අනෝරා මල් වැහි 39

දින ගෙවුණේ වේගයෙනි. ඒ ඇතැම් දිනවල මහිල්ට කෙටි පණිවිඩයක්වත් යවා ගන්නට නොහැකි පරිද්දෙන් තාරා කාර්‍යබහුල වූ බව ඇත්තකි. එහෙත් මහිල් උන්නේ දරාඅගැනීමේ අවසාන කෙලවරේ එල්ලීය. 

විවාහක කාන්තාවක් සමග තමා සබඳතාවයක් ඇති කර ගැනීම වරදක් බව මහිල් හදවත කල චෝදනාව පිලිගත්තේය. එහෙත් ඒ කුමන වරදක් කලද තමා තාරා වෙනුවෙන් පුදකලේ ව්‍යාජ ආදරයක් නොව සත්‍යයකි. ඒ නිසාම මේ දුරස් වීම, මුණ නොගැසීම දරාගෙන ඉන්නට අපහසු හැඟීම් ගොන්නකින් මහිල්ගේ සිත ඔත්පල කලේය. ඔහු උන්නේ කිසිවෙකුත් නුරුස්සන හැඟීමක වෙලීය. හැකි සැම විටකම තනිවෙන්නට කල්පනා කරන්නට මාන බලාගෙනය.

“මොකද උඹට වෙලා තියෙන්නෙ?” කියා අම්මා කීප වරක්ම ඇසුවද “ච්” කියා නොරිස්සුම පෙන්වනවා හැරෙන්න වෙන කිසිම වදනක් මහිල්ගේ මුවින් පිට වුනේ නැත.

වෙන අයෙකු වෙනුවෙන් නම් මෙවන් මොහොතක තම හැසිරීම සහමුලින්ම වෙනස් බව දැන උන්නද නිශාමනී මහිල් ගේ නොරිස්සුම හමුවේ නිශාමනී නිහඬ පිලිවෙතක් අනුගමනය කලේ මේ මහිල්ගේ සාමාන්‍ය ස්වභාවය නොවන බව ඇයට තේරුම් ගිය නිසාවෙන්මය.

“මල්ලි මොකක් හරි කරදරේකද මන්ද ඉන්නෙ” කියා ඇය තම සිතැඟි පවනි සමග බෙදාගත්‍තේ රහසේය.

“ඇයි අම්මා එහෙම කිව්වෙ?”

“මං දන්නෙ නෑ දවස් ගාණක ඉඳල කල්පනාව. මොනවත් ඇහුවට හරියට කියන්නෙත් නෑ. නිකන් අපි එක්ක තරහෙන් වගේ ඉන්න හරියට අපි එයාට වරදක් කරල වගේ”

“ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ”

“ඔෆිස්? ඔෆිස් කියන්න පුලුවන්ද බං ස්පා වලට. නම දාන් උන්නට ඔව්ව ඔෆිස් වෙනවද ස්පා මිසක්ක”

“මල්ලිට තියෙන්නෙ රට යන්න” කියමින් පවනි නිශාමනී කපමින් මුන් පිපිඤ්ඤා ගෙඩියෙන් කැපූ පෙත්තක් කටේ රුවා ගත්තාය.

“අනේ මං කොච්චර කිව්වද බං. තාත්ත වගේමයි උටත් දියුණු වෙන්න ඕන කියල එකක් නෑ. මේක අස්සෙම ලැගගෙන හිටියම ඇති කියල හිතන් ඉන්නෙ”

“සමන්ත කියන්නෙ අම්මෙ එහෙ ඔය ස්පා වල හෙම වැඩ කරන අයට පුදුම සල්ලිලු. කාර් වලින් එහෙමලු යන්නෙ. අනික පඩියට අමතරවත් සර්විස් එක හොඳ නම් ගෙවනවලු”

“ඔහොම නෙවෙයි ඉතින් මාලිගාව ලැබෙනවය කිව්වත් මූ නෙවෙයි රටකට යන්නෙ. දැන් අර භානුක තාම රට ගිහින් මාස කීයද දැනටම ඌ කීයක් කියල ජාති එව්වද ගෙදරට? උං උඩින් යන්නෙ දැන් ටීවී සෙටප් අරව මෙව්ව ගෙදර පුරෝල හන්ද” කියා නිශාමනී පිපිඤ්ඤා පෙති වේගයෙන් කපාගෙන කපාගෙන ගියේ හරියට මහිල්ගෙන් පලිගන්නට මෙන් සිතාගෙනය.

“අම්ම කෝකටත් ආයෙ යාප්පුවෙන් කතා කරල බලන්නකො”

“මං නෙවෙයි උඹ පුලුවන් නම් සමන්තට කියහංකො කතා කරල තේරුම් කරල දෙන්න කියල”

පවනි නිශාමනීගේ කුස්සියෙන් එලියට ගියේ එයට හිස වනමින් තවත් පිපිඤ්ඤා පෙත්තක් සපමින්මය.

