Tag: පිණි මුතු පලසක්
“මම දැන් බහින්න ළඟයි” කියා සමුධ්‍යා කිව්වේ බංගදෙණිය හන්දියේ බස් නැවතුමට කොළඹ - ආණමඩුව බසය කිට්ටුවෙද්දීය.
සමුධ්‍යා ඉන්නේ කොහෙද කියා නිරත්තරයෙන්ම හොයන්නට සමුධ්‍යාගේ අම්මා වගේම අරුණද යුහුසුළු වුනේ සමුධ්‍යා “සෑහෙන දවසක් ගෙදර ඉඳලා ආපහු යන්න කම්මැලි අප්පා” කියා ගෙදරින් නැවත සද්ධානන්ද ඉස්කෝලේ මහතාගේ නවාතැන්පලට යන්නට පමා වූ නිසාවෙනි.
“ඔයාට පික් මී...
ගංගාරාමේ කිට්ටුව කැෆේ එක තිබුණේ බොහෝ දුරට හිස්වය. සමුධ්‍යා අසුන් ගෙන උන්නේ අවන්හල ඇතුළත කෙලවරේම, දෙදෙනෙකු වෙනුවෙන් පනවා තිබුණ මේසයකය. සමුධ්‍යාට එහා පසින් වූ අනෙක් මේස අතුරෙන් පිරී තිබුණේ මේස දෙකක් පමණකි. එයින් එකක විශ්ව විද්‍යාල සිසුන් යුවළක් යැයි සමුධ්‍යා සිතු දෙදෙනෙක් තම ලැප්ටොප් පරිගණක දෙස බලමින් රහසින් කතා...
විදුර උන්නේ එදා රැයේ එක අතක මත් පැන් වීදුරුව දරාගෙන අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරමින් ය. නිවස පුරා විහිදී ගිය නිහඬතාවය, ඔහුගේ මනසේ දෝලනය වන සිතිවිලි වල බර තවත් වැඩි කළේය. බිත්තියේ එල්ලා තිබූ ඔහුගේ විශාල ඡායාරූපය දෙස විදුර බැලුවේය. ඒ පින්තූරයේ හිඳින තමන්ගේ සිනහව දේශපාලන පොරොන්දම් වලින් පිරුණු,...
ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ ඒ ස්පර්ශයටය.
“අම්මා…?” සත්සරා මිමිණුවේ බියෙනි. ඒ වචනවල තැවරී තිබුණේ ප්‍රශ්නාර්ථයක් පමණක් නොවේ, දැඩි සැකයකි.
“ඔව් දුවේ, මම ආවා. මට සමාවෙන්න මම මෙච්චර කල් ඔයා ළඟ නොහිටියට,”...
ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන් පෙනුමක් තිබුණත්, ඒ යටින් සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බව පැහැදිලි ව පෙනෙන්නා වූ සලකුණු වඩා හොඳින් බැලූ කල දකින්නට ලැබුණේය.
දොර විවෘත උනේ දොරට තට්ටු නොකරමය....
“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට කිව යුත්තේ කුමක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් අරුණටවත් දෙව්නිටවත් තිබුණේ නැත.
“ඒ දරුවට අම්මා කෙනෙක් නෑ කියල නේද කිව්වේ?” කියා දෙව්නි ඇසුවේ තමන්ට ලැබුණ විස්තරවල...
විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති බව එළියේ සිට ඇතුලට තමා සොයා ආ පණිවිඩයක රැඳවී තිබුණ එකය.
“ඕකි එහෙනම් මට ගණන් ඔච්චර ඉස්සුවෙ අරූට රෙද්ද උස්සන්න නේද?” කියා හිතමින් ලක්ෂිත බිත්තියට වැරෙන්...
පරමාකන්ද ගමේ පන්සල් භූමියට ඉහලින් පිහිටා ඇති ගල මුදුනට නැගි ඕනම අයෙකුට මුලු පරමාකන්ද ගමම බලන්නට හැකිය. සමුධ්‍යාත් අරුණත් උන්නේ ගල මුදුනේ හිඳගෙන ඈත ඉර බැස යන දසුන දෙස බලාගෙනය. සමුධ්‍යාගේ අත තිබුනේ අරුණගේ අතේ පැටලී අලුත් කතාවක් අරඹන්නට බලාපොරොත්තුවෙන් ය.
“ඔයා ආයෙ කවද්ද කොළඹ යන්නේ?” කියා සමුධ්‍යා අහද්දී අරුණ...
“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි කිහිපයක් නුදුරින් උනත් පන්සල පුරා විහිදී තිබුන හඳුන්කූරු සුවඳට මුසුවුණ සමුධ්‍යා වෙතින් ඇදී ආ සුමුදු සුවඳක් තිබුනේ අරුණගේ නාසය ඔස්සේ දුව ගොස් හදවත පතුලේ තැවරෙමිනි.
“මං...
“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා පිය පදවිය පැත්තෙන් තමන්ගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකු බව දන්නවා නමුත් තමන්ගේ තාත්තා වනාහී එයාකාර තාත්තෙක්ද කියන පැනය ජිවීතයේ පළමු වතාවට ප්‍රභාත්ගේ හිත අසන්නට පටන්...