fbpx

Tag: ඈත දුර ආකාසේ

"අපි එයාට ළං වෙලා අවුරුදු පහහයක් ඇති.ළඟදි මුණ ගැහිච්ච අපිට එයාව හදා ගන්න පුලුවං කියල හිතන ආන්ටිට ඇයි බැරි වුණේ ආදිත්‍ය අවුරුදු විසි පහක් තිස්සේ හදා ගන්න.." අක්කාගේ තර්කයට ඔල්වරසන් නගන්නට තරම් සතුටක් සඳලිට හට ගත්තා ය.නැන්දම්මාගෙන් ලැබෙන අතොරක් නැති හිරිහැර සහ දුක් පීඩා ගැන ෆේස්බුක් කාන්තා සමූහයන්ට ලියා එවන...
"මගෙ අහිංසකය ඉස්පිරිතාලෙ දුක් විඳිනව.මෙතන මුං පාටි දානව.." ආදිත්‍යගේ අම්මා නිවසට ගොඩ වූයේ කෝපයෙන් වියරු වැටී ය.රශ්මිත් රොෂේනුත් ඈ කෙතරම් කෝප ගන්වා තිබුණේදැයි කිවහොත් ඇයට අවශ්‍ය වූයේ විශාල රණ්ඩුවක් ඇති කර ගන්නට ය. "මියුරු..ගේ ඇතුළෙන් ඉන්න.." රනුක වහා මියුරුව ඇතුළු කාමරයකට ගත්තේ ය.කෑගසමින් වියරුවෙන් හැසිරෙන ගැහැනියට හොඳ දෙකක් කියන්නට ආ ආවේගය සඟවා...
හොඳ යාළුවන්ට කතා කරන්නට ඕනෑතරම් දේ ඇත.ආදිත්‍යට ළං වීම නිසා පාසල් මිතුරියන් පවා අතේ දුරින් ආශ්‍රය කරන්නට සිදු වූ තුරුලිට මිතුරුකම උණුසුම සහ ආදරය පිරුණු එකක් බව වැටහෙන්නට මියුරු සමඟ දෙහෝරාවක් පමණ ගෙවන්නට සිදු විණි.ඔහු ආදිත්‍ය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත.නමුත් ඔහු ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයේ විස්තර අසා...
ආදිත්‍ය හිත් පීඩා ඇති වූ ඕනෑම මොහොතක කරන්නේ තමන්ගේ සිරුරට රිදවා ගැනීම ය. කුඩා කාලයේ ඕනෑ දේවල් නොලැබුණු විට හිසකෙස් කපා ගැනීම, අතපය සූරා ගැනීම ආදියෙන් ඇරඹුණු ඔහුගේ මේ ක්‍රියාව නවතන්නට අම්මා කිසිසේත්ම උත්සුක වූයේ නැත.ඈ කළේ පුතුගේ ඉල්ලීම කෙසේ හෝ ඉටු කිරීම ය. ඉන් නොනැවතී ඔහුගේ ඇට්ටරකම ගැන...
තුරුලි තිගැස්සී ගියේ ඈට හඬ ගසන හඬිනි.මෝටර් රථය නැවැත්වීමට නොහැකි තැනක පවා එය නවතා වේගවත් ගමනින් ඇය වෙත එන රශ්මි දෙස තුරුලි බලා සිටියේ ගල් ගැසී ය. "දැං තමුන්ට සනීපද?" රශ්මි කෝපයක් මවා පානවා විනා ඇය සිටින්නේ සැබෑ කෝපයකින් නොවන බව තුරුලිට වැටහිණ.ඇය කිසිත් නොකියා යන්නට සැරසුණේ එනිසා ය. "අර අහිංසක කොල්ලා...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව තුරුලි උගනින්නට පටන් ගත්තා ය. අවුරුදු දහ හතක කෙල්ලක කාලයේ සිට ජීවිතය අත් මිටෙන්...
බිඳී යාම් පිළිසකර වෙන්නට කාලය ඔසු ගල්වන්නේ සෙමිනි;ප්‍රවේසමිනි.අක්කාට යළි සැකසෙන්නට කාලය උවමනා නම් එයට ඉඩ දිය යුතු බව සඳලි සිතුවා ය.තුරුලි බොහෝ කාලයක් දරා ගත්තේ සුළුපටු වේදනාවක් නොවේ. ඇය කිසිම උගත්කමක් නැති යුවතියක මෙන් ඔහේ සියල්ල දරා සිටියා ය.ඒ දරා ගැන්ම අවසන් වන්නට සැබෑවටම වූයේ කුමක්දැයි සඳලිට සැබෑවටම කුතුහලයක්...
අම්මාගේ මුහුණේ ඇඳුණු සිනාව ද ආදර නෝක්කාඩු බැල්ම ද සඳලිට කුහුලක් ඇති කළේ ය.ඇය අම්මා දෙස බැලුවේ විමසිල්ලෙනි. "අක්කව ඉල්ලගෙන මනමාලයෙකුයි අම්මයි ආවා.." සඳලි කේක් කැපීම නවතා වහා අම්මා දෙස බැලුවා ය.ඇය මතු වූ අපුල නිසා කේක් ගෙඩිය පෙට්ටියට දමා වසා දැමුවා ය. "ප්‍රශ්න තියනවනෙ අම්මෙ.ඒවා දැනගෙන අම්මා අර ආර්යාවයි හෝතඹුවයි ගෙට...
තුරුලි කුමන හෝ මොහොතක අමතන තෙක් මඟ බලමින් සිටි ආදිත්‍ය කෝපයෙන් දැවෙන්නට පටන් ගත්තේ ය. ඇය ඕනෑම මොහොතක මෙල්ල වන මන්තරය වුයේ "මං මේක නවත්තනවා" කීම බව ඔහු දැන සිටියේ ය.නමුත් මේ වතාව සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත.ඇය තමන්ව සත පහකට ගණන් නොගැනීම ම ආදිත්‍ය වියරු වට්ටන්නට සමත් වී...
"ඔයාගේ යාලුවෝ මං එනවට කැමති වෙයිද?" සාමාන්‍ය යුවතියකට පැමිණිය හැකි ගැටළු අක්කාටත් පැමිණෙමින් තිබීම ගැන සඳලිට ඇති වූයේ සතුටකි.ඇය උස්හඬ දෙන සිනාවකින් ඒ සතුට පිට කළා ය. "හයියෝ.. පිස්සුද අක්කා.මගේ යාලුවො ඔයාගෙත් යාලුවො තමයි.." ඇය සැහැල්ලු හඬකින් අක්කාට පැවසුවා ය.ඈත ප්‍රදේශවලට චාරිකා යන අවස්ථාවක පමණක් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයකට යන්නට හෝ...