අනෝරා මල් වැහි 30

“මම ඒවෙලාවෙ ඔයා අහපු දේට උත්තරයක් නොදුන්නෙ කලබල වෙලා හදිසියෙ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන නෑ කියල මම හිතපු හන්ද. එහෙම නැතුව මම මේ අෆෙයාර් එක සීරියස් අරගෙන නෑ කියල ඔයා  හිතන්න එපා”

මහිල් තාරාව යලි ඇමතුවේ රැයේය. චිරායු නිවසට එනතුරු තාරා සමග දුරකතනයේ රැඳී සිටීම මහිල් පුරුද්දක් කරගත්තේ තාරා ඒ නිවසේ තනිවම පාලුවේ හිඳීම ඔහුගේ හිතට නොසංසුන් බවක් ගෙන දෙන්නක් වූ නිසාවෙනි. අවසානයේ එය දින චර්‍යාවක් බවට පත් වීය. එහෙත් ඒ දෙපාර්ශ්වයේම කැමැත්තෙනි. 

“මම එහෙම හිතුවෙ නෑ. ඒ උනාට ඔයා උත්තර දුන්නෙනැති උනාම මට ගොඩක් දුක හිතුනා”

“අනේ ඉතින්, ඔයා දන්නවනෙ තාරා මම තරම් ඔයා දුකින් ඉන්නවට අකමැති මිනිහෙක් තව නැතුව ඇති. ඒ නිසා කිසි දවසක හිතන්න එපා මම ඔයාට දුකක් දෙයි කියල. මම ඔයා අහපු දේට හොඳට හිතල කන්ෆිඩන්ට් උත්තරයක් දෙන්න ඕන නිසා තමයි ඒ වෙලාවෙමුකුත් කිව්වෙ නැත්තෙ”

“ම්ම්ම්”

“මම ඔයාට ඇත්තටම ආදරෙයි තාරා. ඔයා මැරීඩ් කියල දැන දැනම මම ඔයා එක්ක යාලුවුන එක වරදක් නෙවෙයි කියල මම කියන්නෙ නෑ. ඒකට අයෑම් සොරි. ඔයා ඇත්තටම චිරායුගෙන් ඩිවෝස් වෙන්න නම් ඉන්නෙ ඊටපස්සෙ මම ඔයාව මැරි කරන්න දෙපාරක් හිතන්නෙ නෑ තාරා. අයෑම් ග්ලෑඩ් ටු හෑව් අ ෆියුචර් විත් යූ. ඒත් මම හින්ද චිරායුගෙන් ඩිවෝස් වෙන්න එපා. ඔයාට හිතෙනවනම් මම නිසා ඔයා චිරායුට වරදක් කරන්නෙ කියල ඔයාට ඕනම වෙලාවක මගෙන් ඈත්වෙන්නපුලුවන් තාරා. මගේ කිසිම තරහක් නෑ”

ඒ අවසාන වදන් කියද්දී මහිල්ගේ හඬ බිඳ වැටුණි. ඒ හා සමගාමීව තාරාගෙ හිතත් බිඳ නොවැටුණා නොවේ.

“මං ගැන එහෙම හිතන්න එපා මහිල්. මට ඔයාව නැතිකරගන්න උවමනා නෑ. මං මොන තරම් දුකකද ඉඳියෙ කියල ඔයා දන්නවනෙඔයා මීට් වෙනකම්. මට ටික හරි සන්තෝසෙන් ඉන්න ඇහැකි උනේ ඔයාව මීට් උනායින් පස්සෙ. එහෙම එකේ මටඒ සන්තෝසෙවත් ඔයාවවත් නැති කරගන්න බෑ මහිල්”

“මටත් එහෙමයි මැණික්”

වඩා ප්‍රේමණීය වදන් දොඩවද්දී මහිල්ගේ කටහඬට එන ගැඹුරු, උගුර යටින් එන හඬට තාරා වඩා ආශා කලාය. නිකන් කතා බස් කරන මොහොතක මහිල්ගේ කටහඬින් පිටවන තුරුණු බව පිරුණු දඟකාර හඬට වඩා මෙවන් මොහොතක මහිල්ගේ කටහඬේ පිරී තිබෙන පිරිමිකම, ප්‍රේමණීය බව සහ සරාගය හිත ඉල්ලමින් උන්නක් බව තාරා දනී.

චිරායු අවසාන වරට එවන් ආමන්ත්‍රණයකින් තමාව ඇමතූ දිනය තාරාට මතක් කරගන්නටවත් අපහසු තරම් දුර ඇදුණකි. අනෙක් අතට අනාගතයේ යලි කිසිම දිනක චිරායු තමාට අතීතයේ වූ තරම් ආදරයකින් අමතනුඇතැයි තාරාගේ බලාපොරොත්තුවක් ද නොවුනි.

“ම්ම්ම්”

“ඔයා හොඳට හිතල තීරණයක් ගන්න ඒ ගැන. ඒ උනාට ඔයා මාව මැරි කරල පස්සෙ ඒ ගැන රිග්‍රෙට් කරාවිද දන්නෙ නෑ”

මහිල් කියන්නෙ වෙනස්ම අන්දමේ සිනාවක් සමගිනි.

“ඇයි එහෙම කිව්වෙ?”

“මම ඔයාට මොන තරම් ආදරේ කරත් ආදරේ විතරක් මදි නේද තාරා මැරේජ් ලයිෆ් එකකට?”

“මාත් එහෙම තමයි මුල් කාලෙ හිතුවෙ, ඒ උනාට ආදරේ තියෙනවනම් වෙන ඕන දෙයක් දරාගන්න පුලුවන් මහිල්.මොන දේ තිබුනත් ආදරේ නැත්තම් කිසිම දේක තේරුමක් නෑ මහිල්”

“මොන දේ උනත් චිරායු ඔයාට දෙන්න පුලුවන් උපරිම සැප සම්පත් දෙනව තාරා. මට කවදාවත් ඔයාට ඒ තරම් සැප සම්පත් දෙන්න පුලුවන් කමක් නෑ තාරා. ඔයාට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔයා දන්නවනෙ මගේ ජොබ් එක සැලරි එක. මට කවදාවත් චිරායු ඔයාට දෙන තරම් සැපසම්පත් දෙන්න විදියක් නෑ තාරා. මට හරි බයයි එහෙම තැනකදි ඔයාට මාව එපා වෙයි කියල”

“මට ඕනසැප සම්පත් නෙවෙයි මහිල්. ඇයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ ඒක. හැමෝම හිතන්නෙ මම මේ මෙච්චර සැප සම්පත් තිබිලත් චිරායු එක්ක බොරුවට රණ්ඩු වෙන්නෙ  කියල. 

නැ මහිල් නෑ. මට ඕන සැප සම්පත් නෙවෙයි. මට ඕන හරිහමං විදියට ආදරේ කරන මනුස්සයෙක්. මට ආදරේ කියන පෙන්නන මනුස්සයෙක්. මං කියල හුස්ම ගන්න මනුස්සයෙක් ඇඳේ එහා පැත්තෙ හුස්ම ගන්නව කියල අමතක කරල එක්කො අනිත් පැත්ත හැරිල එහෙම නැත්තම් ඔෆිස් කාමරේ නිදාගන්න මනුස්සයෙක්ව නෙවෙයි මාව තුරුල් කරගෙන නිදාගන්න මනුස්සයෙක්. 

මමත් ෆීලින්ස් තියෙන මනුස්සයෙක් මහිල්. ඔයා හිතන්නෙ මට මගේ ෆීලින්ස් අමතක කරන්න පුලුවන්ද මොන සැප සම්පත් තිබුනත්”

බිඳුණු හඬකින් කියද්දීම තාරාට හැඬුණි. ඒ මහිල් කියූ දේ නිසාද නොඑසේනම් තමා විසින් කියන්නටයෙදුන දේවල් නිසාද කියා පැහැදිලි අදහසක් නොවුන නමුත් ඒ හැඬීමවත් කඳුලුවත් වලක්වා ගන්නට තාරාට වගක් තිබුනේ නැත.

“අනේ අඬන්න එපා තාරා. ප්ලීස්. මං මෙච්චර ආදරේ කරලත් ඔයා අඬනවනම් මම ආදරේ කරන්නෙ අඩුවෙන්ද කියල මට බය හිතෙනව” 

“සොරි, ආයෙ අඬන්නෙ නෑ. මට ඇඬුනා කතා කරගෙන යද්දි.”

“ඔයා හොඳට හිතල තීරණයක් ගන්න තාරා. ඔයා මොන විදියෙ තීරණයක් ගත්තත් මම ඒ හැම තැනකදිම ඔයා එක්කම ඉන්නව. ඒ ගැන බයවෙන්න එපා”

“ඔයා නෙක්ස්ට් වීක් ද ගෝල් යනව කියල කිව්වෙ”

තාරා මේ වේදනාකාරී කතාවෙන් මිදෙනු පිණිස වෙනත් කතාවක් ඇදගත්තාය.

“ඔව්. සැටඩේ යන්නෙ. හවස තියෙන්නෙ ෆන්ක්ශන් එක”

“එතකොට එදා රෑ එනවද?”

“නෑ තාරා දන්නවනෙ ඉතින් කොල්ලො සෙට් උනාම. ඒ නිසා එදා එහෙ ඉඳල එන්න කියල හිතුවා. බයවෙන්න එපා ඉරිද හවසට මම ඔයා ලඟ හොඳේ”

එහෙත් තාරාට උවමනා වූයේ ඒ නොවේ. අසන්න අසන්න යැයි සිත නිතර දෙවෙලේ කියන කතාවක් හිතෙන් එලියට විත් දෙතොලෙන් ගිලිහී මහිල්ගේ සවන් මත තැවරෙන්නට ආසාවෙන් පොරකන බවතාරා දැන උන්නාය. එහෙත් එය අසන්නට සුදුසු කතාවක්ද කියා හරියාකාර අදහසක් තාරාට තිබුනේ නැත.

“ඇයි මුකුත් කියන්නෙ නැත්තෙ?”

මහිල් අසන්නේ ආදරයෙනි. 

“මම දෙයක් අහන්න කියල හිතුවෙ. ඒ උනාෆ මට බයයි මම ඒක ඇහුවම ඔයා මං ගැන වැරදි විදියට හිතාවි කියල” කෝල සිනාවක් දෙතොලේ තබාගෙන තාරා ඇසුවාය.

ඇයගේ කෝල බර හඬ දුරකතනය ඔස්සේ ඇසෙන්නේ වඩා මිහිරියාවකිනි.

“කියන්න ලමයො. මට දෙයක් කියන්න ඔයා බය වෙන්න ඕන නෑනෙ මැණිකෙ. කියන්න ඉතින්”

“මමත් ආවට කමක් නැද්ද?”

“කොහෙද?”

“ඔයාඑක්ක ගෝල් යන්න”

“ම්ම්ම් ඒ උනාට මට ඔයාව ඒ ෆන්ක්ශන් එකට අරගෙන යන්න බෑනෙ රන්. ඒ මිනිස්සු ඔයාව දන්නෙත් නෑ. මට ඔයාව එතනතනියෙන් තියල යන්නත් බෑ”

“ෆන්ක්ශන් එකට යන්න ඕන නෑ. ඔයා ෆන්ක්ශන් එක ඉවර වෙලා එන්න. අපි දෙන්න විතරක් කොහෙ හරි යන්ද?”

තාරා එය ඇසුවද මහිල්ගෙන් පිලිතුරක් ලැබෙන තුරු දුරකතනයේ රැඳී හිඳින්නට හැකිවූයේ නැත. ඒචිරායුගේ රියේ නලාහඬ ඇසීම සමගය. 

දුරකතනය තබා තාරා පඩිපෙල බැස පහත මාලයට ගියාය. දොර හැර චිරායු එනතුරු සුපුරුදු පරිදි එහි රැඳෙන්නට නොසිතුවාය. දොර හැර චිරායුට එන්නට ඉඩ තබා කෑම මේසය වෙත ගිය තාරා චිරායු වෙනුවෙන් වෙන්කල තැබූ ආහාර පිඟාන මයික්‍රොවේව් එකට දමා රත් කරන්නට වූවාය.

චිරායු උඩුමහලට යන අයුරුත් නැවත පහලට එන හඬත් තාරාට ඇසුනි. රත් කල කෑම පිඟාන මේසය මත තබා ශීතකරණය අසලට ගොස් කූල් වතුර බෝතලයක් ගෙන චිරායු වතුර බොන වීදුරුවට වතුර වක්කරද්දී චිරායු පැමිණ කෑම මේසයට වාඩි වුණේය.

තාරා සූදානම් වූයේ යලිත් නිදන කාමරයට විත් නිදාගන්නටය. කෑම කාමරයෙන් පැමිණ උඩු මහලට යන්නට පඩිපෙල නගින්නට ගිය තාරා නැවතුනේ චිරායුගේ හඬ අනුවය.

“ඔයා කෑවද?”

ඒ බොහෝ කාලයකට පසු ඇසුණ හුරුපුරුදු හඬකි. 





අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles