Tag: ඈත දුර ආකාසේ

"මියුරුගෙ ගෙදරින්ද?" තුරුලි ඇසූයේ ඇඳෙන් බසින්නටවත් උවමනාවක් නැතිව ය.ඔවුන් පැමිණෙන්නට ඇත්තේ සම්බන්ධතා අත් හිටුවා දමන්නට ය.එහි වරදක් තුරුලිට නොදැනිණ.මියුරු මේවායේ පැටලීම ගැන ඇයට පවා වූයේ දුකකි. "මං එන්නද?" මියුරුගේ අක්කා අරුණි කාමරයේ දොර අසල සිට ඇසුවේ ද ඒ මොහොතේ ය.සඳලි ඇයට එන්නැයි පවසද්දී රනුක කාමරයෙන් පිට වූයේ අරුණි අත සිටි කුඩා...
ඒ රාත්‍රිය නිවසේ කිසිවෙකුට ද නින්ද ළඟා වූ රාත්‍රියක වූයේ නැත.දවසේ කම්පනය තමන්ගේ දිව්‍ය ලෝකය දුටු මතින් පුපුරා ගිය හෙයින් තුරුලිට තදින් උණ ගැනිණ.සිදු වූ දෙය අදහා ගන්නට නොහැකිව හූල්ලන අම්මා පුටුවක වැතිර ඔහේ සිටියා ය.ආදිත්‍ය මොනයම් මොහොතක හෝ කඩා වදින්නට ඉඩ ඇති බව දන්නා රනුක ඔහුගේ මිතුරන් කිහිප...
"අක්කා කෝල් කරානෙ.." සඳලිගේ හඬ වේගවත් ය.සතුට ද දුක ද සැනසීම ද පිරුණු ඇගේ හඬ මියුරු ද විසන්ධි නොවූ දුරකථනයක එහා ඉම සිට අසා සිටියේ ය.අම්මා ද ඈ වාරු කරගත් සඳලිගේ මිතුරියක ද නිවසින් පිටතට පැමිණිය හ.සීසීටීවි ආරංචිය රැගෙන ආ ඉදිරිපස නිවසේ කාන්තාව දෙවියන්ට හිස අත් බැඳ පින් දුන්නා ය. "අක්කව...
තුරුලි දෑස් හැරියා ය.අවට පරිසරයේ කිසිම ගැටලුවක් නැති බව දැනෙන තුරුම දෑස් තද කර පියා හිඳින්නට වෙර ගත් ඈ දෑස් හැර හාත්පස බැලුවා ය.බිත්තියේ ඇති ඔරලෝසුව හවස හතරට ආසන්න බව පවසයි.තව හෝරාවකින් රෝගීන් බලන්නට දෙන වෙලාව පැමිණෙනු ඇත.සියල්ල විසඳා ගන්නට හෝරාවක් ප්‍රමාණවත් බව ඈ සිතුවා ය. "මිස්..මිස්.." ඇය එහා ඇඳේ සිටින...
සඳලි රැකියාවට යන්නට පිටත් වූයේ තනිව හිනැහෙමිනි.ඇය තදින් නිදා සිටින සඳලි අවදි කරන්නට කිහිප වරක්ම කල්පනා කළා ය.නැගණිය රාත්‍රිය ගෙවී පාන්දර උදා වන තුරුම පරිගණකයේ ඇස අලවාගෙන පැවැරුමක සිරව සිට දැන් තද නින්දක ය.සඳලි පාඩම් කාමරයට වී පාඩම් අහවර කරනතුරු ම තුරුලි ද සිටියේ අවදියෙනි.නින්ද අහලකවත් නොවූ රැයක් ගෙවා...
රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.මිදුලේ ඇති සිමෙන්ති බංකුවකට වී නොපෙනෙන ඈත අහසට නෙත් යොමා හුන් තුරුලි සිටියේ ගීයකට සවන් යොමාගෙන ය.සඳලි පැමිණ ඈ අසල අසුන් ගත්තේ හඬ නොනගා ය.අක්කාත් සමඟ කුඩා කාලයේ තරු රටා සෙවූ අතීතය සඳලිට සිහි විණි.කෑගසා දඟලන කුඩා දැරියක කර තබා ගත් තාත්තා...
ඉනික්බිති ඇරඹියේ සුවදායක කාලයකි.තුරුලිට සෑම මොහොතකම කරන්නට දෙයක් තිබිණ.ඈ අම්මා සමඟම උදෑසන අවදි වූවා ය.මහමෙර හිසින් දරා ජීවත් වූ කාලය නොතිබූ සැහැල්ලුවක් ඇති නිසා මුළුතැන්ගෙයි කටයුතු වලට පවා අම්මාගේ ලොක්කී ඉත සිතින් දායක වූවා ය.මොකක් හෝ සාරියක් පටලගෙන කොණ්ඩය ගුලියකට බැඳගෙන බසයටවත් දෙන්නට කාසි ඇතිදැයි විපරම් කළ දවස් නපුරු...
"අපි එයාට ළං වෙලා අවුරුදු පහහයක් ඇති.ළඟදි මුණ ගැහිච්ච අපිට එයාව හදා ගන්න පුලුවං කියල හිතන ආන්ටිට ඇයි බැරි වුණේ ආදිත්‍ය අවුරුදු විසි පහක් තිස්සේ හදා ගන්න.." අක්කාගේ තර්කයට ඔල්වරසන් නගන්නට තරම් සතුටක් සඳලිට හට ගත්තා ය.නැන්දම්මාගෙන් ලැබෙන අතොරක් නැති හිරිහැර සහ දුක් පීඩා ගැන ෆේස්බුක් කාන්තා සමූහයන්ට ලියා එවන...
"මගෙ අහිංසකය ඉස්පිරිතාලෙ දුක් විඳිනව.මෙතන මුං පාටි දානව.." ආදිත්‍යගේ අම්මා නිවසට ගොඩ වූයේ කෝපයෙන් වියරු වැටී ය.රශ්මිත් රොෂේනුත් ඈ කෙතරම් කෝප ගන්වා තිබුණේදැයි කිවහොත් ඇයට අවශ්‍ය වූයේ විශාල රණ්ඩුවක් ඇති කර ගන්නට ය. "මියුරු..ගේ ඇතුළෙන් ඉන්න.." රනුක වහා මියුරුව ඇතුළු කාමරයකට ගත්තේ ය.කෑගසමින් වියරුවෙන් හැසිරෙන ගැහැනියට හොඳ දෙකක් කියන්නට ආ ආවේගය සඟවා...
හොඳ යාළුවන්ට කතා කරන්නට ඕනෑතරම් දේ ඇත.ආදිත්‍යට ළං වීම නිසා පාසල් මිතුරියන් පවා අතේ දුරින් ආශ්‍රය කරන්නට සිදු වූ තුරුලිට මිතුරුකම උණුසුම සහ ආදරය පිරුණු එකක් බව වැටහෙන්නට මියුරු සමඟ දෙහෝරාවක් පමණ ගෙවන්නට සිදු විණි.ඔහු ආදිත්‍ය ගැන එකම වචනයක් වත් පැවසුවේ නැත.නමුත් ඔහු ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලයේ විස්තර අසා...