නිබ්බුත ගීත

Nibbutha geetha
ජීවිතයක් වෙනස් වන්නට එක නිමේශයක් ප්‍රමාණවත් ය. මධාරා අක්කා විවාපත් ව මදුරාපුර මැදුරෙන් නික්ම ගිය මොහොත මට ඒ වගේ නිමේශයකි. ඇය යන බව මම දැන සිටියෙමි. අන් කවරදාටත් වඩා අප ලං වූයේත් ඒ කෙටි කාලයේ ය. මංගල උත්සවය වෙනුවෙන් මධාරා අක්කා ගේ සූදානම් වීම් වලදී ඇය නිතර ම ළඟ තබා...
Nibbutha geetha
විෂමතා කෙතෙක් වී ද ප්‍රේමය හදවතේ මිහිරක් දනවන්නේ ය. නමුත් ඒ විෂමතා හිතේ සැනසීම ද අහිමි කරන්නේ ය. මගහැර යා නො හැකි ලෙස ලෝචන ගේ ප්‍රේමය නමැති මධු කෙමියෙහි ගිලීමෙන් ඉක්බිති මට මා සතුව තිබි සැනසිල්ල අහිමි වී ගිය බව පිළිගත යුතු ය. සඳනි මගේමිතුරිය ද ඔවුන් ගේ ඉහළ...
Nibbutha geetha
මගේ දුප්පත් ගෙදොරකඩ මගේ ඉපැරණි මිතුරිය සිටිනු දකිනා තරම් ප්‍රිය දසුනක් ළමා වියේ සිට ම මට තිබුණේ නැත. පාසලේ දී පොදුවේ මා හැම දෙනාව ම සුහද ව ඇසුරු කළ ද සමීපතම යෙහෙළියක් කියා කෙනෙකු එහි මට නොසිටි බව කිව යුතු ය. මට වඩා වසරක් වැඩිමහල් වී ද යෙහෙළියක ලෙස...
Nibbutha geetha
මම ඕනෑ තරම් දෛවයේ කම්මුල් පහර වලට ලක් වුණ ගෑනු ළමයෙකු වෙමි. ඒවා කෙතරම් හුරු පුරුදු වී ද ඇතැම් විට වැදුණ පහරක් මා උඩු යටිකුරු කරන්නට සමත් වූ බව කිව යුතු ය. එවන් වෙලාවක කඳුළක් ඉනූ ඇස් වලින් ම සිනහ වී, පපුවේ පිරුණු සුසුමක් කාටවත් නෑසෙන සේ පිටත් කොට...
Nibbutha geetha
වෙඩින් කේක් ඔතන දවසේ නිවාඩු දමා සඳනි ලෝචන ලාගේ ගෙදර ආවා ය. කේක් දැමූ බව මගෙන් දැන ගත් ඇය, පාරේ දී මධාරා අක්කා හමු වූ වෙලාවක "කිව්වනං මාත් එනවනෙ" කියා තිබේ.  "එහෙනං කේක් ඔතන දවසට එන්න. එදාට වැඩ ගොඩයි" මධාරා අක්කා එසේ කියා ඇත. සඳනි එදා එහි ආවේ ඒ අනුව ය. ඇත්තටම...
Nibbutha geetha
මගේ සිරුර නිර්මිත වූවා වූ සියල් සෛල වල ගැබ් ව තිබුණා වූ විභව ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙමින් පවත්නා බඳු උණුසුමක් මට දැනෙන්නට විය. ගේ දෙසට නැගූ පා නතර කොට ආපසු හැරෙත්දී මගේ හුස්ම වේගවත් ව තිබිණ. ඒ විදිහට තදින් මා අමතන්නට තරම් අයිතියක් නීලිකා නැන්දා ට නැති...
Nibbutha geetha
අපි කඳුළු වල රසය නාඳුනන මිනිස්සු නොවෙමු. බොහෝ වෙලාවට අප හැඬුවා නොව අපට ඉබේට ම හැඬුණා කිව හැක. අප අවට එපමණට ම සිදු වූයේ හද පාරන හා අප අසරණ කරවනා දේ ය. ටික ටික ලොකු වෙත්දී ඒ වාගේ කාරණා වලට හැඬුවා කියා පලක් නැති බව අපි වටහා ගතිමු. කවුරුන්වත්...
Nibbutha geetha
අප වැටී සිටි සමාජ ආර්ථික අගාධයේ පත්ල ගැන යම් චිත්‍රයක් දැන් ඔබ තුළ ඇඳී ඇතැයි සිතමි. ඉගෙන ගැනීම අපට ඉන් ගොඩ එත හැකි මාර්ගය බවට හැඟීමක් මා තුළ ඇති කරවූයේ මන්තරයක් සේ එය මැතිරීමෙන් මධාරා අක්කා විසින් බව මම අදටත් ඕනෑ ම තැනක පවසමි. අපේ අම්මා සිය දරුවන් ට...
Nibbutha geetha
මගේ උසස් පෙළ ප්‍රතිඵල වෙනුවෙන්  සඳනි මට සුබ පැතුම් ගෙන ආ දිනයේ අප බෝ වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් දවස ගත කළ බව මම ඔබට කීවෙමි. එදාත් ඇය ට වැඩිපුර කතා කරන්නට තිබුණේ සිය පෙම්වතා වන ඉසුරු ගැන නොව ඒක පාර්ශ්වික ප්‍රේමය වූ ලෝචන ගැන ය. ලෝචන මදුරාපුර මා වැළඳ...
Nibbutha geetha
මධාරා අක්කා හා විවාහාපේක්ෂිත ව සිටින තරුණයා ඔවුන් ගේ නිවසට පැමිණි දිනය මගේ දිවියේ සුවිශේෂී මතක අතරේ පවතින්නකි. එදා ඇය ලා දම් පැහැති ඔසරියක් හැඳ කොණ්ඩා ගෙඩියක් ගෙල මුලට බැඳ අගස්ති මාල ද හවඩි ද කොණ්ඩා කූරු ද පැළඳ උඩරට සම්ප්‍රදායික කුමාරියක සේ පේ වී සිටියා ය. ඒ රූපය...