අනෝරා මල් වැහි

"සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ ඔබ වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ" මහිල් උන්නේ පුදුමාකාර සන්තෝසයකිනි. ඒ සන්තෝසය ඔහුගේ දෙනෙතිනුත් දෙතොලිනුත් දෝරේ ගලා යන්නට තරම් වෑහෙන්නකි. එහෙත් මහිල්ගේ ඒ සතුටට හේතුව කුමක්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. මහිල් ඉන්නේ හිත අස්සේ...
"මම ඒවෙලාවෙ ඔයා අහපු දේට උත්තරයක් නොදුන්නෙ කලබල වෙලා හදිසියෙ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන නෑ කියල මම හිතපු හන්ද. එහෙම නැතුව මම මේ අෆෙයාර් එක සීරියස් අරගෙන නෑ කියල ඔයා  හිතන්න එපා" මහිල් තාරාව යලි ඇමතුවේ රැයේය. චිරායු නිවසට එනතුරු තාරා සමග දුරකතනයේ රැඳී සිටීම මහිල් පුරුද්දක් කරගත්තේ තාරා...
ඉන් පසුව ඇරඹුනේ ජීවිතයේ වඩාත්ම සුන්දර කාලයක් යැයී කීම බොරුවක් නොවේ. සම්මත වුවත් අසම්මත වුවත් ඒ ආදරය තාරාගේත් මහිල්ගේත් ජීවිතයට මල් වැස්සක් බඳුව වැටෙන්නට විය. මහිලුත් තාරාත් උන්නේ එකිනෙකා වෙනුවෙන් උපන් ආදරයෙන් හදවතත් ජීවිතයත් උතුරා යන මට්ටමේ හැඟීමකින් පුරවාගෙනය. උදෑසන ඇරඹුනේත් රාත්‍රිය අවසන් වූයේත් ඒ ආදරය හිත්වල පුරවා ගෙනය. "ගුඩ් මෝනින්"...
වයිබ්ස් කැෆේඑකේ නොරැඳී මහිල් ගාලු මුවදොර පිටියට ආවේ තාරා එදා මදක් සැඳැ වනතුරු කාර්‍යාලයේ රැඳී උන් නිසාවෙනි.තාරා එනතුරු ගාලු මුවදොර පිටියේ තණ කොල බිස්ස උඩ වාඩි වී මහිල් අන්දකාරා අහස දෙස බලා උන්නේය. එහෙත් හිත තිබුනේ තාරා ලඟ ය. තමාගේ සිතුවිලි දැන් තාරාගෙන් මදක් හෝ අහකට යන්නේ එහෙමත් වෙලාවක...
"නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුණු මා හිතේ අපමණයි අචල ආදරේ බැඳුණ ඔබ කෙරෙ එලෙසමයි" යන්නේ නැතැයි කීවාට තාරාට වයිබ්ස් කැෆේ වෙත එදා හවසත් නොයා බැරිවිය. තමා එහි ගියා නොව මෙයැයි කියා කියන්නට නොහැකි හැඟුම් සමුදායක් විසින් තාරාව එහි ගෙනගියාය.  මහිල්ගෙන් ආ මග හල ඇමතුම්...
ඩි සේරම් මාවතේ තාරාගෙත් චිරායුගේත් නිවහන පිරී තිබුනේ සැඳෑ සාදයක සිරියාවකිනි. විවිධ වර්ණ ඇඳුම්පැලඳුම් වලින් සැරසුණු පුද්ගලයන් ද කන්කලු සංගීත නාදයන්ද කුසගින්න අවුලුවන ආහාර සුවඳින්ද ඒ පිරී තිබුණි.  එහෙත් තාරා උන්නේ ඒ වර්ණයන්ගෙන්වත්, සුවඳින්වත්, ගී හඬින්වත් මත් වූ හදවතකින් නොවේ. තමා මේ මොහොතේ මෙහි උන්නද තමාගේ හදවත තවමත් තිබෙන්නේ ඊයේ...
තාරාගේ බස් අනුව මහිල් කොළඹ විශ්ව විද්‍යාලයේ මසාජ් තෙරපිස්ට් වරුන් සඳහා ඇති ඩිප්ලෝමා පාටමාලාවක් හදාරාන්නට තීරණය කරේය. තමන් තාරා විසින් කල ඒ යෝජනව ක්‍රියාවට නංවන්නට සිතුවේ තාරා කියු දෙයින් තමන්ගේ අනාගතයට යම් හොඳක් සිදුවන බව තේරුම්ගත් නිසාවෙන්ද නොඑසේනම් තමා ඇය කියන දේ කිරීම ඇයට තවත් ලංවෙන්නට ඇගේ හිත දිනාගැනීමට...
"නෙක්ස්ට් තර්ස්ඩේ තමයි දිස්නිගෙ එන්ගේජ්මන්ට් එකතියෙන්නෙ. ප්ලීස් තාරා එදාට නම් පිස්සුවක් නටන්න තියන්න එපා. හවසනෙ එන්ගේජ්මට් එක තියෙන්නෙ. ඔයා උදේ ඔෆිස් යන්න. නෝ වොරීස්. ඒත් ප්ලීස් හවස ෆන්ක්ශන් එකට ඉන්න. ප්ලීස්" චිරායු මේ සියල්ල පැවසුවේ උදෑසන වැඩට යන්නට සූදානම් වෙමිනි. ඒද තාරා දෙස මොහොතකටවත් බලන්නට වෙලාවවත් බැල්මක්වත් වැය නොකරමිනි. තාරාගෙ...
"චිරායු ලමයගෙ අම්මා කතා කරා පුතේ මට" කියා අම්මා දුරකතන ඇමතුම දෙද්දීම මාධනී කුලතුංග විසින් පතුරුවන්නට හැකි හැම තැනම ගින්න පතුරුවා ඇති බව තාරා තේරුම්ගත්තාය. "මොකද කිව්වේ එයා කතා කරල" "අනේ මන්දන්නෙ නෑ පුතේ. මං නං කියන්නෙ ප්‍රශ්න දාගන්න එපා කියල. මොන දේ උනත් ඒ වයසක මිනිස්සුනෙ කියල හිතන්න පුතේ" "අම්මෙ, මට...
"දැන් මේ වෙඩින් එකට ඔයා යන්නෙ නැද්ද?" වන් ගෝල් ෆේස් මෝල්හි ටක්ස් සිලෝන් සාප්පුව වෙත යන්නට පඩිපෙල නගින අතරවාරයේ තාරා ඇසුවේ මහිල්ගෙනි. මහිල්ගෙන් එන්නේ අපූරු සුවඳක් බව තාරාට සිතුනේ ඒ යන අතරවාරයේය. එය සුවඳ මෙන්ම සීතල බවක් මුසුවූ තරුණ පිරිමි සුවඳකි. සිත කුල්මත් කරන සුවදකි. මහිල් හැඳ සිටින්නේ නිල්පැහැ කොටු වැටුණු...