චිරායු බලන්නට එන හිතවතුන්ගේද නෑයන්ගේද යාලු මිත්‍රයින්ගේද අඩුවක් තිබුනේ නැත. කාර්‍යාලයේ ජ්‍යේෂ්ට නිලයක් හොබවන නිසාත් පරණ සේවකයෙකු වන නිසාත් කාර්‍යාලෙන් පමණල් ඔහුගේ සැප දුක බලා යන්නට බොහෝ දෙනා ගෙදර ආහ.

තාරා ඒ සියල්ලන්ම යහපත් අන්දමින් පිලිගත්තාය. චිරායුට සාත්තු සප්පායම් කරන අතරවාරයේම ඔහු බලන්නට එන සියල්ලන්ටම සංග්‍රහ කරාය.

චිරායු ඒ සියල්ල බලාඋන්නේ බලාපොරොසහගත බලාපොරොත්තු දෑසිනි.තාරා තමන්ට තවත් අවස්තාවක් දෙනු ඇතැයි බොහෝ බලාපොරොත්තු තබාගෙන උන්නේය. 

“මට හිතෙන්නෙ හැමදේම සිද්ද උනේ හොඳට කියල”

චිරායුගේ කාර්‍යාලයේ මිතුරන් පිරිසක් ඔහුව බලන්නට විත් විසිත්ත කාමරයේ සතුටු සාමිචියේ නිරත වී ඉද්දී අමන්දා උන්නේ කුස්සියේ පැන්ට්‍රි ටොප් එකට හේත්තු වී ඔවුන්ට සංග්‍රහ කරන්නට කැවිලි පෙවිලි අඩුක් කරන තාරා දෙස බලාගෙනය

“උඹ මොකද ඒ ගැන හිතන්නෙ?” තමන් ඇසූ දෙයට කිසිවක් නොකියාම කැවිලි ට්‍රේක සකසන තාරා දෙස බලමින් අමන්දා නැවත වාරයක් ඇසුවාය.

“උඹ කියන්නෙ චිරායුට හාට් ඇටෑක් එකක් ආවෙ හොඳට කියලද?”

“හාට් ඇටෑක් එකක් ආවෙ හොඳට කියන්න බෑනෙ”

“එහෙනං?”

“දෙයක් උනා නම් උනේ හොඳට කියලයි මම කියන්නෙ?”

“ඒ කිව්වෙ?”

“මට හිතෙන්නෙ මේක උඹටයි චිරායුටයිදෙන්නටම ආයෙ උඹලගෙ මැරේජ් එක ගැන හිතන්න හොඳම වෙලාව කියල. හැමදේම වෙන්නෙ හොඳටයි කියල කියනවනෙ. සමහරවිට මේක උඹලගෙ ප්‍රශ්න ගැන ආයෙ හිතන කතාකරන්න හොඳම වෙලාව කියලමයි මට හිතෙන්නෙ”

“එහෙමයි කියල වෙච්ච දේවල් අපිට අමතක කරන්න බෑනෙ”

“අමතක කරන්න ඕන නෑ, ඒව මතක තියාගෙන ආයෙමත් එහෙම දේවල් නොවෙන්නයි වැඩ කරන්න ඕන. ඒ වගේ දේව්ල් වෙනව. බට් අයි ස්ටිල් තින්ක් දැට් යූශුඩ් ගිව් හිම් අ සෙකන්ඩ් චාන්ස්”

එහෙත් සැබවින්ම දෙවන අවස්තාවක් ලැබිය යුත්තේ තමාට නොවේද කියා තාරා හදවතින් නැවත වාරයක් ඇසුවාය. මේ මොහොතේ තමාට අවශ්‍ය දෙවන අවස්තාවක්ද නොඑසේනම් ගැලවීම්ක්ද කියා නැවත වාරයක් සිතුවාය. ඒ සිතුවිල්ල බොහෝ දුර ඇදෙන බවත් මේ එයට වේලාව නොවන බවත් දැනගෙන කේක් බිස්කට් ආදිය පිරවූ බන්දේසිය රැගෙන විසිත්ත කාමරයට ගියාය.

යාලුවන් කියූ කිසිවකට සිනාසෙමින් උන් චිරායු තාරා දෙස බැලුවේ ඒ සිනාවෙන්මය. 

“චිරායු නම් ආයෙ ඔෆිස් එන්න අදහසක් නෑලුනේ තාරා” චිරායු දෙසබලමින් කොලුකමය මෙන් ඇහැක් ගසමින් මෙන්ඩිස් නම් මිතුරා කියා සිනාසේ. 

