Stories

අම්මා මගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි හරියට ම සිතා ගන්නට මා පොහොසත් වූයේ නැත. යුගාන්ත ට මා ලං වීම ගැන ඈ ඊර්ෂ්‍යා සහගත වූවේ වෙනකක් නිසා නොව මගේ ආදායම් පවා කලමණාකරණය කරන්නට ඇයට වන අවශ්‍යතාවය හින්දා කියා මම සිතුවෙමි. නමුත් තුෂී මා නො දකින පැත්තක් දැක තිබුණා ය. "යුගාන්ත එක්ක...
අම්මා කාලයකට පසු සිටියේ සන්තෝසයෙනි. මා සති කිහිපයකට පසු නිවසට පැමිණීම සේම ගෙදර පාළුව නැති වන තරමට හිනා හඬ පැතිර යාම ඇයගේ හිත වසා ගත් අඳුරු වලාකුලු පහව යන්නට හේතු වන්නට ඇත. ඈ වේලු මාමාගේ බිරිඳ වූ මීනම්මා නැන්දා සමඟ ලහිලහියේ උයමනේ යෙදුණා ය. ඊෂා තේ පානය කළ සැනින් කළේ...
මා පැළ තවානට වී පැළ කිහිපයක් වර්ග කරමින් සිටිනා අතර වාරයක අසංක හෙමි හෙමිහිට ඒ දෙසට පැමිණියේ ය. මම ඒ ගැන ඒ හැටි තැකීමක් නො කළෙමි. ඔහු ඇවිත් මට කිට්ටුවෙන් ම සිට ගත්තේ ය. "වැඩද…" මම හැරී බලා සිනහවක් නගා ගතිමි. "ඔව්" "උදව්වක් ඕනනං කියන්න. දැං මං ඉන්නවනෙ"යළිත් මම සිනහවක් පෑවෙමි. ඊට වැඩියෙන්,...
බොහෝ වෙලාවක් යනතුරු ම කාරය තුළ කිසිවෙකුත් වදනකුදු දෙඩුවේ නැත. ඊෂා මගේ අතකින් අල්ලා ගත්තා ය. හිතේ ආවේගය නිසා අමෝද අයියාට මලිඳු ගැන කියවාගෙන යාම ගැන ඈ ශෝකයෙන් පසු වන බව මට වැටහිණි.නමුත් මට කෝපයක් දැනුණේ නැත. ඒ ඇගේ අයියා ය. මා හඬන කාරණය ඔහුට හෙළි නොකර සිටියානම් එය...
කාමරයේ හැර දමා තිබූ ජනේලයේ තිර රෙදි ඉහළ නංවමින් අකීකරු සුළඟක් ඇතුළට ආවේ ය. ඒ තෙත සුළං කෝඩයෙන් මා හිරි වැටී ගියත්, එකී සිසිලස හදවතට දිව්‍යමය සුවයක් දැනවී ය. තුෂී යුගාන්තට ඇමතුම ගත්තේ ස්පීකර ක්‍රියාත්මක කොට ය. එනිසා දුරකතනය හැඬවෙන හඬ මට ද ඇසෙමින් තිබිණ. ගතට දැනුණ ඒ තරම්...
අප එනතුරු වඩා දීප්තිමත් සිනාවක් පැළඳ සිටි දිනුක අපට එක් විණි.හිමල්ක නිවාඩු දින තුන අම්මා සමඟ ගමනක් යොදා ගැනීම නිසා ඔහු බැන වදිමින් එවන මැසේජ් කියවමින් ඊෂාත් දිනුකත් සිටියේ විනෝදයෙනි.ඊෂා පුදුමාකාර ප්‍රීතියකින් ඉපිලෙමින් සිටීම නිසාම මලිඳුට නොකියා හදිසියේ ගමේ යාම ගැන හිත හදා ගන්නට මට සිදු විණි. දිනුක සැබෑවටම කවුරුන්දැයි...
ජීවිතයෙන් පාඩම් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක ම ඉගෙන ගැනීම ය. එවන් මිනිස්සු සිදු වීම් වලට පිටුපසින් එත හැකි සිදු වීම් ගැන කලින් ම සිතති. ඒ නිසා කුසල් ගේ අලුත් දයාබර වීම අන්ධයෙකු සේ වැළඳ ගන්නට මට සිත් දුන්නේ නැත. අනිත් අතට හොඳට ම රිදුණා ට පස්සේ හිතක වුව සංවේදී...
අමෝද අයියා අපේ ගම බලන්නට යා යුතු බව පැවසූ නමුත් එය වැඩිමනත් සිතිය යුත්තක් නොවන බව මම දැන සිටියෙමි. ඔහුට අපේ ගෙදර යනවාට වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇත. දින තුනක නිවාඩුවක් ඇති බැවින් මේ සිකුරාදාව ගෙදර යන්නට වෙන් කරන්නට මා සිතා ගත්තේ දින කිහිපයකට කලිනි. උදෑසනම ඇඳ පැළඳ...
සීයලා ගේ ගෙදර ආලින්දය දෙපැත්තේ කාමර දෙපෙළකි. දැන් මා හා තුෂී හිඳින්නේ සීයලා ගේ ලොකු නිදන කාමරයට අල්ලපු කාමරයේ ය. ඒ පෙළෙහි තව එක කාමරයක් හිස් ව තියේ. ආලින්දයෙහි අනිත් පස වන කාමර තුන ම අම්මලා අල්ලා ගත්තේ, ගෙදර තිබී ගෙනා ගෘහ භාණ්ඩ ඒවායේ පැටවීමෙනි. අත්තම්මා කම්මුලෙහි අතක් ගසා...
අයියා ගෙදර ආවා විතරයි.ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල කියන සමහර ගෑනු දූලා ඉස්සර කරගෙන එනවා.." හවස් යාමයේ ඊෂා මගේ කාමරයට එබුණේ නෝක්කාඩු මුහුණක් මවාගෙන ය. පැවැරුමක ගිලී හුන් මම ලැප්ටොප් තිරය නිවා දැම්මේ ඇයට සවන් දෙන්නට සිතමිනි. "විසිටර්ස්ලා ඇවිත්ද ඊෂා??" ඊෂාට දිගු පිළිතුරක් ඇති හැඩ ය. ඇය මගේ ඇඳ මතින් හිඳ ගත්තේ එනිසා ය. "ඔය ඇවිත්...