Tag: පිණි මුතු පලසක්
අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්‍යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන උන්නා වුන් ඒ කතාව සද්ධානන්ද ජෝඩුව වගේම අනෝමාව සහ ගුණවතීවත් තිගස්සන්නට හේතු වුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. සියල්ලන්ම ගිල දමන්නට හේතු වුන නිහැඬියාව උපන්නේ...
තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව මාස ගණනාවකට පසුව අරුණව ගෙදර බලා පිටත් කර එවන්නට හේතු වුණ බව ඇත්තකි. ඒ ගමනේදි සමුධ්‍යාව හමුවන බවත්, ඒ වනාහී නොකියූ කතන්දර බොහොමයක් කියන්නට හේතු...
ගුණවතීගේත් සත්සරාගේත් පුංචි පොල් අතු පැලට ගිනි තිබ්බේ විදුර වීරබද්ධන බව තේරුම්ගන්න එක ගමේ කිසිම කෙනෙක්ට අපහසු උනේ නැත. මිනිස්සු පුදුම උනේ ලක්ෂිතව සිර භාරයට ගත්තයින් පසුව මෙහෙම දෙයක් කරන්නට විදුර වීරබද්ධන මෙච්චර ප්‍රමාද වීම ගැනය. කොහේවත් නොතිබ්බ ගින්නක් එකපාර පත්තු වී මුලු පැලම මහා ගින්නකින් වෙලා ගනිද්දි විදුර...
සමුධ්‍යාව නිවසට ඇරලවා ගෙදර එද්දිත් අරුණ උන්නේ හිත අස්සේ මහා සිතුවිලි වැස්සක හිරවීගෙනය. එක පැත්තකින් සමුධ්‍යාත් අනෙක් පැත්තෙන් සහෝදරයත් ය. තමන් මෙයාකාරයට සමුධ්‍යාට සමීප වීම පවා මල්ලීට කරන ලද වරදක් බව සිහිවෙන වාරයක් පාසා අරුණ අත මිට මොළවා වාහනයේ ස්ටියරින් වීල් එකට පහර දුන්නේය.
“මං කොච්චර මල්ලිගෙ පැත්ත ගන්න හැදුවත්...
“මං ඔයාව ඩ්‍රොප් කරන්නම්” කියා අරුණ අහද්දි සමුධ්‍යා ගැස්සුනේ අරුණ කිසිසේත්ම එවන් යෝජනාවක් කරනු ඇතැයි බලාපොරොත්තු නොවූ නිසාවෙනි.
“ම්ම්ම්…මේ”
“ඔයාට අවුලක් නැත්තම් මට ප්‍රශ්නයක් නෑ සමුධ්‍යාව ගිහින් ඩ්‍රොප් කරන එක. නැත්තම් ඔයාට තව සෑහෙන වෙලාවක් ඉන්න වෙයි නේද වාහනයක් උනත් හොයාගන්න?” කියද්දිත් සමුධ්‍යා ආපසු වරක් දුරකතනය දෙස බැලුවේ වැරදීමකින් හෝ පික්...
ඒ හිමිදිරි උදෑසනේ සමුධ්‍යා උන්නේ කොළඹ බලා යන්නට බස් එකට නැගය. සත්සරාගේ ආරකෂාව තහවුරු කරන බව ළමා හා කාන්තා කාර්‍යංශයේ නිළධාරින් කී නිසාවෙන්ම සමුධ්‍යා උන්නේ අරුණ මුණ ගැසීම සඳහා කොළඹ බලා එන ගමනකය.
“ඒ දරුවටයි ආච්චි අම්මටයි කොළඹ එන්න අමාරු ඇති නේද?සමුධ්‍යාට පුලුවන්ද අර මම ඉල්ලුව ඩොකියුමන්ට්ස් ටික මට ලැබෙන්න...
පොලිස් කාර්‍යාලය තිබුනේ අසාමාන්‍ය නිහඬතාවයකින් සම වැදීගෙනය. වෙනදාක තාත්තා සමග “ෆුල් රැස්පට්” පිට ආ ගමන්වලදී තමන් විසින් නිළධාරින් වෙත හෙලන්නට යෙදුන ආඩම්බර කාර බැල්මන් සමච්චල් සහගත බැල්මන් බවට පත් වී අද තමන් වෙතට එනු පෙනෙද්දී පොළොව පළාගෙන ගොස් පාතාලයක සැඟවි හිඳින්න පුලුවන් උනා නම් කොපමණ හොඳ ද කියා ලක්ෂිත...
මන්ත්‍රී නිවස තිබුණේ ආනමඩුව ගම්මානයට ඉහළින් පෑයු දහවල් ඉර අව්වට පිච්චෙමිනි. සුපුරුදු පරිදි මන්ත්‍රී තුමා නිවසේ උන්නේ නැති අතර දහවල් ආහාරයෙන් පසු අනෝමා කෙටි නින්දකට වැටි උන් අතර ලක්ෂිත උන්නේ තමන්ගේ කාමරයට වී කුමක් හෝ කරමින් ය. ලක්ෂිත ඒ සියල්ල මැද්දෙත් කල්පනා කරමින් උන්නේ සමුධ්‍යා විසින් එදා පන්සලේදි කියන්නට...
“සත්සරාගේ ස්ටේට්මන්ට් එක, එයා කිව්ව කතාව තමයි සමුධ්‍යා මේ කේස් එකේදි අපිට තියන ලොකුම පෘෆ් එක” කියා දිලානිත් දෙව්නිත් කිව්වේ සත්සරා දෙස බලා අස්වසන සිනාවක් පාමිනි.
“දරුවන්ට කරදර වෙලා දරුවො එන එන ගොඩක් අම්මලා තාත්තලට ඔය ප්‍රශ්නෙ තියෙනවා. එයාලා හිතන්නෙ අර අතට අල්ලන්න බැරි සාක්කි මුකුත් නැතුව මේ දරුවන් වෙනුවෙන්...
සමුධ්‍යාට ගුණවතීත් සත්සරාවත් රැගෙන කිසිවෙකුට නොපෙනී හොර රහසේ කොළඹ ළමා හා කාන්තා කාර්‍යංශය බලා එන්නට උපකාර කලේත් අරුණය. ඒ තමන් හොඳින්ම දන්නා මිතුරෙකුගේ වාහනයක් ආණමඩුවේ පරමාකන්ද ගමට යවන්නට කටයුතු කරය. ගෙදර යන බව කියා සමුධ්‍යා උදේ පිටවුන නිසාත්, ඒ වෙද්දිත් ගුණවතී සහ සත්සරා බංග දෙනිය හන්දියට ඇවිත් උන් නිසාවෙනුත්...