තාරා ඇයි කිසා ඇසුවේ දෙනෙත් කුඩාකරගෙනය.

“ඔව් ඔව් අපි එක්කත් මේ කිය කිය හිටියෙ තාරා හොඳට සලකන හන්ද දිගටම ලෙඩවෙලා ඉන්න තියෙනම් හොඳයි කියල”

ඒ කතා වලටත් සිනාවලටත් තාරාත් අමන්දාත් එක්වුනේ සැහැල්ලුවෙන් නොවේයැයි කියන්නට නොහැක. 

චිරායු උන්නේ බොහෝ දිනයකට පසුව ලැබුන කායික සහ මානසික නිදහස නිසාවෙන් උපරිම සැහැල්ලුවට පත් වූ හදවතිනි. ඒ සැහැල්ලුවම තාරා දෙසත් ඇයගේ කැපවීම් දෙසත් වෙනස් ඇසකින් වඩා පැහැදිලිව දකින්නට චිරායුට හැකිවිය. එදා රාත්‍රියේ චිරායු බලා උන්නේ තාර නිදාගන්නට එනතුරුය.

නාන කාමරයේ හිඳ විත් කණ්ණාඩි මේසය ඉදිරියේ වාඩිවුණ තාරා කුරුඳු සුවඳක්සහිත බොඩි ලෝශන් එක අත් දෙකේත් බෙල්ලේත් ආලේප කරනු චිරායු බලා උන්නේ ඇඳ මත හාන්සිවී ඇඳ විට්ටමට හිස තබාගෙනය. 

අනතුරුව තාරා කෙස් කලඹ මුදා හැර එහි හෙයා සීරම් එකක් තවරා මෘදුව සම්භාහනය කරගන්නා ආකාරය බලා උන්නේය. පසුගිය කාලයේම නිදහසක් විවේකයක් නැතුව  වැඩ කිරීමෙනුත් කාමරයේ නොසිට කාර්‍යාල කාමරයේම රෑ පහන් කිරීම නිසාවෙනුත් තමාට කෙතරම් සුන්දර දේ මග හැරී ඇතිද කියා චිරායු සිතුවේ තාරා දෙසම බලාගෙනය.

තාරා ඇඳ වෙත ආවේ තවමත් ඇහැරී හිඳින චිරායු වෙත මද සිනාවක් පා කරමිනි. 

“තාරා”

චිරායු කටහඬ අවදි කරේ වඩා මෘදුවය. මේ නිවසට ආ පලමුදා මෙන්ම අදත් සඳ පායා තිබුනේ සඳ එලිය කාමරය ඇතුලේ අතුරමිනි.

“කියන්න”

එහෙත් චිරායු තව මොහොතක් කතාව අරඹන්නට පෙර නැවතුනේය. මොහොතක් සිතුවේය. කතාව ඇරඹිය යුත්තේ කොතනින්ද කොහොමද කියා කිසිත් අදහසක් නැත. එහෙත්මේ කතාව දැන්වත් ඇරඹිය යුතුය. දැනුත් හොඳටම පමා වී නැතිද?

“තාරා අයෑම් සොරි ෆො එව්‍රිතින්

මම දන්නවා මගෙන් ඔයාට ගොඩක් වැරදි උනා කියල. මම ඔෆිස් එකේ වැඩවලට ෆුල් ෆෝකස් එක දීගෙන හිටිය එකෙන් මගෙ අතින් ඔයාව සෑහෙන නිග්ලෙක්ට් උනා කියන එක මම පිලිගන්නවා.

මම එහෙම කරලත් ඔයා මේ දවස් ටිකේ මට සලකපු විදිය මට අමතක කරන්න බෑ. මට හැමදේටම සමාවෙන්න තාරා. ඔයාට පුලුවන් නේද මට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න? ප්ලීස්. මට ඔයාව නැතිකරගෙන මොන දේ ලැබුනත් වැඩක් නෑ තාරා.

අයෑම් සොරි වන්සගේන්”

චිරායු එසේ කිව්වේ වඩා මෘදුව. හෙමින්‍ ය.

එහෙත් ඒ වදන් විත් තාරගේ හිතේ වැදුනේ වඩා වේගයෙනි.

චිරායු තමාගෙන් සමාව ගත යුතු නෑ නොවේද?

ඔහුගේ දෙපතුල ලඟ වැටී හෝ සමාව ඉල්ලා බැගෑපත් විය යුත්තේ තමා නොවේද?

තාරා කඳුලු බර දෙනෙතින් යුතුව චිරායුගේ පපුවට වාරු වූයේ ඒ හැඟීමේ බර තවදුරටත් දරාගන්නට නොහැකි තැනය.

කනාටු සුලඟේ දුහුල් මලකි අද 

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles