දරු ප්‍රසූතියේදී පවා තම අසනීප ස්වාමි දියණියට උපකාර කළ බලු සුරතලා

බ්‍රිතාන්‍ය රෝහලක් පළමු වරට බල්ලෙකුට ඔහුගේ හිමිකරුට උපකාර කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලදී.

ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ ආතති සහගත කාලයක්. ඔවුන්ගෙ ස්වාමිපුරුෂයින්ටත් එය එක සේම ආතති සහගතයි. කෙසේ වෙතත්, ඔටිසම් හෝ කාංසාව වැනි බොහෝ විට අපහසු මානසික තත්ත්වයන් සමඟ ජීවත් වන කාන්තාවන් සඳහා, සමස්ත ප්‍රසූති ක්‍රියාවලිය ම සාමාන්‍යයෙන් අයටත් වඩා විශේෂයෙන් භයානක විය හැකිය.

ඉතින් එංගලන්තයේ මිල්ටන් කේන්ස් විශ්ව විද්‍යාල රෝහලේදී ඇගේ බල්ලා 33 හැවිරිදි අමී ටොම්කින්ට මෑතකදී දරු ප්‍රසූතියේදී උපකාර කළ ආකාරය සමාජයේ බොහෝ කතාබහට ලක්වූ කාරණාවක් වුණා.

ඔටිසම් රෝගයෙන් සහ කාංසාව සමග පොරබදමින් සිටින අමී ටොම්කින්, අප්‍රේල් මාසයේදී තම පුතා ඔලීව ප්‍රසූත කිරීමට සූදානම් වන විට ඇගේ සුරතල් බල්ලා වන බෙල් ඇගේ රෝහල් හමුවීම්වලට සහ ප්‍රසූති වාට්ටුවට ගෙන ඒමට මෙම රෝහල විසින් අවසර දී තිබුණා.

මේ දෙහැවිරිදි බලු පැටියා දෙදෙනා මුණගැසුණු දා සිට ටොම්කින්ට නැතිවම බැරි බව ඔප්පු වී තිබුණා. මේ ස්ටැෆර්ඩ්ෂයර් බුල් ටෙරියර් බල්ලා විසින් OCD රෝගයෙන් පෙළෙන ටොම්කින්ට නිවසින් පිටව යාමට හැකියාව ලබා දී තිබෙනවා.

ටොම්කින් ප්‍රකාශ කරන ආකාරයට බෙල් ට භීතිකා රෝග ලක්ෂණ හඳුනාගත හැකි අතර, ජනාකීර්ණ ස්ථානවල ඇය කනස්සල්ලෙන් සිටින බව බල්ලාට දැනේ නම්, එතනින් පිටවීම් සොයා ගැනීමට බෙල් ඇයට උපකාර කරනවා. බෙල් සෝපානවල බොත්තම් ඔබන අතර ටොම්කින් සාප්පු සවාරි යන විට දේවල් සඳහා ගෙවීමට කාඩ් පත අල්ලාගෙන ඉන්නේත් මෙම බල්ලායි.

තම පළමු දරු ප්‍රසූතිය සිදුකල ටොම්කින් තවදුරටත් මෙසේ පැවසුවා.

“ඇත්තටම බල්ලා නොමැතිව, මම නිවසින් පිටවන්නේ නැති තරම්. එයා නැතිනම් මම දවස පුරා සහ සෑම දිනකම ගෙට ම වී ඉන්නවා.”

ටොම්කින්ට ඇගේ කකුල් හතරේ මිතුරා අවශ්‍ය බව ඇගේ රෝහල් වෛද්‍යවරු වටහා ගත්තෙන් ඇය රෝහල් ගතව සිටින කාලය තුල බෙල් ඇය අසල සිටීම සඳහා ඔවුන් දේවල් සංවිධානය කර තිබෙනවා.

ඇත්ත වශයෙන්ම, ඇගේ වෛද්‍ය කණ්ඩායම එකඟ වී ඇත්තේ ටොම්කින්ට තම පුතා ප්‍රසූත කිරීම සඳහා සිසේරියන් සැත්කමකට මුහුණ දිය යුතු බවයි. බෙල් ඇය සමඟ නොසිටි එකම අවස්ථාව ඇය ශල්‍යාගාරයේ සිටි අවස්ථාව පමණයි.
එසේම ටොම්කින් සිටි වාට්ටුව හැකිතාක් නිශ්ශබ්ද හා පිරිසිදු ලෙස තබා ගැනීම සහතික කිරීමට කාර්ය මණ්ඩලය අමතර වෑයමක් දරා ඇත. ඔවුන් ටොම්කින්ට ඇගේම කාමරයක් පවා ලබා දුන්නේ ඇයගේ ඇඳ මත වැතිර සිටින ඇගේ ලොම් සහිත බලු යහලුවා සමඟ ඇයට සාමයෙන් සුවය ලැබීමටය.

බල්ලාට තමා සුනඛ වින්නඹු මාතාවකගේ රැකියාව සඳහා සුදුසුබව ඔප්පු කිරීමට දැඩි පරීක්ෂණ කිහිපයක් හරහා යාමට සිදු විය. වාට්ටුවේ කාර්යබහුලත්වයට තමාට සාර්ථකව මුහුණ දිය හැකි බව ඔප්පු කිරීමට පමණක් නොව, තම අයිතිකරු වේදනාවෙන් සිටිනු දැකීමට බෙල්ට හැකි බව පෙන්වීමට ද සිදු විය.ඒ වගේම ප්‍රසූතිය දවසේදි බෙල් එම පරීක්ෂණයෙන් සමත් වුණා.

“මම බබා ලැබෙන්න යනකොට බෙල් ඉස්පිරිතාලෙ කාමරේ ඉවසගෙන හිටියා. මාව ආපසු වාට්ටුවට ගෙන යන විට, ඔලීව මුලින්ම මුණගැසුණේ බෙල් – එයා නොමැතිව මට එය කළ නොහැකි වෙයි”

ප්‍රසූතියෙන් පසු පළමු වතාවට ටොම්කින් තම අදහස් බෙදා ගනිමින් පවසා ඇත. බෙල් ඔලීව දුටු විගසම ඔහුව මෘදු ලෙස උදුරා ගත්තා. ඔහු පිළිගැනීමට ඔහුගේ මුහුණ ලෙවකෑවා. එතැන් සිට බෙල් ඔහුව මොහොතකටවත් හැර ගියේ නැත.

ටොම්කින්ට උදව් කිරීමේදී වෛද්‍ය වෘත්තිකයන් කෙතරම් දයානුකම්පිතද වූවාද යන්න මෙම කතාවෙන් පෙන්නුම් කරයි. එමෙන් ම කුඩා සුරතල් සතෙක් වුවත් ස්වාමියාට අසීරුම අවස්ථාවක බෙල්ගේ හැසිරීම ලොව පුදුමයට පත් කළා.

Related Articles

Don't Miss


Latest Articles