අනෝරා මල් වැහි

මාස කිහිපයකට පසු… මහිල් උන්නේ තායිලන්තය බලා යන්නට සැරසෙමිනි. සමන්ත අයියාගේ උදව්වෙන් තායිලන්තයේම සුප්‍රසිද්ධ හෝටල් ජාලයක ජ්‍යේශ්ට තෙරපිස්ට්වරයෙකු ලෙස යන්නට මහිල්ට තමන්ගේ වසර ගණනක පලපුරුද්දත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබගත් ඩිප්ලෝමා පාටමාලාවත් මනා පිටිවහලක් විය. එහෙත් ඒ සියල්ලටම වඩා තමාට රටින් යන්නට හේතුවක් වූයේ තාරාගේ අනපේක්ශිත සමුගැනීම බව නොසිතා ඉන්නටමහිල්ට හැකියාවක් තිබුනේ නැත.තාරා...
"ඔයා කෑව නේද? චිරාඋට දැන් කොහොමද බබා? ඔයා වැඩිය මහන්සිවෙන්නත් එපා මැණිකෙ ඔයා ලෙඩ වෙයි ඊලඟට" "ඔයාගෙ වැඩ ඉවර උනාම පුලුවන් නම් මට මැසේජ් එකක්වත් දාන්න බබා. ඔයාගෙන් කිසිම පණිවිඩයක් නැති උනාම මට බය හිතෙනව. අයි ලව් යූ" "චිරායුට දැන් හොඳද බබා? ඔයා ආයෙ ඔෆිස් යන්නෙ කවද්ද? ඔයාව බලන එන්නද මම?...
දින ගෙවුණේ වේගයෙනි. ඒ ඇතැම් දිනවල මහිල්ට කෙටි පණිවිඩයක්වත් යවා ගන්නට නොහැකි පරිද්දෙන් තාරා කාර්‍යබහුල වූ බව ඇත්තකි. එහෙත් මහිල් උන්නේ දරාඅගැනීමේ අවසාන කෙලවරේ එල්ලීය.  විවාහක කාන්තාවක් සමග තමා සබඳතාවයක් ඇති කර ගැනීම වරදක් බව මහිල් හදවත කල චෝදනාව පිලිගත්තේය. එහෙත් ඒ කුමන වරදක් කලද තමා තාරා වෙනුවෙන් පුදකලේ ව්‍යාජ...
"මට හිත හදාගන්නබෑ මහිල් චිරායුට වෙච්ච දේ මතක් වෙද්දි. මට හිතෙන්නෙම එයාට එහෙම උනේ මං හින්ද කියල" තාරා උන්නේ චිරායුව රෝහලේ සිට නිවසට කැඳවාගෙන එනු පිණිස යන්නට සූදානම් වෙමිනි. මහිල් කතා කරේ ඒ මොහොතේය. කාර්‍ය්බහුලත්වය නිසාවෙන්ම මහිල්ව හමුවන්නට තබා කතා කරන්නටවත් ඉඩකඩක් ලැබුනේ නැතිතරම් ය.  මහිල්ට කතා කර චිරායු අසනීපයෙන් බවත්,...
ඒ දෛවෝපගත දුරකතන ඇමතුම එද්දී තාරා උන්නේ ඇඳ මත ඇලවී දෙනෙත් පියාගෙන කලපනා කරමිනි. දුරකතනයේ එහා පස අන්තයෙන් තමාගේ සවන් වෙත ඇදී ආවේ පණිවිඩයක් නොව මුලු ජීවිතයම මොහොතකට දෙදරවා යන පණිවුඩයක් පමණක් බව තාරාට මතක තිබුනි.  "හෙලෝ මිසිස් කුලතුංග, මිස්ට කුලතුංගව හදිසි හාර්ට් ඇටෑක් එකක් ඇවිත් හොස්පිටලයිස් කරල තියෙන්නෙ, මැඩම්ට එන්න...
"චිරායු ගැනමට එක පැත්තකින් දුක හිතෙනව තාරා" චිරායු ඒ කතා බහට පසු නිවසින් පිටව ගිය විගසම පාහේ මහිල් අමතා සියල්ල කියූ තාරාට මහිල් එසේ පැවසුවේය. "මෙච්චර කාලයක් තනියෙන් මේ කසාද ජීවිතේ ඇදගෙන යන්න මහන්සිවෙච්ච මං ගැන ඔයාට දුකක් නැද්ද එතකොට?" "නෑ නෑ එහෙම නෙවෙයි මං කිව්වෙ. ඔයා ව්ගේ ලස්සනගෑණියෙක්ව හැම විදියකින්ම අයිති...
චිරායු ඉරිදා නිවසට ආවේ හවස් වීය. එහෙත් ඒ වෙනදාට වඩා වේලසනින්‍ ය. ඒ කුමක් නිසාද කියා තාරා නොදත් නමුත් තාරා බලා උන්නේ චිරායු සමග දික්කසාදය ගැන කතා බස් කරන්නය. එහෙත් තමා ඒ කතාවට එළඹිය යුත්තේ කොතනින්ද කියා කිසිත් අදහසක් තාරාට තිබුනේ නැත. චිරායුගෙන් වෙන්වීම සහ මහිල් සමග එකතුවීම මහත්...
උදෑසන ආවේ මහිල්ටත් තාරාටත් හොරෙන් ය. ඉතාමත් තෘප්තිමත් සොඳුරු රැයකට පසු ගැඹුරු එහෙත් සුවඳායී නින්දකට වැටී හුන් මහිල් අවදි වූයේ මුහුදේ හෝ හෝ සද්දෙටය. අනෙක් අතට නින්දෙන්ම මදක් එහෙ මෙහෙ වූ තාරා ගේ ගතේ චලිතය මහිල්ව ඒ සුවබර නින්දෙන් අවදි කරන්නට හේතු විය. තාරා උන්නේ ඉතාම සනීප නින්දක සුව විඳිමිනි....
මිතුන්ගේ විවාහ මංගල්‍යය අතරතුරේ බොහෝ වැඩ රාජකාරි අස්සේ සිරවී උන්නද තාරා මහිල්ගේ හිතේ උඩම කෙලවරක රැඳී හිඳ හිනැහෙමින් උන්නාය. මහිල් උන්නේ කා සමගවත් බෙදා හදා ගන්නට නොහැකි ප්‍රේමයක පැටලී ඒ සන්තුශ්ටියෙන් පිරී ගොසිනි.  "උඹ අදම යනවද?" "නෑ මචං මම අද ඉන්න කියල හිතුවෙ" "ඉතින් මෙහෙ ඉඳපංකො" "නෑ බං මම අද යාලුවෙක් එක්ක හොටෙල්...
"ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහෙම යන්න" අදිවේගී මාර්ගයේ පවබට බඳු වේගයෙන් රිය ඇදි යද්දී තාරා උන්නේ බොහෝ නිදහස්ව රිය පදවන මහිල්ගේ පුලුල් උරහිසට හේත්තු වීය. හේත්තු වී ඊයේ ප්‍රේමයෙනුත් සතුටෙනුත් ගෙවී ගිය උපන්දින සැඳෑව මතක් කරගනිමිනි. "ඒ උනාට ප්‍රසන්ට් එකක් නොදී බෑනෙ. කෝ ඇස් දෙක පියාගන්න" කියා මහිල් තම දෙතොල මත ආදරයේ...