මල්වර මල් සර

බටහිර අහස ලා නිල් හා තද නිල් බතික් රෙද්දක මෝස්තරයක් ඇඳ තිබිණ. සූර්යයා බැස ගිය ගමන් වූවත් රතු තැඹිලි සළු හඳින්නට එදා අහසට ඕන වී තිබුණේ නැත. කහ අරලියා ගස චිත්‍රයක් වාගේ නො සෙලවී සිටියේ ය. නමුත් මෘදු මොළොක් සැන්දෑ පවනට අරලියා සුවඳ පොද පොද මුදා හැරිණි. සෝරත මාවත...
කොල්ලන් ගේ සිනහ හඬින් ආපන ශාලාව පිරීතිරී යන්නට විය. ඔවුන් මේ වෙලාවට කැන්ටිමට ආවේ ම මංජරී සිය අලුත් සහකරු සමගින් කැන්ටිමේ දී මුණගැසීමේ බලාපොරොත්තුවෙනි. නමුත් උඩහමුල්ලේ ඇනෙක්ස් එකෙහි පදිංචි වීමෙන් පසු ඔවුන් උදේ කෑම වෙනුවෙන් කැන්ටිමට යනවා වෙනුවට ගෙදරදී කෑම කා එන්නට පුරුදු වූහ. දිවා ආහාරය සඳහා බත් මුල්...
විජේරාම හන්දියේ කඩ සාප්පු විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබුණේ ය. සඳ පළුවක් ද තනි තරුවක් ද අහසේ එක කොනක පායා තිබී විශ්ව විද්‍යාලයේ සිට විජේරාම හන්දිය තෙක් ම දුල්නෙත් දෙස බලා ගෙන පස්සෙන් පස්සට යමින් තිබිණ. ආකාස තලාවේ තැන් තැන් වල තනි වී සිටි තරුවක් සිය කිරණ පොළොව වෙත...
දුල්නෙත් අලගියවන්න පොත කියවීමට උත්සාහයක් හෝ නො ගත්තේ ය. ඒ තරමට ඔහු ගේ හිත වියවුල් වී තිබි බැවිනි. තුනී හිසරදයක් ද හිසේ ඈත කොනකින් මතුව ආයේ ය. ඔහු අතැඟිලි වලින් නළල දෙපස තද කර ගත්තේ ය.  කවුන්ටරයේ සිට අයානා බලා ගෙන ය සිටියේ. තවත් බලා සිටිත නො හැකි තැන ඇය...
විදුර සයුරංග ඒකනායක දැන් ඉස්සරටත් වඩා කඩවසම් ය. ස්ත්‍රීන් සේ ම පුරුෂයන් ද කොහොමටත් කඩවසම් වන්නේ වයස ගත වෙමින් පරිනත වන විට ය. උස් දේහයක් දරනා විදුර පෙර දී ට වඩා තරමක් මහත් වී සිටියේ ය. කොටට කපා තිබූ ඔහු ගේ කොණ්ඩය දැන් උරහිස ළඟට වවා තිබේ. ඒ පෙනුම...
ෆේස් බුක් ප්‍රොෆයිලයට පහේ පන්තියේ දී ගත් ඡායාරූපයක් එක් කළ අයානා සඳැල්ලට ආවා ය. ඒ පින්තූරය ගත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දින වල මහරගම ඩයස් ස්ටූඩියෝ එකෙනි. එහි ඇය වැවී ගෙන එන කොණ්ඩය මැදින් බෙදා දෙකරලකට ගොතා පොත් දෙකක් අත තියා ගෙන හිඳී. පිරුණු ඇගේ මුහුණ පියකරු ය. යන්තම්...
කවදාවත් නො සිතූ ලෙස එවර වසර අවසාන විභාග ප්‍රතිඵල අනුව දුල්නෙත් 'බැච් ටොප්' වී සිටියේ ය. ඒ බව දැන ගත් වෙලාවේ මුළු විශ්ව විද්‍යාලය ම තුෂ්ණිම්භූත වූයේ ය. වසර දෙකක පෙම් සබඳකමක් බිඳ වැටී තුවාල ලබා සිටි ඔහු ඒ තරම් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගනීවියි කිසිවෙකුට ඇදහිය හැකි වූයේ නැත....
ඒ වෙලාවේ කණිටු විදුහල් භූමිය පිරීතිරී යන තරමට සෙනගින් ගහන ව තිබිණ. හැම තැනක ම දෙතුන් දෙනා වශයෙන් සැදුණු කණ්ඩායම් එකතු වී ආ ගිය තොරතුරු කතා කරමින් සිටියහ. ඒ අය අතරින් බොහෝ දෙනෙකු හමු වී තිබුණේ වසර ගණනාවකට පසු ය. වැඩි දෙනෙකු අයානා හා දුරාශා සේ ම ආදි ශිෂ්‍ය...
හැන්දෑවට නිර්වාණය හිස් වෙන වෙලාවක් එයි. අයානා හා දුරාශා මොනවා හෝ කමින් හවස තේ එක බොන්නේ ඒ වෙලාවට ය. එදාට කෑමට ඇති දේ අනුව තේ ද කිරි ද කෝපි ද ඉඟුරු තේ ද කියා තීරණය කරන්නේ අයානා ය. ඇයට රස ගැලපීමේ මනා ඉවක් තිබේ. ඒ නිසා ම දවල්ට පහළට...
ජපුරෙහි කතිකාචාර්ය කමක් ලද මොහොතේ විදුර සයුරංග ඒකනායක ට මුලින් ම සිහිපත් වූයේ අයානා ජයසුන්දර ය. කැළණිය සරසවියෙන් උපාධිය ලැබූ ඔහු මුලින් ම ජපුර සරසවිය දුටුවේ අයානා බලන්නට ඔවුන් ගේ නිවසට ආ දා ය.  අයානා ගැන ඉන්පසු කිසිදු තොරතුරක් ඔහු ට ලැබුණේ නැත. දහම් ජයසුන්දර ගේ ඇසුර ඒ සිදුවීමෙන් පස්සේ...