"ඔයා මොකක්ද අර කරලා තියෙන්නේ?"
අයියා නිවසේ නොවූ දිනක දෙනෙත් සුළි කුණාටුවක් වී අපේ නිවසට කඩා වැදුණේ ය.කිසිවක් සිතා ගත නොහැකිව මම ඔහු දෙස විස්මයෙන් බලා සිටියෙමි.ඔහුගේ දෑසේ කෝපයක් වූ අතර එය පිළිකුලකට සමීප බව මට සිතිණ.නමුත් මා කිසිවක් නොදන්නා බැවින් මම බියට පත් වූයෙමි.
"ඔයාගේ ලැජ්ජා භය නැති වුණේ කවදා...
එක වතාවක් වුණු වරද ආයේම කරන්න මට උවමනා වුණේ නැහැ.ඔහුට ආදරේ කරන එක වගේම ලිපි ලියන එකත් බොහොම ප්‍රවේසම් සහගත විය යුතු බව මං මම එක්කම එකඟතාවයකට ආවා.
ලියුම් එන වෙලාව ගැන අවබෝධයකින් ඉඳිමින් ඒ ලියුම් අම්මට හොරෙන් අතට ගත්තු කාලය! මතක් වෙනකොටත් සුන්දරයි.
දෛවය ඔහුවත් මාවත් මීට පෙර වතාවක් මුණ...
අප පවුලේ වෛද්‍යවරයා වෙත ගියේ ආච්චා ගේ හා අම්මා ගේ බලවත් පෙරැත්තයට ය. එහිදී මා ගැබ් ගෙන ඇති බව සනාථ විය. මෙය අපේ පවුලට මංගල කාරණයක් වූයේ ය. ඔක්කාරය හා වමනය වැනි උදෑසන රෝග තත්වයන් නොවන්නට මට වෙනත් ශරීර අපහසුවක් නොවුණත්, අම්මා ට අප ව ගෙදර නවතා ගන්නට ඕනෑ...
නිමායා ජංගම දුරකතනය අතේ තබා ගෙනම මොහොතකට ගල් ගැසී සිටියා.තමන් මේ දකින්නේ සිහිනයක් ද?මෙය කිසි සේත්ම සැබෑවක් විය හැකිද?දෑසින් රූරා යන කඳුලු කැට දුරකතන තිරය සිප ගනිද්දී නිමායා ක්ෂණික සිතුවිල්ලකින් අසුනෙන් නැගිට නිදන කාමරය වෙතට පියවර තැබුවා.විසල් සුන්දර සිනහවක් මුව පුරා රඳවාගෙන සුව නින්දක ගැලී සිටි අතර නිමායා සිය...
"මොකක්ද කියන්නේ?"
ඈ නැවත වතාවක් ශිෂ්‍ය නායිකා අක්කා බවට පත්ව තිබිණ.මම ඇගේ දෑස් මඟ හරිමින් මඳ වෙලාවක් ගෙවා දැමීමි.
"දෙනෙත්? ඔයා කියන්නේ දෙනෙත් ගැනද?"
නිර්මාණි අක්කා අසන්නේ අරුම ස්වරයකිනි.ඇය මගේ අයියාට ආදරය කරනවානම් මට ද තරුණයෙකුට ආදරය කරන්නට අවසර නැතිදැයි මම එක්වරම සිතීමි.ඒ අනුව සිත දිරි ගතිමි.
"ඔව්.දෙනෙත් අයියා.එයා මගේ ක්‍රෂ් එක වෙලා...
හිතුණු දේ කරන නාහෙට නාහන වයසේ මම ඔහුට ලිපියක් ලිව්වා.ප්‍රේමය ප්‍රකාශ කිරීමකින් තොරව ආ ගිය විස්තර අහල ලියපු ඒ ලියුම තැපැල් කරලා මම හිටියේ හරිම සන්තෝසෙන්.ඒත් තවම හිතට මදි. මට මගේ අයියගෙන් ඔහු ගැන විස්තර අහන්න හිතුණා.
"සුධාරක කියන්නේ හරිම හොඳ කොල්ලෙක්.හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනිත් එක හරිම දක්ෂයෙක්.හැබැයි පොඩි වැරැද්දක්...
කාලයත් සමග අපේ මහා පවුලේ ළමයින් ද විවාහ වෙමින්, පවුල තුළ තනිකඩ ව සිටිනා අය ඉතා අල්පයක් වෙමින් පැවතියේ ය. ඒ ද පවුල් වල බාල ම ළමයින් ය. වයස පහු වීත් අවිවාහක තත්වයෙන් පසු වූයේ ලොකු අයියා පමණකි.
"ඔයා කිය කිය හිටියෙ මං බැන්දට පස්සේ බඳිනව කියලනෙ. ඉතිං දැං මං...
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?"
දුලාජ් එහෙම අහනකොට හිරුෂි මොකුත්ම නොකියා ඈත බලාගෙන හිටියා.මුණ ගැසිය යුතු බවට හිරුෂි පණිවිඩයක් එවද්දී දුලාජ් පුදුම වුණත් නෑවිත් හිටියේ නෑ.හිරුෂිට කවදාවත්ම නෑ බෑ නොකියපු අතීතය මඟ හැර ගන්න දුලාජ්ට අපහසුයි.
"ප්‍රශ්න නැති මිනිස්සු නෑ නේද?"
එහෙම කියලා හිරුෂි හිනා වුණත් දුලාජ් ආපස්සට හිනා වුණේ නෑ.
"අම්මාට පිටුපාන්න...
"මට කියන්න දෙයක් තියනවා.."
මගේ වට්ස් ඇප් පණිවිඩය තත්පර කිහිපයකින් කියවන්නට දෙනෙත් වග බලා ගත්තේ ය.හිතේ ඇති දේ කියන්නට සිතමින් මම දිගු පණිවිඩයක් ලියූවෙමි.නමුත් එය යවන සිතක් මට ඇත්තේ ද නැත.මම ලියූ දේ මකා දමා නැවත වෙනත් දෙයක් ලියූවෙමි.
"මට ආයේ සැරයක් විභාගේ ලියන්න වුණොත් ඒක අපේ අයියට තරහ යන දෙයක්...
මුහුද!
මුහුද කියන්නේ කෙළවරක් නැති දර්ශනයක්. ජීවිතේ වගේ.කොතැන කොහොම අවසන් වෙන්න නියමිත ද නොදන්න ජීවිතේ වගේ මුහුදටත් පරක්තෙරක් නැහැ.පෙණ කැටි ඇවිත් වෙරළේ හැපෙන බිඳෙන හැටි මං බලාගෙන හිටියේ බොහෝ වෙලාවක ඉඳන්.
නෑ! ජීවිතේ මේ මුහුද වගේ නෙවෙයි.මේ එක රළක් වගේ.වෙරළට එන රළ ආපහු මුහුදට යන්නේ තිබුණු හැටියකට නෙවෙයි.ජීවිතෙත් ඒ වගේ.එක සිදුවීමකට...