Tag: මන්දාරම් හැන්දෑවක

මේඝා දිනිඳුගෙන් දෑස් මුදවා නොපෙනෙන අහස් කුස මත දෑස් රඳවා ගත්තා ය.හැන්දෑ අහස අද රත් පැහැ නැත.අඩුම තරමේ තඹ පාටක සේයාවක් වත් නැත. අද අහසේ මන්දාරමක් තැවරී ඇති බව ඈ දුටුවා ය "මේඝා, ලෑස්ති වෙලා එනවද? මං ආවේ ඔයාවයි සඳලිවයි ගමනක් එක්ක යන්න." දිනිඳු හැන්දෑ නිහඬතාවය බිඳ දැමී ය.මේඝා කුතුහලය...
නිමාෂාට තම නැන්දණිය ගැන කෝපයක් ඇති නොවිණි.සමානාත්මතාවය සහ අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටින ඇය එවැනි ගැහැනු දරුවෙකුට සාධාරණයක් ඉටු කරන්නට යන තරිඳු ගැන බියටත් කෝපයටත් පත් වීම මහත් අරුමයක් නොව සාමාන්‍ය මනුෂ්‍යත්වයේ ස්වභාවය බව නිමාෂා දැන සිටියා ය. "මං දන්න ලේඩි කෙනෙක් හිටියා නිමා ඔයාලගෙ නැන්දා වගේම සල්ලිකාරියක්.සෝෂල් සර්විස් බැඳගෙන කරන්නේ.එයාගෙ...
අයියා වෙසෙන කුඩා නිවහන පුරා ඇවිදිමින් තරිඳු බොහෝ වෙලාවක් ගත කළේ ය.ඔහු මෙවැනි ජීවිතයක් ගෙවිය යුතු කෙනෙකු නොවේ.දුෂ්කර පළාතක වෛද්‍යවරයෙකු වන සිහිනයක ඔහු ගිලී සිටි බව තරිඳුට අමතක නැත.එහෙත් ඒ දුෂ්කර මිනිසුන්ට බොහෝ උදව් කරන්නට පවා මිල මුදල් ඇති පවුලක වැඩිමහල් දරුවා වූ අයියාට තමන්ගේ දියණිය සාමාන්‍ය පවුලක දැරියක...
බොහෝ කාලයකට පසු හමු වූ දෙසොහොයුරන්ට වැළඳ ගැන්මට ඉඩක් නොලැබුණි.කාලාන්තරයකට පසු අයියාගේ මුණ ගැසීම සමරන්නට තරිඳුගේ හිත තුළ සැලසුම් පවා තිබිණ.එහෙත් අහම්බයකින් සිදු වූ අනතුර නිසා දිනිඳු වැව් පිටියට එද්දී තරිඳු හුන්නේ මේඝා අසලින් හිඳගෙන වෙහෙස නිවමිනි; පාන්දර වැවකට පනින්නට සිදු වීම නිසා සීතලෙන් වෙව්ලමිනි. "මල්ලි මෙයා ගිලෙනකොට ද දැක්කේ?" බොහෝ...
තරිඳු රජරටට පැමිණියේ මැදියම ඉකුත්ව පැය තුනකටත් වඩා ගෙවෙද්දී ය.ඉතා වේගයෙන් හදවත ගැහෙද්දී නටබුන් අතර මාර්ගවලින් ඔහු රිය ධාවනය කළේ අයියා දකින තුරු දෑස් කකියද්දී ය. සය වසරක් කුඩා කාලයක් බව සිතන්නට නොහැකි ය. "අයියා පැත්තකට උනාට පස්සෙ ලෝකෙ පෙරලල හරි මට එයාව හොයන්න තිබ්බ.." ඔහුට එසේ සිතිණ.නමුත් හැකිතාක් අයියා සොයන්නට...
බටහිර අහස පුරා රත් පැහැය ඉහිරී තිබිණ. වළාකුළු සිතුවම් දෙස බලා හුන්නේ ය.අහස් ගඟ වෙතින් මෑත් වූ වළාකැටි මිරිසවැටියේ කොත් කැරැල්ලේ හැපෙන තරමට පහතින් ගමන් කරන අන්දම දිනිඳු බලා හුන්නේ ය.ගෙමිදුලට මිරිසවැටියේ දුරස්ථ රූපයක් දර්ශනය වීම අතීතයේ සමාධි බොහෝ ප්‍රිය කළ හැටි දිනිඳුට සිහිපත් විණි. "මං දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්...
මේඝා සනසමින් සඳලිටත් බිනරටත් හිඳින්නට හැර දිනිඳු පිටව ආවේ මේඝාගේ මානසික තත්ත්වය ගැන සිතමිනි.ඈ මුහුණ දුන් කටුක අත්දැකීම් තමන් සහමුලින්ම දැන සිටින බවක් මේඝාට හඟවන්නට දිනිඳුට ඕනෑ වූයේ නැත. එනිසා ළඟම මිතුරන් සමඟ ඇයට රැදෙන්නට හැර දිනිඳු නිවස වෙත ආවේ ය. ඔහුගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය. නොදන්නා දුරකථන...
ඉකි ගසමින් හඬන මේඝා සැනසීම ගැන කිසිදු අදහසක් නැතිව සිටි දිනිඳු සැනසුම් සුසුමක් හෙලූයේ මේඝා නුදුටු පණිවිඩයක් ද එහි ඇතැයි පෙනී යද්දී ය. "හනේ මොට්ට ආච්චියෙ… අනුන්ගේ මැසේජ් බාගයක් හොරෙන් කියෝලා විලාප ගහන්න එපා බං.. මේ ඔක්කොම කියෝනවා.." දිනිඳු පෙන්වූ දෑ දුටුහැටියේ බිනර මේඝා අසලින් හිඳ ගත්තේ එසේ කියමිනි.මේඝාට දෑස් හැර...
ජනිඳු දඬුවම් ලැබිය යුතු මිනිසෙකු බව ඇත්තක් වුව ද ඔහුට විරුද්ධ නඩු මඟට ගොස් මේඝා සාක්කි කූඩුවල අපහසුවට පත් වෙනවාට බිනරගේ කැමැත්තක් නොතිබිණ.දිනිඳුගේ යටි සිත මේඝා යළි ජනිඳු හමුවනවාට කැමැත්තක් දැක්වූයේම නැත. අරමුණු වෙනස් වුව ද අවසානයේ ඔවුහු එක් තීරණයකට පැමිණියහ. ඒ මේඝා ගැන තොරතුරු නිමාෂාට සඟවන්නට ය. බිනරගේ තීරණයට...
මේඝා අප්‍රමාණ සතුටක් හිත දරා හුන්නේ අහම්බයකින් පෙර පාසල් ගුරුතුමියක වීමට ලැබීම නිසා ය. අගනුවරට තදාසන්නයේ පිහිටි නම් දැරූ ජාත්‍යන්තර පාසලක පෙර පාසල් ජාලයේ ගුරුවරියක වීම සහ මේ ගම්මානයේ ළදරු පාසල් පාලිකාව වීම එකිනෙකට වෙනස් බව ඇය දැන හුන්නා ය.එහෙත් ඈ සිටියේ ඒ දරුවන් දෝතින් වැළඳ ගන්නට මඟ බලමිනි.සුදු...