මල්වර මල් සර

දිවා ආහාර ගැනීමෙන් පසු මංජරී දුල්නෙත් ගේ බෑග් එක ඇරියේ අත් පිස්නාව එහි දමන්නට ය. ෆොටෝ කොපි මිටිය ඇගේ නෙතු ගැටුණේ ඒ වෙලාවේ ය. සිරුර හරහා අකුණු සැරක් වැදෙනවා ඇයට දැනිණ. "නිර්වාණෙට ගියාද..." ඒ වචන දෙක ඇගේ මුවින් පිට වූයේ සිතිවිල්ලකට හෝ ඉඩක් තබා දැයි සැක සහිත ය. මංජරී තවමත් සිටින්නේ...
ප්‍රධාන දොරෙහි උළුවස්සට හේත්තු වී ගෙන අත් දෙක පපුවේ බැඳ උන් අයානා ජයසුන්දර ගේ දෑස් පියන් පත් පා වෙමින් තිබුණේ වහින්නට අර අඳින කඳුළු අවකාශයේ ය. අහස ඉතා තද අළු පැහැති බර වූ වලාකුළු සමූහයකින් තද බද ව පැවති අතර කළබලකාරී සුළඟක් තැන් තැන් වල ගොඩ ගැහී තිබි දුහුවිලි...