නිබ්බුත ගීත

Nibbutha geetha
මල්ලී හා ලෝචන අතරේ අලුත් හිත මිතුරු කමක් ඇති වී තිබිණ. පෙනුමෙන් හෝ වයසෙන් නම් ඔවුන් දෙදෙනා පෑහුණේ ම නැත. පාසලේ අට නවය වසර වල කොලුවෙකු හා විශ්ව විද්‍යාලයේ දෙවන තෙවන වසර වල ඉංජිනේරු සිසුවෙකු අතරේ විය හැකි බාහිර පෙනුමේ වෙනස ගැන මා ඔබට යමක් කිව යුතු නැතැයි සිතමි....
Nibbutha geetha
මගේ උසස් පෙළ සාමාර්ථය නිමිති කොට ගෙන එදා දහවල සඳනි මා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණි. ඒ ඇගේ නිවසේ දී ය.  කහ පාට මල් දමා සැකසූ මල් කළඹක් දී මා සිප වැළඳ පිළිගත් ඇය, කහ පාට දැවටුම් කඩදාසියකින් එතූ තිළිණයක් ද මා අත තැබුවා ය. කහ පාටට මා...
Nibbutha geetha
උදයෙන් ම මම මධාරා අක්කා දකින්නට ඔවුන් ගේ ගෙදරට ගියෙමි. ඇය රැකියාව සඳහා පිටත් ව යාමට පෙර ඒ හමු වීම කළ යුතු වූයේ ය. උසස් පෙළ වසර දෙකක් වූ කාලය පුරාවට භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වෙනුවෙන් මගේ උපකාරක පන්ති ගෙවීම් කළේ ඇය ය. සත්ව හා උද්භිද විද්‍යාව විෂයයන්...
Nibbutha geetha
උසස් පෙළ ප්‍රතිඵල පැමිණි දවසේ රාත්‍රියේ අම්මා විශේෂ කෑම වේලක් සැකසුවා ය. මතක ඇති කාලයක අපේ ගෙදර කුකුළු මස් පිසුණේ එදා ය. හැන්දෑවේ ගෙදර පැමිණි අම්මා මා වෛද්‍ය පීඨයට සුදුසුකම් සහිත ව විභාගය සමත් බව දැන ලස්සන සිනහවක් පෑවා ය. ඒ සිනහව මා හඬවාලිය හැකි තරමේ එකක් වී ද...
Nibbutha geetha
ලෝචන මදුරාපුර ඒ තරම් උස යයි ඊට පෙර මගේ අවධානයට ලක්ව තිබුණේ නැත. තද පැහැති සමත්, කළු රාමුව සහිත ඇස් කණ්ණාඩිත්, පැත්තට පීරා නළලට වැටෙන දීප්තිමත් තද කළු පැහැති කොණ්ඩයත් සහිත කෙට්ටු උස කොල්ලා සඳනි වාගේ හැඩකාර කෙල්ලක ගේ හදවත උමතු කිරීම ගැන පුදුම විය යුතු නැති බව මගේ...
Nibbutha geetha
පැටි වියෙහි පටන් ම මා අම්මා වැඩ කරන ගෙදරට ආව ගිය ද, ගැටවර ලෝචන මදුරාපුර ගැන පවා මතකයක් මගේ ළමා මනසේ තැන්පත් වී තිබිණි ද, ඔහු ගේ අවධානයට ඒ ළමා වියේ කිසි කලෙක මා ලක් වී නැති බව විශ්වාස ය. ඔහු නපුරු හෝ ආඩම්බර ළමයෙකු කියා මුලින් මම සිතුවෙමි....
Nibbutha geetha
අපේ ගමේ මට හිටියේ එක ම එක මිතුරියක් පමණකි. ඇය මට වැඩිය එක පන්තියක් ඉහළින් සිටි මුත් මා කිසි දා ක 'අක්කා' කියා ඇය අමතා නැත. ඇය මා 'නිබ්බු' හෝ 'නිබා' ලෙසත්, මා ඇය සඳ, සඳා, සඳී හෝ සඳූ වැනි කටට එන නමකිනුත් අමතන්නට අපි පුරුදු වී සිටියෙමු. ඇගේ...
Nibbutha geetha
මා ඒ ඔබට කීවේ මීට වසර ගණනාවකට පෙර අතීතයේ දවසක් ගැන ය. ඒ මගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනයයි. මා හා මල්ලී අපේ මිදුලේ ලෑලි බංකුව මත හිඳ ගෙන ලෝචන මදුරාපුර ගැන සිතිවිලි ලෝකයේ කිමිද සිටියෙමු.  'අපේ ගේ' කීවාට ඒ ගේ කෙබඳු දැයි අදහසක් දැනටමත් ඔබට වන බව මම...
Nibbutha geetha
ඉස්කෝලේ වතුර පයිප්පයට දෝත අල්ලා ඊට මුව තබා පහත් වී ගෙන  මම බඩ පිරෙන්නට වතුර බීවෙමි. අවසාන දිය දෝතෙන් මුව දොවා ගෙන මඳක් ඉහළ බලමින් නැගී සිටියදී, ක්‍රීඩා පිටිය සම්මුඛ කර ගත් අඩ කවාකාර දැවැන්ත අහස් තලාවක් මා ඉදිරියේ නැගී සිටියේ ය. නීල වර්ණ එඅහස් තලය පුරාවට සුදු වලා...