Tag: මන්දාරම් හැන්දෑවක

වියළි කලාපයේ මද්දහන කොහොමටත් උණුසුම් ය.උඳුවප් මාසය කියා වෙනසක් නොවූ හිරු රැසෙහි උණුසුම දරාගෙන බිනර මංසන්දියක නැවතී බලා සිටියේ ය.කුඩා ඉනුලි සිටියේ ඔහුව වැරෙන් බදා ගෙන ය.එහෙත් හිතේ ආවේගය රියේ ආවේගය වැඩි කරතැයි බියෙන් බිනර පැමිණියේ ඉබි ගමනින් ය.ඔහු සිටියේ සසල හදවතකිනි.පැමිණි වේගය නිසා සල්වතුර මහත්මිය මඟ හැරෙන්නට ඇති...
වැව් දිය සියපත් සිය දහසක් දරාගෙන බලා සිටියේ සති කිහිපයකට පෙර වැව් පතුලේ සැඟව යන්නට පැමිණි යුවතිය ඒ වග අමතක කරමින් පුබුදුවන සිනා දෙස ය.වෙද ගෙදර මායිමේ කොහොඹ ගස්වල ළපටි දළු නොනවත්වාම පූදින්නට විය.ඒවා වෙද හාමිනේගේ කුඩා බෙහෙත් වංගෙඩියේ තැලී ගියේ සන්තෝසයෙනි.එළකිරි ද අමු කහද මුසු වී මේඝාගේ දෙකම්මුල්...
ආපසු නිවෙස බලා යන ගමන පුරා ඉනුලි සිටියේ මේඝාගේ ඇකයට වී ය.බිනර ඉදිරිපස අසුනේ නිසා මෝටර් රථයේ පිටුපස අසුන සම්පූර්ණයෙන් ම ඉනුලිටත් මේඝාටත් අයිති විය.නමුත් ඉනුලි සිටියේ මේඝාගේ උකුලේ ය.තාත්තාගේ කාරයට වඩා වේගයෙන් හඳ මාමා ගමන් කිරීම ගැන පැමිණිලි කරමින් කිකිණි සිනා නගමින් හුන් ඈ කියවිල්ල නතර කළේ පූජා...
උඳුවප් සඳ රුවන්වැලි මහ සෑය මුදුනත දිදුලමින් තිබිණ.සඳවතුර සෑ මළුවට ගලා හැලෙන රාත්‍රියේ මේඝා ඉනුලි උකුලේ හිඳුවාගෙන සෑ මළුවේ හිඳගෙන සිටියේ අප්‍රමාණ සැනසීමකිනි.ජනයා රැස් කන උදෑසනකටත් මද්දහනකටත් වඩා සෑ මළුවේ පැවතුණේ නිස්කලංක සැනසිල්ලකි.දන්නා ගාථා සියල්ලම හඬ නඟා කියන සිඟිත්තිය දෙස මේඝා බලා සිටියේ ආදරයෙනි. බිනරත් දිනිඳුත් සිටියේ මේඝාට මඳක් ඈතට...
මේඝා උදෑසන අවදි වූයේ හිරුගේ පළමු රැස් කැරැල්ල පොළොවට එබෙන්නටත් කලිනි.ඈ මුවකට දොවා මුළුතැන්ගෙයට එබෙද්දී මාධවී වෙද හාමිනේටත් යසාටත් සහය වෙමින් සිටියා ය.මේඝා කරන්නට වැඩක් සොයා මුළුතැන්ගෙය හාත්පස නෙත් විහිදවූවා ය. "පුතාට කරන්න තරම් වැඩක් නෑ. ඕවා මමයි යසයි කරගන්නං..මං අක්කටත් හැමදාම කියනව අන්තිම මොහොතේ සාරි පටලගන්න බලන් ඉන් නැතුව...
සාලයේ ඇති ගුවන් විදුලියේ සිහින් සරින් පිරිත් වාදනය වෙද්දී වෙද ගෙදර නිහඬතාවයේ ගිලී ගොස් තිබිණ. දවස පුරා සෙනුරිගේත් සෙනුජගේත් සිනා කෙළි කවට දරා ගනිමින් හිඳින වෙද ගෙදරට ගිමන් හරින්නට ඇත්තේ රාත්‍රියේ සුළු ඉඩකඩක් පමණි.රෑ බෝ වෙනතුරු බෙහෙත් කාමරයේ හුන් වෙද මහතා හීන් හඬින් ගෙරවිල්ලක ය.අත් උදව්වට යසා හිඳිය දී...
දෙසැම්බරයේ සීතල සුළඟ වැව් දිය හා මුහු වී හමන්නේ ගත හිරිගඩු නංවමිනි. මේඝා සැඳෑ අඳුර ගලා එන්නට හැර මිදුලේ ඇවිදිමින් හුන්නේ කුඩා සෙනුජ ඔසවාගෙන ය.දහඅට මස් වියැති සෙනුජට එක තැනක එක මොහොතක් රැඳීම බොහෝ අපහසු ය. ඔහු නොනවත්වා එහෙමෙහෙ දුවන්නටත් වල් පැළ උගුල්ලා කටේ දමා ගන්නටත් හපනෙකි.නමුත් රෑ කළුවර...
මේඝා කිරි වීදුරුව එකහුස්මට පානය කළ සාලයට එබිකම් කළා ය.ඒ බිනර විය හැකි බව ඈ දැන සිටිය ද ඊයේ වෛද්‍යවරිය පැවසූ සියල්ල ඔහු සමඟ බෙදා ගන්නට ඇයට උවමනා විය.සියල්ල අසා හිඳිමින් ධෛර්යය දෙන හොඳම මිතුරෙකු හිඳීම අන්ධකාර රාත්‍රියක තාරුකා එළියක් දකිනවාටත් වඩා සන්තෝසජනක හැඟීමක් වග මේඝා විශ්වාස කළා ය.බිනර...
නිමාෂා ඉතා කාර්යබහුල හෝරා අතර පැටලී සිටියා ය.දූෂණ නඩුවක වින්දිතයෙකු බවට පත් කුඩා දැරියක වෙනුවෙන් කළ හැකි සියලුම යහපත කරන්නට ඉටා ගත් ඈ සිටියේ සැකකාරයන් වැරදිකාරයන් කරන්නට හැකි සෑම දෙයම කරමිනි.වසන්ති සල්වතුර,ඇගේ නැන්දණියගේ රුව මතු වූයේ ඒ මොහොතේ ය. "ෆෝන් එකෙන් පාට් දානවා මිසක් ඔයා මේ නැන්දි උන්නද මළා ද...
මේඝා පූජා නගරය හරහා එද්දී සිටියේ බොහෝ සන්සුන්ව ය.වෛද්‍යතුමිය බොහෝ වෙලාවක් ගනිමින් ඇය සමඟ කතාබහක යෙදුණා ය.මේඝා සැහැල්ලුවෙන් රිය කවුළුවෙන් එපිටට නෙත් යොමා හිඳින අන්දම දිනිඳු සියුම්ව පිරික්සුවේ ය.හැන්දෑව මන්දාරමකින් වැසී ගොස් ය.ඒ සිහින් හිරිපොදට නෙත් යොමාගෙන මේඝා ඉගිල යන්නේ කොහේදැයි දැන ගැනීමේ ආශාවක් දිනිඳු වෙළා ගත්තේ ය. "අක්කා..අපි හෙටානිද්දා...