Tag: මන්දාරම් හැන්දෑවක

මේඝා රජරට ට නික්ම ගොස් තෙමසක් ද ගෙවුණු වග තාරුකාට සිහිපත් වූයේ පෙර පාසලේ වර්ෂාවසාන උත්සවයේ වැඩකටයුතු වලට කාර්යබහුල වෙද්දී ය.ඇය පෙර පාසලෙන් පිට වූයේ ද මේඝා ගැන සිතුවිලිවල පැටලෙන අතරේ ය. මේඝා මේ දිනවල සිටියේ නම් මොනතරම් උදව්වක්දැයි සිතමින් තාරුකා ඇවිද ආවේ බස් රථයට ගොඩ වෙන්නට ය. අතීතයේ...
මේඝා උදෑසනම දිය නෑවේ සතුටිනි.නිදිමත ඇසි පියන් මතින් වැගිරෙමින් තිබුණ ද ඇය සිටියේ සැබෑ සන්තෝසයකිනි.රාත්‍රියේ එක මොහොතකවත් නිදි නොලබා හඬමින් හුන් දවස්වල උදෑසන ඈ ඇස හැරියේ අසීරුවෙනි.බර කරගත් හිසිනි.නමුත් අද දෑස මත මඳක් වෙහෙස තැවරී ඇතිවා.පමණකි. ඇය ඇඟිලිතුඩු පිරිමැද්දා ය.ඒවා ද මඳක් රිදුම් දේ.එහෙත් හදවත ඉතිර යන්නේ සතුටින් ය. මේඝා...
මුහුදු රළ පෙණ බිඳිති විසි කරමින් වෙරළට පැමිණෙන අන්දම ජනිඳු බලා සිටියේ මිෂෙල්ගේ කියවිල්ලට සවන් යොමා ගෙන ය. ඇය තොරතෝංචියක් නැතිව කියවන්නී ය.මේ තමන්ගේ නැවතුම බව ජනිඳු දැන සිටියේ ය.ඇය මේඝා තරම් රූමත් නැත.එහෙත් මූල්‍යමය වටිනාකම් ඇති තැනක නැවතීමේ අගය ජනිඳුට ඉගැන්වූයේ තාත්තා ය. "ආදරේ කන්නද පුතා.අර එක මෝඩයෙක් බලනව,ගිය...
"සඳලි ගැන හිත හිතා වොරි වෙලා වැඩක් නෑ බිනර. ඔයා අඩියක් ඉස්සරහට තියන්නම ඕන.. මං අදටත් හිතන් නෑ මං සමාධි එක්ක මෙහෙ ආපු එක වැරදියි කියල..ඒ වගේ තමයි..හරිම තීරණේ හරිම වෙලාවෙ ගත්තම අපිට කවදාවත් හිතට දුකක් නෑ.." දිනිඳු බොහෝ වේලාවකට පසු පැවසුවේ ය.බිනර හිස ඔසවා යන්තමින් සිනාවක් හෙළී ය. කෙසේ...
පසුදින බිනර වෙනදාටත් කලින් වෙද ගෙදරට පැමිණියේ ය.වෙද මහතාගේ හැම රාජකාරියකටම උදව් දෙමින් අතිශය කාර්යබහුල වූ ඔහු ඉනුලිත් සෙනුරිත් සමඟ සෙල්ලමට පැටලෙන්නටවත් කුඩා සෙනුජ කර තබා රවුම් යන්නටවත් පැමිණියේ නැත.එතරම් වැඩකටයුතු පටලාගෙන වෙහෙසෙන ඔහුට ගස්ගෙඩි කඩන්නට අඬ ගසන්නට තබා කොහොමදැයි අසන්නටවත් මේඝාට සිත් නොවිණි.ඈ ඔහුට කුමක් වීදැයි සිතන්නට වූයේ...
මේඝා සැනසීම ඇති තැන් සොයන්නට වෙහෙසුණා ය. පොඩි අක්කාගේ කුඩා පුතු ඇගේ තුරුලට නියම විණි.කාර්යබහුල රාජ්‍ය නිලධාරිනියක වූ පොඩි අක්කා මාස නවයක පුංචි සෙනුජව මේඝාට පැවරුවේ ඈ සෙනුජට දෙවැනි අම්මා කෙනෙකු වන බවට විශ්වාස නිසා ය.වෙදගෙදර කටයුතු ද වගාබිම් සහ වතුපිටි ගැන සොයා බැලීම් ද සෙනුරිගේ අතුරුදහන් වීම් සහ...
දිනිඳු බොහෝ වෙලාවක් හුන්නේ කල්පනාවක ය.මේ ඇමතුම ගත යුතු එකක් දැයි සිතමින් ඔහු දිගු වෙලාවක් කල් මැරී ය.ඉනුලි සුව නින්දේ ය.ඈ සමඟ ගෙවී යන වෙලාව අල්ප වීම ගැන දිනිඳුට දැනෙන්නේ දරා ගත නොහැකි වේදනාවකි.රෝහලේ කාර්යබහුල වූ පසු ඩිස්පෙන්සරියේ කටයුතු වල නොයෙදී හිඳින්නට ඔහු අනේක වරක් කල්පනා කර තිබිණ.එහෙත් හැන්දෑ...
"එයා නැති වෙලා අවුරුදු තුනක්.. බබාට අවුරුද්දක්වත් නෑ සමාධි අක්කා නැති වෙද්දි.." මේඝාගේ හදවත ශෝකයෙන් ගල් ගැසිණ.ඈ දස වියැති දැරියකව හිඳිද්දී අම්මා අහිමි වූ හැටි ඇයට යළි සිහි විණ.මේ කුඩා දැරියට අම්මා අහිමි ව ඇත්තේ මව් උණුසුම ඕනෑම වයසක දී ය.නමුත් තාත්තා තරම් ඉක්මනින් විවාහයක් ගැන නොසිතා කුඩා ළදැරියක රැක...
වෙද ගෙදර දවස ඇරඹෙන්නේ අලුයමේ පටන් ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක වූ පොඩි අක්කා ට එය මහත් පහසුවක් වුව ද නිවාඩුව ගත කරන්නට අක්කාගේ ගෙදර ආ විට මේඝා පාන්දර අවදි වීම ප්‍රිය කළේ ම නැත.නිවාඩුව නිවාඩුවක් වන්නට හොඳින් නිදා ගත යුතුයැයි තර්ක කරමින් ඈ නිදා ගත්තා ය. ඒ නිවාඩුව ගෙවන්නට...
ජනිඳු නිවසට පැමිණියේ මැදියම් රැය ද පසු වී හෝරා තුනක් ද ගෙවෙද්දී ය.මැදුරේ දොරටු විවර කරන්නට ඕනෑම මොහොතක සූදානමෙන් හිඳින සේවකයන් සිටිද්දී ඔහු රැයත් දහවලත් පටලවා ගැනීම ඇරඹුවේ නව යෞවනයෙකු කාලයේ සිට ය.අම්මා හඬා දොඩමින් විස්සෝප වෙද්දී පවා එය නැසූකන් ව හිඳින පුතෙකු වන්නට ඔහු අකාරුණික විය. "තාත්තගෙ අඩිපාරෙත් එකෙක්...