මල්වර මල් සර

පශ්චාද් උපාධිය සඳහා අයානා තනිව විදේශ ගත වෙනවා වෙනුවට, තව වර්ෂයක් ඉවසා සිට දුල්නෙත් සමග ම ඇය ඒ ගමන යන එක හොඳ යයි දෙපස මා පියන් සිව් දෙනා ම කීවේ අයානා ගේ ගෙදරින් දුල්නෙත් ගේ ගෙදර ගිය දා ය. එතකොට දුල්නෙත් ද මූලික උපාධිය සම්පූර්ණ කොට අවසාන වන හෙයින්...
මංජරී ට බෝඩිමකට ගෙවන්නට මුදල් අතේ තිබිණි. ඒ, පසු ගිය මාස කිහිපය තුළ මහපොළ ශිෂ්‍යාධාර වශයෙන් ලැබුණු මුදල් වියදම් නොවී ඉතිරි වූ නිසා ය. ගෙදර විය හියදම් ද ගෙවල් කුළී ගෙවීම ද සිදු කළේ විදුර ය.  බෝඩිං කාමරයේ තට්ටු ඇඳන් දෙකෙහි තවත් ගෑනු ළමයි තිදෙනෙක් වූහ. ඉන් දෙදෙනෙකු ම වෙනත්...
පෙර දා සන්ධ්‍යාවේ පටන් තවමත් වැස්ස වැටේ. රාත්‍රියේ තද සුළං සමග වැස්ස ඇති වූවත් දැන් නම් එය චුරු චුරු හඬින් වැටෙනා පොද වැස්සකට හැරී තිබේ. කොහොම වැස්සත් වැස්ස ලස්සන යයි අයානා කියන්නී ය. සැබවින් ඇයට තිබෙන්නේ වැස්සක් තරම් චමත්කාර හිතකැයි දුල්නෙත් ට සිතේ. පෙර දා සන්ධ්‍යාවේ ඇය සිය පපුතුරට ගුලි...
එදා මංජරී විශ්ව විද්‍යාලයට ආවේ නෑවිත් බැරි කමට ය. අයානා ගේ කරුණාවන්තකම ප්‍රතික්ෂේප කරන්නට බැරි කමට ය. උඩහමුල්ලේ සිට විශ්ව විද්‍යාලය දක්වා ම පයින් එත්දී ඇයට අමුතු වෙහෙසක් දැනිණ. නිර්වාණය ළඟ මොහොතක් නතර වී වතුර වීදුරුවක් බී විශ්ව විද්‍යාලයට ගිය පසු ඒ අමුත්ත පහ ව යාවියි ඇය සිතුවා ය....
මංජරී වඩාත් නිහඬ වූවා ය. වැඩි වැඩියෙන් ඇය සිය ඇතුළාන්තය සමග දොඩමළුවක සිටි නිසා විය යුතු ය. දේශන වලට නොයා ඇනෙක්ස් එකට වී හුදෙකලාවේ ගුලි වී සිටින්නට ඇයට දැඩිව ඕනේ විය. කන්නේ බොන්නේ හෝ නැතිව එක දිගට නිදා ගැනීමට තරම් වෙහෙසකර බවක් ඇයට දැනිණ. සමහර වෙලාවට හුස්ම ගන්නට අසීරු...
"යකූ මුං ලිවිං ටුගෙදර් කියන කන්සෙප්ට් එකේ තේරුමවත් දන්නැතුවද මේ එකට ජීවත් වෙලා තියෙන්නෙ..." දුරාශා, මේසය මත තිබූ අයානා බිව් වතුර වීදුරුවේ ඉතිරි වී තිබූ වතුර ටික උගුරට හලා ගත්තා ය. තවමත් අයානා සිටින්නේ ලොකු කර ගත් දෑසිනි. මංජරී ගේ ජීවිතය කොතැනක නතර වෙන්නට නියමිත ද කියා සිතෙත්දීත් ඇගේ හිත...
එදා නිර්වාණය අසල දී දුල්නෙත් අතේ තිබුණ බත් මුල, විදුර ගේ හිතේ කීරක් සේ ඇනුණේ ය. ඒ වෙලාවේ දුල්නෙත් සමග සෝරත මාවත ළඟට පසු ගමන් ඇවිත් තිබූ අයානා ගේ මුහුණේ වූ අතිශය ස්වභාවික සතුට, කාච ගත කර ගත් පින්තූරයක් සේ ඔහු ගේ පපුවේ තවමත් රැඳී පවතී. එදා ම දුල්නෙත්...
දුරාශා ගෙදර ගියේ දුල්නෙත් ගේ ගෙදර අය නික්ම ගිය පසු ය. අයානා ඇයට ව්‍යාංජන සියල්ල අසුරා දුන්නා ය. ඇය බත් ගෙන යාම ප්‍රතික්ෂේප කළා ය. "සහන්ට උණු උණුවෙ බත තියෙන්න ඕනෙ. දැන් මොනාත් හදන්න දෙයක් නෑනෙ. ගිය ගමන් රයිස් කුකර් එකට බතක් ගහල ගන්නව" නමුත් ඇය විශ්මිත කරවමින්, ඇය යන විට...
ප්‍රියන්ති හා නාලිනී මුලින් ම උනුන් හමු වූයේ ධර්මාශෝකයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ දිනෙක ය. ඒ මීට වසර ගණනාවකට කලින් දුලනිකා හා අයානා එක ම පන්තියට ඇතුළත් වෙත්දී ය. අයානා ඉපදී තිබුණේ දුලනිකා උපන් වසරට පසු වසරේ ය. නමුත් ඒ ජනවාරි මාසයේ වන නිසා වසරකට කලින් පාසලට...
සඳුදා වරුවෙන් නිර්වාණ ද්වාර ය වසා දැමිණ. දුරාශා උත්සාහ කළේ ඒ වරුව නතර වී අයානා වෙනුවෙන් කළ හැකි උදව්වක් කරන්නට ය. නමුත් අයානා ඊට ඉඩ නො දුන්නා ය. "ඇත්තටම නිර්වාණෙ වැහුවත් මට කරන්න ලොකු වැඩක් නෑ. හිතේ තියන අමතු ගැස්ම නිසයි මේක වහල දාන්න හිතුවෙ. ඔයා අදත් දවසම වැඩ කරල...