Stories

"ඔයා මොනවා ගැනද කියන්නේ?" මා සැබෑවටම සිටියේ වියවුල් ව ය. ඊෂාට මා සමඟ හදිසියේ අමනාප වෙන්නට ද හේතුවක් තිබිය නොහැක. අප ඊයේ රාත්‍රිය ද ගෙවූයේ සිනාබර විහිළු තහළුවෙනි. "පිනී.. මං දන්නවා ඔයා මලිඳුට ආදරෙයි කියලා. ඒ ආදරේ මොන විදියේ වුණත් ඔයාට මං කියපුවා එයා එක්ක ශෙයාර් කර ගත්තේ ඇයි?" ඊෂාගේ ආවේගය කදුළු...
මගේ අම්මා අච්චාරු වෙළෙන්දියකි. මට මතක ඇති කාලයේ සිටම ඈ විවිධ පළතුරු වර්ග වලින් අච්චාරු සාදා විකුණුවා ය. කුඩා දැරියක වූ මට අම්මා මගේ පාසල ළඟ අච්චාරු කරත්තයක් තබාගෙන අච්චාරු විකිණීම ගැටලුවක් වූයේ නැත.ඇයට මට බොහෝ දේ රැගෙන දීමට මුදල් නැති වීම ගැන දුකක් වූයේ ද නැත. අප සවස්...
පැළ කිහිපයක් බඳුන් ගත කරමින් උන් නිසා ඒ වෙලාවේ මගේ දෑත් හි මඩ තැවරී තිබිණ. අත්තම්මා පෙන්වූ කළබලය මගේ තිගැස්ම උත්සන්න කළ නිසාවෙන් දෑතින් දෑත් ගසමින් පමණක් මම අත්තම්මා වෙත යොමු වීමි. "මොකද්ද අත්තම්මා කිව්වෙ…" මඩ රැඳි අතක් අත්තම්මා ගේ උරහිස මත තබන්නට තරම් මගේ නොසන්සුන් බව දැඩි වී ය. "මේ සම්බන්ධෙ...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු" ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය. පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ...
"මට ප්‍රපෝසල් එකක් ආවේ කාගෙන් ද?" අමෝද අයියා සිනාබර වතකින් හදිසියේ අප සොයා පැමිණීම සමඟ නංගිගේ ආරංචිය සමපාත කරමින් මම ඇසුවෙමි. "මාලිනී නැන්දා ආවා.එයා ගෙනාවේ.." නංගි කියන්නේ සමච්චල් හඬකිනි. සීතල බැල්කනියේ හිඳ ගැනීමට මට ඕනෑ වූයේ නැත. නමුත් දෙපා පණ නැති වෙද්දී මට හිඳ ගැනීමට සිදු විණි. "මොකක්…" "ඔව්! අම්මා නම් කැමැත්තක් අකමැත්තක් කිව්වේ...
යුගාන්ත මගෙන් ඉල්ලා සිටියේ අලුතෙන් සිදු වෙමින් පවත්නා වූ කිසිවක් ගැන නො සිතා අධ්‍යයන කටයුතු කරන ලෙසට ය. ඒ අනුව සති අන්තයේ මම උද්‍යාන සැකසුම් හා ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පය යන පාඨමාලා දෙක ම එක වර හදාරන්නට පටන් ගතිමි. ඒ වෙලාවට තුෂී පැළ තවාන බලා ගත්තා ය. ඇගේ උදව්වට...
"නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ" එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි දිනුක ද නිවසේ වූ නිසා ඒ කතාව එක්ව බෙදා ගන්නට අපට හැකි විණි. "හරි එයා බ්‍රේකප්මයි කියමුකො. ඒත් ඔය නෙත්මිලා එක්ක මලිඳු ඔච්චර ෆිට් වුණේ කවද්ද...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම මගේ අම්මා ටත් මැදිහත් වන්නට වූ එක ගැන ය. අසංක එන පොට හොඳ නැති බව කොහොමත් මගේ ගැහැනු ඉවට දැනී තිබුණේ ය. නමුත් මම නිහඬව...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත් ව කෑගැසීම ය. කලබල වීම ය. එහෙත් හිමල්ක බොහෝ විට කරන්නේ ඕනෑ තරම් වෙලා කියවන්නට ඉඩ හැර අසා සිටීම ය.මේ හැම ක්‍රමයම සාර්ථක වන තැන්...
කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම දැන උන්නෙමි. මගේ කැමැත්තකට ඔවුන් එකඟ බව සීයා කී බවත් යුගාන්ත මට කීවේ ය. නමුත් මේ මොහොත මා අපේක්ෂා නො කළ එකකි. "අඩේ ඒ කියන්නෙ අපේ...