Tag: ආදර සැලසුම්
කාලය ඉකුත් වූයේය. ෂෙහාරා සහ ආදිත්‍ය එකම වහලක් යට ආගන්තුකයන් සේ ජීවත් වූ අතර ෂෙහාරා යහපත් බිරිඳක වන්නට උත්සාහ දරමින් පසු වූවාය.එහෙත් ඒ කිසිවකට ඇය කළ වංචාව ආදිත්‍ය ගේ හිතෙන් මකා දැමීමට හැකි වූයේ නැත. ආදිත්‍ය කිසිසේත්ම ඔහුගේ තීරණය වෙනස් නොකළ අතර දික්කසාදයේ පළමු නඩු වාරය සඳහා ඒ වන...
ආදිත්‍ය ඉක්මනින් පිටවී යාම පිළිබඳව මෞර්යා සිටියේ නොපහන් හැඟීමෙනි. තමා ඔහුව අනුත්තරා ඉදිරියේ අපහසුතාවයට පත් කළා වැනි හැඟීමක් මෞර්යාව පෙළමින් තිබුණි. හදිසි කටයුත්තක් සඳහා ඉක්මනින් පිටව යා යුතු බව පවසා ආදිත්‍ය පිටව ගියත් නිවසට ආ පසුවත් මෞර්යා උන්නේ ඒ පිළිබඳව සිතමිණි.
තමා ඉක්මන් වූවා වැඩි දැයි ආදිත්‍යය ද සිතමින් උන්නේය....
මෞර්යා කාර්යාලය නිමවී " Bakery at the lake " වෙත පැමිණියේ අනුත්තරා මුණ ගැසීම සඳහාය. පෙර දිනයේ දි ආදිත්‍යය සමඟ වාඩි වූ මේසයේම වාඩි වී ඇය අනුත්තරා එනතුරු බලා උන්නාය. ඇයට ආදිත්‍යය ව සිහි වූයේ ඒ නිසාය. තමා කාර්යාලයෙන් පිට වී ආ බව ආදිත්‍යය දන්නෙ නැත. තමා ඒ ගැන...
අභිමන් කාලය ගත කළේ නොසන්සුන්වය. අත්‍යවශ්‍ය වැඩ කිහිපයක් පමණක් නිමා කල ඔහු ලැප්ටොප් පරිගණකය වසා දමා වීදුරු දොරෙන් එහා පෙනෙන කාර්යාලය දෙස බලාගෙන කල්පනාවක නියැලී උන්නේය. පාසල් යන කාලයේදී පවා තරුණියක පිළිබඳව මෙවන් විශේෂ හැඟීමක් ඔහුට දැනී තිබුණේ නැත. සම වයස් මිතුරියන් ඕනෑවට වඩා ඇගෑලුම්කම් පෑ අවස්ථාවන් වලදී ද...
ෂෙහාරා සැහැල්ලු දිග කමිසයකට ටී ශර්ට් එකක් හැඳ යන්තමින් හිස පීරාගෙන නිවසින් පිටතට පැමිණියාය. ඌබර් කාර් රථය පැමිණීමට තවත් විනාඩි දෙකක් ඉතිරිව තිබේ. තමා මේ යන ගමනින් හොඳක් වේවා යයි ෂෙහාරා ඒ විනාඩි දෙක අතරතුර ප්‍රාර්ථනා කළාය.
ආදිත්‍ය මේ අවස්ථාවේ දී තමාට ඇහුම්කන් නොදුන්නත් අනිවාර්යෙන්ම අශිකාට අවනත වන බව ෂෙහාරා...
ආදිත්‍ය උදෑසන හය වන විට පිබිදුනේය. දින ගණනාවකට පසුව සිතේ වූයේ වෙනදා නොවූ තරමේ සැහැල්ලුවකි. ඒ වන විටත් ෂෙහාරා නිදා හුන් නිසා ආදිත්‍ය නාන කාමරය වෙත ගොස් රැවුලද පිළිවෙලට කපා ගෙන පැය බාගයක් පමණ නා ගත්තේය. ආදිත්‍ය නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට ෂෙහාරා කාමරයේ සිටියේ නැත.
ආදිත්‍ය පෙරදා රාත්‍රියේ සූදානම්...
" එතකොට ඔයා මැරීඩ් ද ආදිත්‍යය ? "
මෞර්යා ඒ ප්රශ්නය ඇසුවේ සිහින් හඬිනි. ඇත්තටම ඇය එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ආදිත්‍ය ගේ වයස අවුරුදු තිස් පහකි. එසේ බලන විට ඔහු මේ වන විට විවාහකයෙකු වීම සාධාරණය.
" ඔව් මෞර්යා. ඒත් ඒක ෆේල්ඩ් මැරේජ් එකක්"
ආදිත්‍ය පිළිතුරු දුන්නේ කම්පාවෙනි. නොසිතූ විරූ ලෙස...
අභිමන් නීතිඥවරයා හමුවීමට ගොස් නැවත නිවසට ගියේ නැත. නීතිඥවරයා හමුවේ සිදුවූ සියල්ලක්ම පැවසීමට සිදුවූ නිසාත් , හිතේ තිබුණු තුවාල සියල්ලක්ම නැවත නැවතත් පෑරී තිබුණු නිසාත් නිවසට යාමට ආදිත්‍ය හට හිත දුන්නේ නැත. අරමුණකින් තොරව ඔහේ වාහනය පැදවූ ආදිත්‍ය වාහනය නතර කළේ ඇවිදින මං තීරුව අසලය. රියදුරු අසුන දිග ඇරගත්...
ෂෙහාරා සුවය ලබා නිවසට පැමිණියාය.ආදිත්‍ය අත්‍යවශ්‍යම කාරණාවකට හැරුණු කොට ඇය සමග කතා කරන්නට ගියේ නැත. එහෙත් ඇය වෙනුවෙන් කළ හැකි සියලු යුතුකම් ඉටු කරමින් ආදිත්‍ය නිවසේම රැඳුනේය. ඒ නිවසේ සිට වැඩ කරන්නයි අභිමන් කියූ නිසාය.
" මේ වගේ ප්‍රශ්නෙක ඔලුව තියා ගෙන අයියට ඔෆිස් ඇවිල්ලා වැඩ කරන්න බැහැනේ. මං අයියගේ...
ෂෙහාරා රෝහල් ඇඳ මතට වී කල්පනා කරමින් උන්නාය.තම දෙමව්පියන් ආදිත්‍ය ගේ දෙමව්පියන් මුණ ගැසීමට යන බව කියා දැන් පැය ගණනාවක් ගත වී ගොස් ඇත. ආදිත්‍යද නිවසට යන බව පවසා රෝහලින් පිටවී දැන් බොහෝ වේලාවකි. අනිවාර්යෙන්ම දෙමව්පියන් ගේ හමුවට ආදිත්‍යයට ද කැඳවීමක් ලැබෙන්නට ඇත. එසේ නම් මේ වන විට සියලු...