අප නිවසට කැඳවාගෙන පැමිණ අඩ හෝරාවකින් පමණ හේෂාන් නික්ම ගියේ කැමැත්තකින් නොවන බව මට තේරුම් ගියේය. නිවසේ ගත කරන මෙම දිනයේ හෝ දින කීපය මා සමගින් ගත කරන්නට ඔහුට උවමනා වී ඇතත් එසේ ගත කරන්නට ඔහුගේ කාර්ය බහුල ජීවිතය ඉඩ නොදෙන බව මම දැන සිටියෙමි. වෙනදා මෙන්ම පිටව යන...
දුලන්‍යා සාලයේ කල් මරන්නට වූයේ කරන්නට වැඩ හොයමිනි. ඇත්තටම කරන්නට වැඩ ඕනෑතරම් ඇත්තේ කාමරයේ ය. පාඩම් කරන්නට දේ එකතු වෙමින් තිබේ. වෛද්‍යවරියක වීමේ හීනය තුනේ හතරේ පන්තියේ සිට හදවතට එකතු වෙද්දී මේ ගමන මෙතරමට අපහසු වග සිතුණේ නැත. එහෙත් ඇය මෙතැන දක්වාම ඇවිද ආවා ය.
"ඔයාට ඒ ලෙවල්ස් පාස් වෙන...
මගේ වාර්තා පරීක්ෂා කරමින් සිටි විශේෂඥ වෛද්‍ය අරුන් ලංකාදේව මහතා යටැසින් මාදෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූයේ අප මෙහි පැමිණෙද්දී තිබූ ප්‍රීතිමත් ස්වභාවය නොවේ. වාර්තා සියල්ලම මේසය මත තැබූ ඔහු මා දෙසත්, අම්මා සහ හේෂාන් දෙසත් බැලුවේ අපේ යටි සිත් පරීක්ෂා කර බැලීමට මෙනි.
“ප්‍රශ්නයක් නෑ නේද ඩොක්ට?”
අම්මා ඇසුවාය. වෛද්‍යවරයා පිළිතුරක්...
"වැඩිය සද්ද බද්ද කරන් නෑ හරිද? අර පොඩි එකීට පාඩම් වැඩ තියනව"
අක්කා එසේ කියද්දී සඳරැස්ට සිනා පහළ විය. ඔහු ගීතය නවතා දමා ඇයව වැළඳ ගත්තේ ය. මවක වන්නට සැරසෙන යුවතියක පින් පාට බව ඔහුට සිතේ. අම්මා කෙනෙකු කියන්නේ හිත නිවන කෙනෙකි. එහෙත් අක්කාටත් ඔහුටත් එවැනි අම්මා කෙනෙකු අයිති නැත....
උදා වූ දවස බොහෝ සුන්දර දිනයක් යයි මට සිතිණ. පරිසරය පුරාම යන්තමින් පැතිර ගිය මීදුම් පටලය, හිරු උදා වී හෝරා කිහිපයක් යන තුරුම පරිසරය අත් නොහැර රැඳී තිබිණ. අම්මා විසින් වවන ලද රෝස පඳුරු වල නව මල් රැසක් පිපී තිබෙන අයුරු මම දුටුවෙමි. අලුත් දවසක්... ජීවිතයට නව බලාපොරොත්තු ඇති...
"අක්කලාගෙ ගෙදර යන්නෙ ඇයි අනේ?"
රිද්මිට තිබුණේ ඒ තීරණය ගැන අකමැත්තකි. ඇයට කොහොමටත් විවිධාකාර සිහින තිබිණ. ඒවා ෆැන්ටසියක් වීම ගැන ඇයට ගැටළුවක් තිබුණේ ද නැත. මලිත් වෙත යන දිනයක් උදා වෙන තුරු යෞවනය ඔහේ ගත කරන්නට ඇයට ඕනෑ වූයේ නැත.
"සඳරැස්ට නොගැළපෙනම දේ නම."
ඈ එසේ පැවසුවේ මිතුරියකට ය. මිතුරිය,රුක්ෂි ඇය දෙස...
කෙතරම් පාලනය කර ගැනීමට උත්සාහ කළ ද, නොදැනුවත්වම මට මහ හඬින් හැඬිණ. වජිරා මා අසළට දිව ආවාය. ඇය මා තුරුලු කරගත්තේ මා ආරක්ෂා කර ගැනීමට මෙනි.
“මොකක්ද මැඩම් මේකෙ තේරුම?”
හැඬුම්බර හඬින් ඇය විමසුවද, හේෂාන්ගේ මව නිහඬව සිටියාය.
“හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද? කතා කරගන්න දෙයක් අපේ මැඩම් ආවම කතා කරගන්න. මේ...
මා තමා දෙස විමසිල්ලෙන් බලා සිටින බව අරුණෝදි දකින්නට ඇත. හිස එසවූ ඇය මදෙස බලා මඳ සිනා නැගුවාය.
“ඔයා මේ දවස් ටිකට ගොඩක් ලස්සන වෙලා.”
මම පැවසුවෙමි.
“මම මේ දවස් වල ඉන්නෙ හිත සතුටෙන්. ඒ නිසා වෙන්න ඇති.”
“හිත සතුටෙන්? එහෙමනම් මොකක් හරි විශේෂත්වයක් ඇති.”
“මං කිව්වෙ ඩිනාලි. පුංචි ලංකාවට ආවා. පුංචි එක්ක ගත...
"තරූ අක්කලගෙ අම්මා ඉන්නෙ කොහෙද අයියේ?"
දුලන්‍යාට ඒ ප්‍රශ්නය අයියාගෙන් අසන්නට සිතුණේ රාත්‍රියේ ය. මුළු දවසක්ම ඇගේ හදවතේ කටුවක් ඇනී තිබිණ. සඳරැස් වේදනාවෙනි. දුලන්‍යා අනාරාධිතවම ඒ වේදනාව බාර ගෙන තිබුණා ය.
"අක්කා අම්මා ගැන හිතනවද සුදු මැණික?"
දුලාජ් කලබල විය. ඒ කලබලය අතර පවා ඔහුට නැගණියගේ ප්‍රියතම සුරතල් නාමය අමතක නොවී ය....
අම්මා සුපුරුදු පරිදි සිය කේක් සාප්පුවට දිනපතා ගිය නමුත් ඇය එහි වැඩි වේලාවක් නොරැඳී නිවසට පැමිණියේ මා නිසාය. නිදහස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙකු වශයෙන් කටයුතු කළ සුදු නංගී ද වෙනදා මෙන් නොව පූර්ණ කාලීනව සිය කටයුතු වල නිරත නොවී වරින් වර මා සොයා පැමිණ වදනක් දෙකක් දොඩා විහිලුවක් කොට යන්නට...