලන්නට අයියාට පැවරුවා ය.පාසල් අධ්‍යාපනය සහ උපකාරක පන්තිවල අධ්‍යාපනයට අමතරව මට අයියාගේ සිසුවියක වන්නට ද සිදු විණ. "අපෝ..මොනවද බං ඔය කෙල්ලට උගන්නන...
dog and christmas
ජීවිතය කෙසේ ගෙවමින් පැවතියත් අපේ පවුලේ අපූරු නත්තල් සම්ප්‍රදායක් තිබිණ.ඒ අපේ නිවසේ සුරතල් සුනඛයා වූ "පෙපර්" හට නත්තල් තෑග්ගක් ලබා දීම ය.අපේ සුරතල් පෙපර් ඒ ත්‍යාගය අප ඉදිරියේම විවෘත කරන්නේ ඉතා කැමැත්තෙනි.අප සාමාන්‍යයෙන් ඇයට ලබා දෙන්නේ කඩා බිඳ දැමිය නොහැකි ත්‍යාගයන් ය.ඒවා ආහාරයට ගන්නට බැරි වීම,සපන්නට අසීරු වීම ගැන...
sarisaranni - Ganga Shainie Gamage
කඳුළු නතර කර ගැනීමේ ඕන කමක් හෝ පුළුවන් කමක් මට වූයේ නැත. මම හිතේ හැටියට කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියෙමි. මේවා දුක් කඳුළු ම නොවේ. සතුටු කඳුළු ද නොවේ. ඒ අතර මැද වන කෝටි ප්‍රකෝටි ගණනක් හැඟුම් වල මිශ්‍රණයක ප්‍රතිඵලයකි.  මගේ හැඬීම අතරේ රවීන් හෙමිහිට මහිස පිරිමදිනු දැනිණ. ඒ...